උත්සව සමයේ අපූර්වත්වය පතුරුවමින් කොමර්ෂල් බැංකුවේ කාඩ්පත් වලට දැන් දිවයින පුරා වැඩිම වෙළඳසැල් ගණනකින් 70% ක් දක්වා වට්ටම්

Card promo - Christmas 2025 (LBN)

 වසර පුරාවට ම තම ගනුදෙනුකරුවන්ට හොඳම දීමනා ලබා දීම වෙනුවෙන් කැපවන කොමර්ෂල් බැංකුව, වසරේ විශාලතම කාඩ්පත් ප්‍රවර්ධන වැඩසටහන සමඟින් මෙවර උත්සව සමය ආරම්භ කර ඇත. මෙයින් බැංකුවේ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් හිමියන්හට, වෙළඳ හවුල්කරුවන් 642 කට අධික සංඛ්‍යාවකට හිමි දිවයින පුරා වූ වෙළඳසැල් දහස් ගණනකින් 70% ක් දක්වා වට්ටම් ලබාගත හැකි වේ.

 



 

2025 දෙසැම්බර් 31 වන දින දක්වා ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ දී මෙතෙක් පිරිනමන ලද පුළුල්තම භාණ්ඩ හා සේවා පරාසය වන ඇඳුම් පැළඳුම්, විලාසිතා සහ උපාංග, සපත්තු සහ සම්භාණ්ඩ, ස්වර්ණාභරණ, ලයිෆ් ස්ටයිල් නිෂ්පාදන, රූපලාවන්‍යාගාර සහ රූපලාවන්‍ය උපාංග, ඔරලෝසු සහ උපාංග, ඔන්ලයින් වෙළඳ හවුල්කරුවන්, සුපිරි වෙළෙඳසැල්, සෞඛ්‍ය සේවා, භෝජන සේවා, මෝටර් රථ, හෝටල්, පොත්හල්, සහ චාරිකා සඳහා සුවිශේෂී වට්ටම් හිමිකරගත හැකි වේ. කාඩ්පත් හිමියන්ට මාස 60ක් දක්වා පහසු ගෙවීමේ ක්‍රමයට ගෘහ විදුලි උපකරණ මිලදී ගැනීමේ අවස්ථාව ද ලබා දී ඇත. තවද, තෝරාගත් වෙළෙඳසැල්වලින් සිදුකරන මිලදී ගැනීම් සඳහා ගනුදෙනුකරුවන්ට බැංකුවට දුරකථන ඇමතුමක් ලබා දීමෙන් වාරික වශයෙන් ගෙවීමට පරිවර්තනය කර ගැනීමේ හැකියාව ඇති අතර, ප්‍රිමියම් කාඩ්පත් හිමියන්ට ඔවුන් සඳහා ම සැකසූ විශේෂිත දීමනා ලැබෙනු ඇත.

මෙම ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පුද්ගලික බැංකුකරණය, සිවසුබ්‍රමනියම් ගනේෂන් මහතා මෙසේ පැවසීය: “මෙම උත්සව සමයේ දී අපගේ ගනුදෙනුකරුවන්ට හැකි උපරිමයෙන් ප්‍රතිලාභ ලැබෙන පරිදි සාප්පු සවාරි අත්දැකීමක් හිමිකර දීම වෙනුවෙන් වෙළඳ හවුල්කරුවන් වාර්තාගත සංඛ්‍යාවක් සමඟ අප එක්ව කටයුතු කරනවා. මෙම උත්සව සමය සමරන අතරතුර ඔවුන්ට අර්ථවත් වූ ඉතිරිකිරීම් සමඟින් සැප සහසුව ද අත්විඳිය හැකි වනවා.”

මෙම වසරේ ප්‍රවර්ධන වැඩසටහන, ශ්‍රී ලංකාවේ කාඩ්පත් හිමියෙකුට ලබාගත හැකි විශාලතම උත්සව දීමනා එකතුව නියෝජනය කරන අතර එමඟින් තම ගනුදෙනුකරුවන්හට උසස් වටිනාකමකින් යුත් අසමසම පහසුකම් ලබා දීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව දක්වන කැපවීම නැවතත් තහවුරු වන බව ගනේෂන් මහතා පැවසීය. මෙම වැඩසටහන මගින් දැනට සිටින ගනුදෙනුකරුවන්ට ප්‍රතිලාභ ලබා දෙන අතර ම නව කාඩ්පත් හිමියන් බිහි වීම ද දිරිමත් කරයි. තව ද එමගින්, රට පුරා සිටින සුවහසක් කාඩ්පත්හිමියන්ගේ හොඳම තේරීම ලෙස බැංකුවේ ස්ථානය තවත් ශක්තිමත් කරයි.

ඇමරිකානු ඩොලර් බිලියන 1 කට අධික වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත ශ්‍රී ලංකාවේ පළමු බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව මෙන්ම කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.

දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බැංකුව බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven − two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව