
ගණකාධිකරණය, මූල්‍ය සහ කළමනාකරණ අධ්‍යාපන ක්ෂේත්‍රවල ප්‍රමුඛයෙකු වන ඇල්ෆා ව්‍යාපාරික පාසල තම සිසුන්ට අධ්‍යාපනික ණය පහසුකම් ලබා දීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව සමඟ හවුල්කාරීත්වයක් ගොඩ නඟා ගත් ශ්‍රී ලංකාවේ නවතම උසස් අධ්‍යාපන ආයතනයයි.
සංවිධාන දෙක විසින් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමක් යටතේ කොමර්ෂල් බැංකුව ACCA, CFA, AFM සහ CIA වැනි වෘත්තීය සුදුසුකම් සොයා යන ඇල්ෆා ව්‍යාපාරික පාසලේ සිසුන්ට ආකර්ශනීය කොන්දේසි සහිත ණය ලබා දීමට සූදානමින් සිටී.
කොමර්ෂල් බැංකුව හරහා රැකියා නියුතු සහ රැකියා විරහිත දේශීය හා විදේශීය අධ්‍යාපනය හදාරන සිසුන්ට නම්‍යශීලී කොන්දේසි සහිත අධ්‍යාපන ණය පහසුකම් ලබා දෙයි. බැංකුව පවසන ආකාරයට මෙම යෝජනා ක්‍රමය යටතේ රුපියල් මිලියන 10 ක උපරිමයකට යටත්ව, පාඨමාලා ගාස්තුවෙන් 75% ක්, වසර දෙකක සහන කාලයක් සහිතව වසර හතක් දක්වා ලබා දෙනු ලැබේ.
ඇල්ෆා ව්‍යාපාරික පාසල ශ්‍රී ලංකාව පදනම් කරගත් වෘත්තීය ACCA සහ CFA ආයතනයක් වන අතර භෞතික, මාර්ගගත හෝ මිශ්‍ර ඉගෙනුම් ක්‍රම මඟින් ශ්‍රී ලාංකික සහ ජාත්‍යන්තර සිසුන් සඳහා පන්ති පවත්වයි.
කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ Tier I බැංකුවක් සහ මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් පිහිටුවීම සඳහා බැංකුවට මෑතකදී ඩුබායි මූල්‍ය සේවා අධිකාරියෙන් අනුමැතිය ලැබුණු අතර, මෙම සන්ධිස්ථානය කරා ළඟා වූ ශ්‍රී ලංකාවේ පළමු බැංකුව කොමර්ෂල් බැංකුව වේ. එය බැංකුවේ ගෝලීය පියසටහන පුළුල් කිරීම සඳහා සැලකිය යුතු පියවරකි. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.