ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හවුල්කාර බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව 4 වන වසරටත් කිරුළු පලඳයි

ADB TSCFP Award 2024 (LBN)

ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් වෙළෙඳ හා මූල්‍ය ගනුදෙනු සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හවුල්කාර බැංකුව ලෙස අඛණ්ඩව සිව්වන වසරටත් කොමර්ෂල් බැංකුව ගෞරවයට පාත්‍ර කර ඇත.

සිංගප්පූරුවේ මැන්ඩරින් ඔරිඑන්ටල් හි පැවැති ආසියානු සංවර්ධන බැංකුවේ 10 වන වෙළෙඳ හා සැපයුම්දාම මූල්‍ය වැඩසටහන් (TSCFP) සම්මාන උළෙලේ දී කොමර්ෂල් බැංකුව ජාතික ආර්ථිකයට දක්වන වෙළෙඳ හා මූල්‍ය දායකත්වය වෙනුවෙන් පිදුම් ලැබීය.
 



 

2023 ජූලි 01 සිට 2024 ජුනි 30 දක්වා කාලය තුළදී ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සහාය ඇතිව ශ්‍රී ලංකාවේ වෙළෙඳ සහ සැපයුම් දාම මූල්‍ය ක්ෂේත්‍රය තුළ වැඩිම ගනුදෙනු සංඛ්‍යාවක් වාර්තා කිරීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුවේ ජයග්‍රහණය ඇගයීමට ලක් විය. ADB TSCFP සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුව කීර්තිමත් සම්මාන 36ක් යටතේ හදුනාගත් බැංකු 31න් එකකි.

“ආසියානු සංවර්ධන බැංකුව අපගේ වටිනාම හවුල්කරුවෙකු වන අතර, ශ්‍රී ලංකාවේ විශාලතම වෙළෙඳ පහසුකම් සපයන ආයතනයක් බවට කොමර්ෂල් බැංකුව පත් කිරීමේ එහි දායකත්වය බෙහෙවින් අගය කරන්නෙමු,” යනුවෙන් කොමර්ෂල් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී – ආයතනික බැංකුකරණ බී.ඒ.එච්.එස්. ප්‍රීනා මහතා පැවසීය. “වෙළඳාම ආශ්‍රිත අවදානම් වලින් ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් යන දෙපිරිස ආරක්ෂා කිරීමට සහ ව්‍යාපාර වලට එකිනෙකා සමග ගනුදෙනු කිරීම පහසු කිරීමට උපකාරී වන පහසුකම් හා සේවා පිරිනැමීමට ආසියානු සංවර්ධන බැංකුව අපට මෙවලම්, ශිල්පීය ක්‍රම සහ උපකරණ සපයයි. මෙම සම්මානය මෙම ක්ෂේත්‍රයේ අපගේ සම්බන්ධතාවයේ සාර්ථකත්වය අවධාරණය කරයි,” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව සහ ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා ජාලයක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 974 ක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව