අවුරුදු සඳහා ගම්බිම් බලා යන ජනතාවට ආලියාන්ස් ගෙනා අවුරුදු නෑගම්

HIG_2203 (1) (LBN)

අවුරුදු කාලයේදී තමන්ගේ පවුලේ ආදරණීයයන් සමග එකට හිඳිමින් අවුරුදු සැමරීම සඳහා ගම්බිම් බලා යන ගමන සියලු දෙනාටම සුවිශේෂීයි. මෙහි ගමනාන්තය සුන්දර බවට පත්කිරීම සඳහා ආලියාන්ස්  සමාගම විසින් අර්ථවත් වැඩසටහනක් දියත් කර තිබිණි.
 



 
ආලියාන්ස් සමාගම විසින් කොළඹ සිට නුවර හෝ පේරාදෙණිය බලා දුම්රියෙන් ගමන් ගන්නා එක් සීග්‍රගාමී දුම්රියක මගීන්ට දුම්රිය ප්‍රවේශපත් වෙනුවෙන් ගෙවූ මුදල යළි ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබූ අතර ගම්බිම් බලා යන ඔවුන් වෙත තම පවුලේ අය සමග බෙදා හදා ගැනීමට කොණ්ඩ කැවුම් පාර්සලයක්ද සූදානම් කර තෑගි වශයෙන් ලබා දී තිබේ. අවුරුද්දට පෙර අවුරුදු මේසය රස ගන්වන්නටත්, දරුවන් සමග බෙදා හදා ගනිමින් ජයටම අවුරුදු සමරන්නටත් ආලියාන්ස් විසින් ලබා දුන් මේ තිළිණය ඔවුන්ට සුන්දර මතකයක් වනු ඇත. නෑදෑයෙකු ලෙස ආලියාන්ස් විසින් සිදු කළ මෙම සත්කාරය අවුරුද්දේ නියම අරුත කියා පෑවේය.

කොටුව දුම්රිය ස්ථානයේ සහ ඒ අවට රැඳී සිටි පිරිසට අවුරුදු අසිරිය ළඟා කරමින් අලියාන්ස් කණ්ඩායම ආලියාන්ස් වාසනා චක්‍රය ක්‍රීඩාව පවත්වමින් ඒ හරහා තවත් ත්‍යාග ලබාදීමේ අවස්ථාවක් සූදානම් කර තිබිණි. ඒ අනුව කොටුව දුම්රිය ස්ථානය  සුන්දර මතක ගොන්නක් බවට පරිවර්තනය කරන ලදී. එම තරගවලින් ජයග්‍රහණය කළ ජයග්‍රහකයන් වෙත විශේෂ ත්‍යාගද ලබා දෙන ලදී. එම ත්‍යාග වඩාත් සුවිශේෂී වන්නේ කොළඹ සිට ගම්බිම් බලා එන අයගේ දරුවන් වෙතත් ඔවුන්ගේ ආදරණීයන් වෙතත් මේ ත්‍යාග වටිනාකමක් එකතු කරන නිසාය.

ලොව දැවැන්ත රක්ෂණ සන්නාමයක් සහ රක්ෂණ සහකරුවෙකු ලෙස නිරන්තරයෙන් ජනතාව හා බැඳී සිටින අලියාන්ස්  සමාගම එතනින් එහා මානුෂීය බැඳීම් වෙනුවෙන් අවුරුදු නෑගම් වැඩසටහන සංවිධානය කළේ මිනිසුන්ගේ හිත හඳුනන ආදරණීය විශ්වාසවන්තයකු ලෙසය.

අලියාන්ස් ලංකා ලෙසින් ද හඳුන්වන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් යනු, ජර්මනියේ මියුනිච් නගරයේ මූලස්ථානය පිහිටා ඇති රක්ෂණ සහ වත්කම් කළමනාකරණය තම ප්‍රධාන සේවාවන් කර ගත් අලියාන්ස් SE නම් ගෝලීය මූල්‍ය සමාගමේ පූර්ණ අනුබද්ධිත ආයතනයකි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව