අලෙවිකරණ ක්ෂේත‍්‍රයේ අනාගත සාර්ථකත්වයට SLIM වෙතින් අත්වැලක්

SLIM Logo

 



 

 

තරඟකාරී ව්‍යාපාරික ලෝකයේ මේ වන විටත් සිදුවෙමින් පවතින වෙනස්වීම් හා නව අභියෝග අතරේ දියුණුව හා සාර්ථකත්වය සොයා යෑමට නම් ව්‍යවසායකයන්, ව්‍යාපාර ආයතන හිමිකරුවන් මෙන්ම වෙනත් වෘත්තිකයන් සියළුදෙනාට ”අලෙවිකරණය” පිළිබඳ යාවත්කාලනී වූ දැනුමක් අත්‍යාවශ්‍ය බව නොරහසකි. අලෙවිකරණය යනු ආයතන ප‍්‍රවර්ධනයට, විකුණුම් හා ලාභය අරභයාම පමණක් වන විෂයක් යැයි පැවැති සාම්ප‍්‍රදායික අදහස බිඳවැටී අද වනවිට  ඕනෑම වෘත්තීය ක්ෂේත‍්‍රයක දියුණුවු උදෙසා වැදගත්වන ප‍්‍රායෝගික විෂයක් මෙන්ම තරඟකාරීත්වයට සාර්ථකව මුහුණ දීමේදී සාර්ථක ව්‍යාපාරයක කෙන්ද්‍රස්ථානය බවට අලෙවිකරණය පත්ව තිබේ. දේශීය ආර්ථිකය සවිමත් කරමින්, ශ්‍රී ලාංකීය ව්‍යාපාර හා වෘත්තිකයන්ගේ සාර්ථකත්වය සුරක්ෂිත කිරීම උදෙසා අලෙවිකරණය පිළිබඳ වෘත්තීයවේදී දැනුමක් ලබාදීම අරමුණු කොටගෙන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් ත්‍රෛමාසික පාඨමාලාවක් ලෙස ඉදිරිපත් කරන අලෙවිකරණය පිළිබඳ වෘත්තීය සහතික පත‍්‍ර පාඨමාලාව (Professional Certificate in Marketing) – (PCM) සඳහා නවක සිසුන් බඳවාගැනීම දැන් සිදුකෙරේ.

අලෙවිකරණ දැනුම සමග ශ්‍රී ලාංකීය ව්‍යාපාර ආයතන හා වෘත්තිකයන් සවිබලගැන්වීමේ ජාතික මෙහෙවරේ නියැලි SLIM වෙතින් ත්‍රෛමාසික පාඨමාලාවක් ලෙස හඳුන්වා දෙන මෙම අලෙවිකරණය පිළිබඳ වෘත්තීය සහතිකපත‍්‍ර පාඨමාලාව (PCM) අලෙවිකරණය පිළිබඳ මූලික දැනුම ලබාගැනීමෙහිලා උපකාරී වේ. අලෙවිකරණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රායෝගික අත්දැකීම් බහුල පළපුරුදු වෘත්තීයවේදී දේශක මඬුල්ලක් සමග මෙම පාඨමාලාව හැදෑරීමේදී ශිෂ්‍යයන් වෙත අලෙවිකරණ මූලික සංකල්ප ප‍්‍රායොගික භාවිතාව තුල යෙදවීම පිළිබඳ උදාහරණ සහිතව හැදෑරිය හැකිය. අලෙවිකරණය පිළිබඳ  වෘත්තීය සහතිකපත‍්‍ර පාඨමාලාව හැදෑරීමෙන් අලෙවි කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව (Postgraduate Diploma in Marketing) සඳහා සුදුසුකම් සපුරාගත හැකි අතර එය ව්‍යාපාර පරිපාලන ශාස්ත‍්‍රපති උපාධිය (MBA in Marketing) දක්වා ඉගෙනීමට අපේක්ෂා කරන්නන් හට ශක්තිමත් අඩිතාලමක් ද වේ.

වයස අවුරුදු 16 ට වැඩි, අ. පො. ස. සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ හදාරා ඇති අයට, අලෙවිකරණ වෘත්තිය කෙරෙහි කැමැත්තක් දක්වන අයට, මූලික අලෙවිකරණ සුදුසුකමක් අවශ්‍ය වන කනිෂ්ඨ අලෙවිකරුවන්ට, අලෙවිකරණය පිළිබඳ න්‍යායාත්මක අවබෝධයක් අවශ්‍ය වන මධ්‍යම මට්ටමේ අලෙවිකරුවන්ට, දැනට ව්‍යාපාරයක නියුතු අයටත්, තමන්ගේම ව්‍යාපාරයක් ඇරඹීමට බලාපොරොත්තුවන අයටත් කළමනාකරණ ක්ෂේත‍්‍රයේ මෙන්ම අනෙකුත් ක්ෂේත‍්‍රයන්ගේ නියුතු වෘත්තිකයන්ට, තමාගේ හැකියාවන්ට සරිලන රැකියාවක් බලාපොරොත්තුවන අයට මෙන්ම අලෙවිකරණය පිළිබඳ  දැනුම ලබා ගැනිමට කැමති අනෙකුත්  ඕනෑම වෘත්තිකයෙකුට හෝ ව්‍යවසායකයෙකුට PCM පාඨමාලාවෙන් වෙනස්වන ව්‍යාපාර ලෝකයේ යාවත්කාලීන වූ අලෙවිකරණ විෂය දැනුම ලබාගත හැකිය

ශිෂ්‍ය ලියාපදිංචිය හා පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර සඳහා

කොළඹ – මන්ජිත 071 612 5898, රුමින්ද්‍ර 071 979 8586

මහනුවර – නිපුණ 071 612 3969, නමිත් 070 335 4513

මාතර – ශෂිකා 070 232 3662, ලහිරු 070 322 7949 අමතන්න.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව