අඹේවෙල බටර් නව පෙනුමකින් සහ වැඩි රසයකින් යළිත් වෙළඳපොළට

Ambewela Butter 3d-LW (LBN)

ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම ‘අඹේවෙල බටර්’ නැවත වරක් වෙළඳපොළට හඳුන්වා දීමට පසුගියදා පියවර ගත්තේ ය. ලංකා මිල්ක් ෆුඩ්ස් යනු මෙරට අතිශයින් ජනප්‍රිය අඹේවෙල සන්නාමය යටතේ පාරිභෝගිකයන් වෙත නැවුම් හා උසස්ම තත්වයෙන් යුත් කිරි නිෂ්පාදන තිළිණ කරන, දීර්ඝ කාලයක පටන් ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය තුළ නොසැලෙන විශ්වාසය දිනූ සමාගමකි. පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා මැනැවින් හඳුනාගෙන, එම අවශ්‍යතාවන්ට ගැළපෙන උසස් ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන්, නව ආකර්ෂණීය පෙනුමක් සහ වැඩිදියුණු කළ ඇසුරුමක් සමගින් අඹේවෙල බටර් මෙලෙස නැවත වරක් වෙළඳපොළට නිකුත් කර තිබේ.
 



 
ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට සහ ව්‍යාපාරවලට ජාත්‍යන්තර තලයේ කිරි නිෂ්පාදන භාවිතා කිරීමට අවස්ථාව සලසා දීම ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගමේ අරමුණ වී ඇත.  සමාගම සතු ගොවිපළවලින් ලබාගන්නා නැවුම් කිරි භාවිතයෙන් නිපදවන අඹේවෙල බටර්, නිවාස, හෝටල් සහ බේකරි ආදියට වඩාත් හොඳින් ගැළපෙන, පහසුවෙන් භාවිතා කළ හැකි බ්ලොක් හැඩයෙන් නිෂ්පාදනය කෙරේ. ලංකා මිල්ක් ෆුඩ්ස් සමගම 2014 වසරේ පටන් බටර් ග්‍රෑම් 200 ඇසුරුම වෙළඳපොළට නිකුත් කර ඇති අතර, රටේ පාරිභෝගිකයන් බහුතරයකට අඹේවෙල බටර්වල නැවුම් රසය අත්විඳීමට අවස්ථාව සලසා දීම සඳහා සිය බෙදාහැරීම් ජාලය වැඩිදියුණු කිරීමටද සමාගම මේ වනවිට පියවර ගෙන ඇත.

“කවදත් අපගේ දැක්ම වුණේ උසස් තත්වයේ දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම තුළින් රටේ කිරි කර්මාන්තය දියුණු කිරීම සඳහා අත්වැලක් වීමයි. අඹේවෙල බටර් නිෂ්පාදන මෙලෙස නැවත වරක් වෙළඳපොළට හඳුන්වා දීමට පියවර ගැනීම, ආනයන මත රඳා පැවතීමේ අවශ්‍යතාව අවම කරමින් නවෝත්පාදනය ඔස්සේ දේශීය ඉල්ලුම සපුරාලීම සඳහා අප දක්වන කැපවීමට මනා සාක්ෂියක්. නව ඇසුරුම මෙන්ම නව නිෂ්පාදන එකතුව සමගින් ශ්‍රී ලාංකිකයන්ට දැන් මෙරටදීම නිපදවන ජාත්‍යන්තර තලයේ කිරි නිෂ්පාදන පෙළක් රස බැලීමට අවස්ථාව හිමි වේවි.” ලංකා මිල්ක් ෆුඩ්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සසංක පෙරේරා මහතා පැවසී ය.

ලංකා මිල්ක් ෆුඩ්ස් පීඑල්සී යනු රටේ ප්‍රමුඛතම කිරි නිෂ්පාදන සමාගමකි. එහි නිෂ්පාදන සඳහා, අඹේවෙල සහ පට්ටිපොළ පිහිටි ගොවිපොළවල බෙහෙවින් හිතකර දේශගුණ තත්වයන් යටතේ ජීවත් වන එළදෙනුන්ගෙන් ලබාගන්නා කිරි භාවිතා කරනු ලැබේ. විද්‍යාත්මක නිෂ්පාදන හා තත්ත්ව පාලන ක්‍රමවේද භාවිතා කරමින්, පිරිසිදු, පෝෂ්‍යදායී හා ඉහළම රසයෙන් යුත් නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දීමට අඹේවෙල සන්නාමය සමත් වී ඇත. අඹේවෙල නිෂ්පාදනවල උසස් ප්‍රමිතිය ආරක්ෂා වීමට බලපාන තවත් ප්‍රධානතම හේතුවක් වන්නේ ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම අනුගමනය කරන Farm-to-table ප්‍රවේශයයි. මෙම ප්‍රවේශය තුළදී ඉහළම ප්‍රමිති මට්ටම් නොවෙනස්ව පවත්වා ගැනීම සඳහා නිෂ්පාදන ක්‍රියාවලියේ සෑම පියවරක්ම දැඩි ලෙස නිරීක්ෂණය කෙරේ. මේ සියල්ල නිසා පාරිභෝගිකයන් වෙනුවෙන් ඉතාමත් නැවුම්, සුරක්ෂිත සහ පෝෂ්‍යදායී නිෂ්පාදන පමණක්ම වෙළඳපොළට නිකුත් කිරීමට ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගමට හැකියාව ලැබී ඇත.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty + 8 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව