අමානා බැංකුවේ මර්ෂාඩ් බාරි මහතා 2024/2025 කාලසීමාව සඳහා ශ්‍රී ලංකා මැලේසියා ව්‍යාපාර කවුන්සිලයේ සභාපති තනතුරට පත් කර තිබේ. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ පිටුබලය යටතේ ක්‍රියාත්මක මෙම කවුන්සිලයේ 30 වන මහා සභා රැස්වීමේදී මෙම පත්කිරීම සිදුකරන ලදි. මෙම රැස්වීම පසුගියදා Hilton Residence හි Union Ballroom ශාලාවේදී පැවැත්වුණු අතර, ශ්‍රී ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස් බද්ලි හිෂාම් ආදම් මහතා එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ පිටුබලය යටතේ ශ්‍රී ලංකා මැලේසියා ව්‍යාපාර කවුන්සිලය ක්‍රියාත්මක වේ.
නව තනතුරේ වගකීම් සාර්ථක ලෙස සපුරාලීම සඳහා අවශ්‍ය දැනුම සහ අත්දැකීම් සම්භාරයක් සතු ඒ මහතා අඛණ්ඩව වසර 3 ක් ශ්‍රී ලංකා මැලේසියා ව්‍යාපාර කවුන්සිලයේ උප සභාපති සහ විධායක කමිටු සාමාජික තනතුරු දැරූ අතර, එම කාලසීමාව පුරාම ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර ව්‍යාපාරික සම්බන්ධතා ශක්තිමත් කිරීම සඳහා සුවිශාල කාර්යභාරයක් ඉටුකළේ ය.
දෙමාපිය රැකවරණය අහිමි දරුවන් සිය වයස අවුරුදු 18 සම්පූර්ණ වී ළමා නිවාසවලින් පිටව ගිය පසු සමාජය තුළ ඔවුන් දෙවැනි වරටත් අත්හැරී යාමේ අවදානම අවමකරලීම අරමුණු කරගත්, අමානා බැංකුවේ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක OrphanCare වැඩසටහනේ නියෝජ්‍ය ප්‍රධානී ලෙස මර්ෂාඩ් බාරි මහතා මේ වනවිට කටයුතු කරයි. තම වෘත්තීය කටයුතුවලට අමතරව මර්ෂාඩ් බාරි මහතා සංවිධාන රාශියක් වෙනුවෙන් තම දායකත්වය ලබා දී තිබේ. මීට පෙර ඒ මහතා ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ රොටරි සමාජයේ දිස්ත්‍රික් අංක 3220 හි සහකාර ප්‍රධානී ලෙස කටයුතු කළ අතර, එම සමාජයේ ‘Public Image Chair’ තනතුර දරා ඇත. එමෙන්ම ඒ මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය සංගමයේ ලේකම් ලෙස සහ ආසියානු මාධ්‍ය සංස්කෘතික සංගමයේ ජාත්‍යන්තර ලේකම් ලෙසද කටයුතු කරයි. ‘Centre for Islamic Studies’ (CIS) හි අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කරන මර්ෂාඩ් බාරි මහතා ‘Moors Islamic Cultural Home’ (MICH) හි විදේශ සම්බන්ධතා සහ තරුණ කටයුතු සභාපති තනතුරද දරයි.
නව තනතුර සම්බන්ධයෙන් මර්ෂාඩ් බාරි මහතා මෙසේ සිය අදහස් පළකළේ ය. “ශ්‍රී ලංකා මැලේසියා ව්‍යාපාර කවුන්සිලයේ සභාපති තනතුර හිමි වීම මා ලැබූ සුවිශාල ගෞරවයක්. ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර ආර්ථික හා සංස්කෘතික සම්බන්ධතා ශක්තිමත් කිරීම තුළින් දෙරටේම දියුණුවට වැදගත් වන අවස්ථා රාශියක් උදාවන බව මගේ විශ්වාසයයි. මේ විශිෂ්ට කණ්ඩායම සමග එක්ව කටයුතු කරමින්, දෙරට අතර සහයෝගීත්වය වර්ධනය කරමින්, දෙරටේම දියුණුව සාක්ෂාත් කරගැනීමට දායක වීමට මා බලාපොරොත්තු වනවා.”