අමානා බැංකුවේ නවතම ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානය වැලිසර දී විවෘත වේ

Welisara SBC Opening

අමානා බැංකුවේ නවතම ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානය පසුගියදා වැලිසර ප්‍රදේශයේදී උත්සවාකාරයෙන් විවෘත කරන ලදි. පාරිභෝගිකයන්ට වඩාත් පහසුවෙන් තම තම බැංකු සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දෙමින් මෙලෙස තම සේවා මධ්‍යස්ථාන ජාලය රට පුරා ව්‍යාප්ත කිරීමට අමානා බැංකුව පියවර ගෙන තිබේ. වැලිසර පිහිටි Phoenix ප්‍රදර්ශනාගාර සංකීර්ණයේ පිහිටා ඇති නවීන පහසුකම් සහිත මෙම මධ්‍යස්ථානය, අමානා බැංකුවේ 59 වන පාරිභෝගික සේවා ස්ථානයයි.

 



 

මෙම විවෘත කිරීමේ අවස්ථාව සඳහා අමානා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල්, උප සභාපති (ව්‍යාපාරික බැංකුකරණ) ඉර්ෂාඩ් ඉක්බාල්, සහකාර උප සභාපති (ආයතනික බැංකුකරණ) රාජේන්ද්‍ර ජයසිංහ සහ Phoenix ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී බුදිත ලේකම්ආරච්චි යන මහත්වරුන් ඇතුළු දෙපාර්ශ්වය නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් ද එක්වූහ.
ඒ අනුව මෙම වැලිසර ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානය මගින් අමානා බැංකුවේ ගනුදෙනුකරුවන්ට දවසේ පැය 24 පුරා මුදල් ආපසු ගැනීම, මුදල් තැන්පත් කිරීම සහ චෙක්පත් තැන්පත් කිරීම යන සේවාවන් ලබාගත හැකි වේ.
මෙම නව මධ්‍යස්ථානය විවෘත කිරීම සම්බන්ධයෙන්, අමානා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල් මහතා මෙසේ අදහස් පළකළේ ය. “අපගේ සේවා ස්ථාන ජාලය තවදුරටත් පුළුල් කරමින්, වැලිසර Phoenix ප්‍රදර්ශනාගාර සංකීර්ණයේ ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙය අපගේ මානුෂ-හිතවාදී බැංකුකරණ ආකෘතිය වැඩි පිරිසක් වෙත සමීප කරවීම සඳහා අප ගන්නා උත්සාහයේ තවත් එක් පියවරක් ලෙස හැඳින්විය හැකියි. මෙම අඩිතාලම ඔස්සේ තව දුරටත් ඉදිරියට යමින් පාරිභෝගික ප්‍රජාවට වඩාත් පහසුවෙන් තම බැංකු සේවාවන් ලබාගැනීමට සහ මූල්‍ය ගනුදෙනු සිදුකිරීමට අවස්ථාව ලබාදීමට අප සෑම විටම උත්සාහ කරනවා.”
අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.
අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten − 7 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව