අමානා බැංකුවෙන් පුත්තලම මූලික රෝහලට වෙන්ටිලේටර් යන්ත්‍ර පරිත්‍යාගයක්

The Bank’s Puttalam Branch Manager Anver Sadath handing over the Ventilator to the Medical Superintendent of the Puttalam Base Hospital Dr H J M A Dushyantha

 




 

අමානා බැංකුව පසුගියදා පුත්තලම මූලික රෝහලට ‘Non-invasive’ වර්ගයේ වෙන්ටිලේටර් යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමට කටයුතු කළේ ය. ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී සිටින දරුණු COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් බොහෝ රෝහල් වල අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපකරණ හිඟයක් පවතින අතර, එවැනි තත්ත්වයක් හමුවේ අමානා බැංකුව පරිත්‍යාග කළ මෙම යන්ත්‍රය රෝගීන් රැසකගේ  ජීවිත බේරාගැනීමට මහෝපකාරී වනු ඇත.

අමානා බැංකුවේ පුත්තලම ශාඛාවේ කළමනාකරු අන්වර් සදාත් මහතා විසින් මෙම වෙන්ටිලේටර් යන්ත්‍රය පුත්තලම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී එච්. ජේ. එම්. ඒ. දුෂ්‍යන්ත මහතා වෙත භාරදෙන ලදි.

මෙම පරිත්‍යාගය අගය කරමින් වෛද්‍ය එච්. ජේ. එම්. ඒ. දුෂ්‍යන්ත මහතා මෙසේ පැවසී ය. “COVID-19 ආසාදිතයන්ගේ ජීවිත බේරාගැනීමට බෙහෙවින් වැදගත් වන මෙම යන්ත්‍රය අප වෙත පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් මා අමානා බැංකුවට ස්තූතිවන්ත වනවා. මෙම Non-invasive වර්ගයේ වෙන්ටිලේටර් යන්ත්‍රය, අප වෙත පැමිණෙන රෝගීන්ට දිගින් දිගටම විශිෂ්ටතම තලයේ සේවාවක් සැපයීමට අපට උපකාරී වේවි.”

අමානා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා සිය අදහස් පළකළේ මෙසේ ය. “දැඩි සත්කාර අවශ්‍ය වන රෝගීන් විශාල වශයෙන් වාර්තා වීම නිසා මුළුමහත් සෞඛ්‍ය පද්ධතියම දැඩි පීඩනයකට ලක්වී ඇති මේ මොහොතේ, සෞඛ්‍ය සේවයට අත්වැලක් වෙමින් අපගේ යුතුකම ඉටුකිරීමට අපට අවශ්‍ය වුණා. රෝගීන් සුවපත් කිරීම සඳහා අතිමහත් කැපවීමෙන් කටයුතු කරන ඉදිරි පෙළ සෞඛ්‍ය සේවක සේවිකාවන්ට අපගේ කෘතඥතාව හිමිවිය යුතු යි. ඔවුන්ගේ මේ කැපවීම, මුළුමහත් ශ්‍රී ලංකාවම එකට එක්වී COVID-19 පොදු සතුරාට එරෙහිව සටන් වදිමින් සිටින බවට හොඳ සාක්ෂියක්.”

සමාජයට යහපත සැලසීම සඳහා දරන අඛණ්ඩ උත්සාහයේ කොටසක් ලෙස, සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ තවත් ව්‍යාපෘති කිහිපයකටම තම දායකත්වය ලබාදීමට අමානා බැංකුව කටයුතු කර තිබේ. 2006 වසරේ සිටම කළුබෝවිල ශික්ෂණ රෝහලේ ළමා වාට්ටුව නඩත්තු කිරීම සහ රජයේ COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට සැලකිය යුතු පරිත්‍යාගයක් සිදුකිරීම ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. මීට අමතරව අමානා බැංකුවේ ප්‍රමුඛතම සමාජ සත්කාර වැඩසටහන වන ‘OrphanCare’ වැඩසටහනද අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී. ‘OrphanCare’ වැඩසටහන ආරම්භ කරන ලද්දේ, සාමාන්‍යයෙන් අඩු අවධානයක් යොමුවී තිබූ සමාජ ගැටලුවක්ව පැවති, දෙමාපිය රැකවරණය අහිමි දරුවන්ට වයස අවුරුදු 18 ට පිරී ළමා නිවාස වලින් පිටවී යාමට සිදුවූ පසුව ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ අභියෝගය ජයගැනීමේ පියවරක් වශයෙනි. මේ යටතේ දැනටමත් දිවයින පුරා ළමා නිවාස 80 කට අධික සංඛ්‍යාවක ජීවත් වන, දෙමාපිය රැකවරණය අහිමි දරුවන් 3,000 කට වැඩි පිරිසක් වෙනුවෙන්, ඔවුන්ගේ ගිණුම් වලට වාර 8 කදී මුදල් බැර කිරීමට අමානා බැංකුව කටයුතු කර ඇත.

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර හිමි, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි කේවල ආයතනයකි. එහි ප්‍රධාන කොටස්කරු වන, ජෙඩා නගරය පදනම් කරගත් IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. 2020 ඔක්තෝබර් මාසයේදී Fitch Ratings Sri Lanka ආයතනය අමානා බැංකුවේ ජාතික දීර්ඝකාලීන ශ්‍රේණිගත කිරීම ‘BB+(lka) with a Stable Outlook’ ලෙස තහවුරු කළේ ය. ‘ඕෆන්කෙයා’ භාරය (OrphanCare Trust) හැර අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැත.

 

 




 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව