අන්තර්ජාලය හරහා ගෙවීම් සඳහා පළමු වරට ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුව සම්බන්ධ කිරීමට කොමර්ෂල් බැංකුව හා ලංකාපේ එක් වෙයි

LankaClear Chairman Dr Kenneth De Zilwa and Commercial Bank Managing Director Mr S

 




 

ලංකාපේ භාවිතා කරන ගනුදෙනුකරුවන්ට පහසුවෙන් සිය බලපත‍්‍ර ගාස්තු ගෙවීම සඳහා ඩිජිටල් පද්ධතියක් මගින් ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුව සමග සම්බන්ධ කළ මෙරට පළමු බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්වී තිබේ.

මේ අනුව, බැංකුවේ පුද්ගලික සහ ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ට කොමර්ෂල් බැංකුවේ ඩිජිටල් පද්ධතිය තුළින් ඒ මොහොතේම ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුවට ගෙවීම් කිරීමට අවස්ථාව හිමිවන අතර www.combankdigital.com වෙබ් අඩවිය සහ එහි iOS සහ Android ජංගම දුරකතන අයදුම් මගින් මෙයට ප‍්‍රවේශ විය හැකිවේ. බැංකුව සඳහන් කරන්නේ ගනුදෙනුකරුවන් කොතනක සිටියත් ඔවුන්ට පහසු සහ ආරක්ෂිත ඩිජිටල් බැංකුකරණ අත්දැකීමක් ලබාදීම සඳහා මෙම පද්ධතිය කර්මාන්ත මට්ටමේ ආරක්ෂිත ප‍්‍රමිතීන්ගෙන් සුරක්ෂිතභාවයට පත්කර තිබෙන බවයි.

මෙම අන්තර්ජාල ගෙවීමේ විකල්පය භාවිතා කිරීමට ගනුදෙනුකරුවන් ඉතාමත් සරලව මෙම පද්ධතියේ ‘Billers’ අංශයට පිවිස Desired Biller තෝරාගෙන ගෙවීම කළ යුතුබව බැංකුව සඳහන් කරයි. මෙහිදී, ගනුදෙනුකරුවා විසින් ගෙවීම සාර්ථකව සිදුකළ පසුව එම ගනුදෙනුව සනාථ කිරීමට සයිබර් රිසිට් පතක් ලැබෙන බව බැංකුව සඳහන් කරයි.

‘තාක්ෂණික ප‍්‍රවේශය මගින් මේ වනවිට පහසුවට අමතරව කොවිඞ්-19 වසංගතයෙන් ඇතිවී තිබෙන අවධානම් තත්ත්වයට ආරක්ෂාවත් ලබා දෙනවා,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, එස්. රෙන්ගනාදන් මහතා පැවසීය. ‘තාක්ෂණය භාවිතා කිරීම තුළින් ව්‍යාපාරයක් සජීවීව පවත්වාගෙන යාමට මග පාදනවා. තමන්ගේ ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට අපගේ ගනුදෙනුකරුවන්ට සහාය වීමට අපි සෑම අවස්ථාවක් පිළිබඳවම සොයා බලනවා.’

ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුවට අන්තර්ජාල ගෙවීම් සඳහා පහසුකම් සැපයීමට කොමර්ෂල් බැංකුව සමග ඇති කරගත් මෙම ඒකාබද්ධතාවය පිළිබඳව ලංකා ක්ලියර් ආයතනයේ සභාපති, ආචාර්ය කෙනත් ද සිල්වා මහතා මෙසේ අදහස් දැක්වීය. ‘පුද්ගලික අංශයට ගෝලීය වෙළෙඳපොළ අල්ලා ගැනීමට අවශ්‍ය පරිසරය සකස් කිරීමේ ජාතික වැඩසටහනේ වැදගත් අංගයක් ලෙස ඩිජිටල්කරණය කළ රාජ්‍ය අංශයක් නිර්මාණය කිරීම දැක්විය හැකියි. මීට අමතරව, මෙය ශ‍්‍රී ලංකාවේ Doing Business දර්ශකය වර්ධනය කර ගැනීමටත් හේතුවක් වෙනවා. ආනයන සහ අපනයන ක‍්‍රියාවලිය මෙහි ඉතාමත් වැදගත් කොටසක් වන අතර විශේෂයෙන්ම ව්‍යාපාර සහ වෙළෙඳාමට පහසු පරිසරයක් ඇති කිරීමට මෙය වැදගත් වෙනවා. මෙම අවශ්‍යතාවය හඳුනා ගනිමින් රජයේ ගෙවීම් ඩිජිටල්කරණය කිරීමේ මුල්ම වැඩසටහන ලෙස ලංකා ක්ලියර් විසින් මුදල් අමාත්‍යංශයේ සහ මහ බැංකුවේ මාර්ගෝපදේශනය යටතේ ලංකාපේ අන්තර්ජාල ගෙවීම් පද්ධතිය නිර්මාණය කළා.’

ComBank ඩිජිටල් මේ වනවිටත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ භාණ්ඩ, යාත‍්‍රා සහ ප‍්‍රවේශ අවසර පත‍්‍ර ගෙවීම්, ශ‍්‍රී ලංකා රේගුව, සේවක අර්ථ සාධක අරමුදල, සේවක භාරකාර අරමුදල සහ ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යන රාජ්‍ය ආයතනවල ගෙවීම් ඩිජිටල් ආකාරයෙන් කිරීමට අවස්ථාව ලබාදී තිබේ. මෙම ගෙවීම් ලංකාපේ අන්තර්ජාල ගෙවීම් පද්ධතිය හරහා ගමන් කරයි.

පරිසරයට කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන්ම තුලනය කළ ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම 11 වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 931 ක් ක‍්‍රියාත්මක කරයි. බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

 

 

 




 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven + 18 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව