ආයතනික AI සහ ස්වයංක්‍රීයකරණ හවුල්කරුවෙකු ලෙස සිය සේවාව තහවුරු කරමින් Zone24x7, 2026 වසර අරඹයි

Zone24x7 Group Photo (1) (LBN)

Zone24x7 ආයතනය, සමාගමේ 22 වසරක ගමන් මගෙහි වඩාත් ශක්තිමත් වසරක් සනිටුහන් කරමින්, ප්‍රමුඛ පෙළේ තාක්ෂණික තරඟාවලි තුනකදී සම්මාන හතක් දිනා ගනිමින් 2025 වසර සාර්ථකව නිමා කළේය. සිය ඕස්ට්‍රේලියානු සේවාදායකයෙකු සඳහා නිපදවන ලද කාර්මික විකුණුම් යන්ත්‍රයක් (Industrial Vending Machine) වෙනුවෙන් ඔවුන්ට‍ මෙම සම්මාන හිමි විය. එය 2025 ආසියා පැසිෆික් තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සන්ධාන (APICTA) සම්මාන උළෙලේදී එහි දෙවන අනුශූරතාව ඇතුළු ජාතික සහ කලාපීය ගෞරවයට පාත්‍ර විය.



මෙම ඇගයීම් හුදෙක් සම්මානයකට එහා යමින්, ව්‍යාපාරික ක්ෂේත්‍රය කෙරෙහි මිනිය හැකි බලපෑමක් ඇති කරන ප්‍රායෝගික, ආයතනික මට්ටමේ විසඳුම් ලබා දීමට Zone24x7 සතු හැකියාව මැනැවින් පෙන්නුම් කරයි. ආසියා පැසිෆික් කලාපයේ ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගම් සමඟ තරඟ කර ලබාගත් මෙම ජයග්‍රහණ මගින් සමාගමේ වර්ධනය වන ගෝලීය සලකුණ සහ නවෝත්පාදනයන් මෙහෙයුම් වටිනාකමක් බවට පත් කරමින් පාරිභෝගිකයින් සඳහා ලබා දීමට ඇති සමාගම සතු හැකියාව ඉස්මතු කරයි.

Zone24x7,  2025 SLASSCOM ජාතික නිපුණතා සම්මාන උළෙලේදී (SLASSCOM National Ingenuity Awards 2025) නිෂ්පාදන ක්ෂේත්‍රයේ හොඳම නවෝත්පාදන නිෂ්පාදනය සඳහා වන ජාතික ජයග්‍රාහකයා, හොඳම නවෝත්පාදන නිෂ්පාදනය (සාමාන්‍ය) සඳහා වන ජාතික පළමු අනුශූරතාව සහ බස්නාහිර පළාතේ පළාත් ජයග්‍රාහක සම්මාන දෙකක් දිනා ගැනීමට සමාගම සමත් විය. එමෙන්ම 2025 ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙලේදී (NBQSA 2025) නිෂ්පාදන, ඉංජිනේරු සහ ඉදිකිරීම් අංශයේ රන් සම්මානය සහ වසරේ හොඳම IoT තාක්ෂණ සම්මානයද හිමිකරගත්තේය.

“2025 වසර, අපගේ ප්‍රවේශය නොඑසේනම් තාක්ෂණය, සැබෑ ව්‍යාපාරික අවශ්‍යතා වටා ගොඩනැගීම යන්න නිවැරදි බව තහවුරු කළා. 2026 වසරේදී අපගේ අවධානය යොමු වී ඇත්තේ හුදෙක් සරල මෙවලම් හෝ චැට් (chat) පාදක කරගත් විසඳුම්වලින් ඔබ්බට යමින් කෘත්‍රිම බුද්ධිය, ස්වයංක්‍රීයකරණය සහ එකිනෙක සම්බන්ධ වූ පද්ධති භාවිතා කරමින් ආයතනවල ඵලදායීතාව, විනිවිදභාවය සහ තීරණ ගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීමට සහාය වීමයි.” යනුවෙන් Zone24x7 හි ප්‍රධාන විධායක නිලධාරී Neschae Fernando මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණික මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන Zone24x7 හි මූලස්ථානය ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටා තිබේ. එමඟින් විවිධ කර්මාන්ත ක්ෂේත්‍රයන්හි ආයතනික පාරිභෝගිකයින් 50 කට අධික සංඛ්‍යාවකට සේවය සපයයි. මේ හරහා විශේෂඥතාව දක්වන්නේ මහා පරිමාණ සංකීර්ණ මෙහෙයුම්, අභියෝග ආදිය විසඳීම සඳහා කෘතිම බුද්ධිය (AI), IoT සහ ආයතනික මෘදුකාංග වේදිකාවන් ඒකාබද්ධ කිරීමටයි.

එහි සේවා අතරට කාර්ය ප්‍රවාහයන්, පද්ධති  බුද්ධිය සහ මානව ඵලදායිතාව ඉහළ නංවන උත්පාදක AI (Generative AI) හැකියාවන්, ඩිජිටල් සහ භෞතික දත්ත මූලාශ්‍ර සම්බන්ධ කරන AI මගින් ක්‍රියාත්මක වන ස්වයංක්‍රීයකරණ වේදිකා සහ වීඩියෝ සහ රූප දත්ත වලින් කාලීන තොරතුරු ලබා දෙන Cognitive Vision Analytics වේදිකාව ඇතුළත් වේ. මීට අමතරව, Zone24x7 විසින් ඉන්වෙන්ටරි නිරවද්‍යතාව සහ සැපයුම් දාමයේ කාර්ය සාධනය වැඩි දියුණු කරන RFID සහ ගබඩා කළමනාකරණ පද්ධති (Warehouse Management Systems) සපයයි.

“අප ලබා දෙන වටිනාකම රැඳී ඇත්තේ පවතින ආයතනික පරිසරයන්ට බාධාවකින් තොරව ගැලපෙන පරිදි දෘඩාංග, මෘදුකාංග සහ AI එකිනෙක සම්බන්ධ කර සාර්ථක විසඳුම් නිර්මාණය කිරීම මතයි. 2026 වසර දෙස බලන විට, ආයතනවලට කාර්යක්ෂමව වර්ධනය වීමට, මෙහෙයුම් නවීකරණය කිරීමට සහ ඔවුන්ගේ දත්ත වලින් උපරිම වටිනාකමක් ලබා ගැනීමට සහාය වීම කෙරෙහි අප අවධානය යොමු කරනවා.” යනුවෙන් Zone24x7 හි සාමාන්‍යාධිකාරී විපුල ලියනආරච්චි (Vipula Liyanaarachchi) මහතා පැවසීය.

සම්මානලාභී කාර්මික විකුණුම් යන්ත්‍රය (Industrial Vending Machine) ආයතනයේ ඉහත සියලු සුවිශේෂීතා මැනවින් පිළිබිඹු කරයි. එය ඉන්වෙන්ටරි පාලනය ස්වයංක්‍රීය කිරීමට සහ නිෂ්පාදන හා කාර්මික අංශවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට IoT දෘඩාංග, බුද්ධිමත් මෘදුකාංග සහ විශ්ලේෂණ දත්ත ඒකාබද්ධ කරයි. මෙය හුදෙක් එක් නිෂ්පාදනයක් පමණක් නොව, විශේෂිත මෙහෙයුම් ඉලක්ක සපුරා ගැනීම සඳහා Zone24x7 සේවාදායකයින් සමඟ සහයෝගයෙන් කටයුතු කරන ආකාරය පෙන්නුම් කරන සාක්ෂියකි.

දශක දෙකකට වැඩි පළපුරුද්ද සහ ශක්තිමත් පර්යේෂණ හා සංවර්ධන පදනමක් සහිතව, Zone24x7 මේ වනවිට ඉහළ කෘත්‍රීම බුද්ධිය පාදක කරගත් ස්වයංක්‍රීයකරණය, බුද්ධිමත් විශ්ලේෂණ සහ ඕනෑම පද්ධතියක් සමඟ ක්‍රියා කළ හැකි (system-agnostic) තාක්ෂණයන් සඳහා තවදුරටත් ආයෝජනය කරමින් සිටියි. වේගවත් තාක්ෂණික වෙනස්කම් සමඟ ව්‍යාපාර ඉදිරියට යන විට, Zone24x7 දිගුකාලීන හවුල්කරුවෙකු ලෙස ස්ථාපිත වෙමින් පවතී. එමගින් ආයතනවලට වගකීම් සහගත ලෙස කෘත්‍රීම බුද්ධිය භාවිතයට ගැනීමටත්, සේවක ඵලදායිතාව ඉහළ නැංවීමටත් 2026 සහ ඉන් ඉදිරියට ශක්තිමත් මෙහෙයුම් පද්ධති ගොඩනැගීමටත් සහාය වේ.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව