Gibu - Profile (LBN)

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පවත්වන ලද පරිශීලක සමුළුව තුළින් දේශීය පාරිභෝගිකයින්ගේ තිරසර වර්ධනය සඳහා බලවත්, නම්‍යශීලී සහ පෞද්ගලිකත්ව-කේන්ද්‍රීය මෙවලම් සැපයීම කෙරෙහි දක්වන කැපවීම තහවුරු කරයි.

2024 ජනවාරි, ශ්‍රී ලංකාව: ඉන්දියාවේ ආරම්භකරන ලද ලොව ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගමක්වන Zoho Corporation, සිය ව්‍යාපාරික යෙදවුම් 55 කට අධික සංඛ්‍යාවක් ඔස්සේ ලොව පුරා ග්‍රාහකයන් මිලියන 100 සීමාව පසුකිරීමට සමත් වූ බව පසුගියදා නිවේදනය කළේ ය. විශේෂයෙන්ම 2023 වසරේදී ශ්‍රී ලංකාව තුළ සමාගමේ ආදායම 30% කින් වර්ධනය වී තිබේ. ඵලදායීතා සේවා එකතුවක්වන Zoho Workplace, පාරිභෝගික කළමනාකරණ විසඳුමක්වන Zoho CRM සහ බඳවාගැනීම් පදනමක්වන Zoho Recruit යන යෙදවුම්වල වර්ධනය මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.

 



 

ලොව පරිශීලකයන් මිලියන 100 සීමාව පසුකිරීමට සමත් වූ ප්‍රථම Bootstrapped වර්ගයේ SaaS සමාගමවන Zoho පසුගිය වසරේදී වාර්ෂික ආදායම බිලියනයේ සීමාව පසුකිරීමටද සමත් විය.

මෙරට පාරිභෝගිකයන්ට සේවා සැපයීම සඳහා තමන් දක්වන උනන්දුව ප්‍රකාශ කිරීමක් වශයෙන් සමාගම ප්‍රථම වරට සිය පරීශීලක සම්මන්ත්‍රණයක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතුකර තිබුණි. ‘Zoholics’ යන තේමාව යටතේ සංවිධානයකරන ලද මෙම සම්මන්ත්‍රණය 2024 ජනවාරි 23 දින කොළඹ Shangri-La හෝටලයේදී පැවැත්විණි. අධි දායකත්වයක් සහිතව අංශ දෙකක් යටතේ පැවති මෙම වැඩසටහනේදී විකුණුම් හා අලෙවිකරණය, සහයෝගීත්වය, මානව සම්පත් සහ සංවර්ධක මෙවලම් ඇතුළු විෂයන් රැසක් ආවරණයකරන ලදි. Zoho හි මෙම පරිශීලක සම්මන්ත්‍රණ, මෘදුකාංග විසඳුම් මගින් ඩිජිටල් පරිවර්තනය බලගැන්වෙන්නේ කෙසේද යන්න පිළිබඳව ශ්‍රී ලංකාවේ ව්‍යාපාර දැනුවත් කිරීම සඳහා ලැබුණු අනගි අවස්ථාවක් විය. ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීමට මෙන්ම, ඩිජිටල් පරිවර්තනය වෙත ව්‍යාපාර යොමුකරවීමේ වැදගත්කම පිළිබඳව සංවාදයක් නිර්මාණය කිරීමට සහ තම සේවාදායකයන් හා හවුල්කරුවන් සමග පවතින සම්බන්ධතා තවදුරටත් තහවුරු කරගැනීමට Zoho කණ්ඩායම මෙහිදී කටයුතු කළහ.

පරිශීලක පදනම වර්ධනය වීමට සමගාමීව, දිගින් දිගටම තම SaaS විසඳුම් භාවිතාකරන පාරිභෝගිකයන්ට නවීන තාක්ෂණය හා සේවා සැපයීමට Zoho කැප වී සිටී. මෙම වසර තුළදී, කෘත්‍රිම බුද්ධිය හෙවත් AI මගින් තාක්ෂණයට ඇතිවන බලපෑම හොඳින් දැකගැනීමට ලොවට හැකි විය. ඒ ඔස්සේ තම පාරිභෝගිකයන්ගේ ව්‍යාපාරික අවශ්‍යතා සඳහා හැකි උපරිම තලයේ විසඳුම් පිරිනැමීමට Zoho දිගින් දිගටම කටයුතුකර තිබේ. තාක්ෂණයේ දියුණුවත් සමග, එම තාක්ෂණ තම සේවා සඳහා භාවිතා කරමින්, ආසියා පැසිෆික් කලාපයේ සහ ශ්‍රී ලංකාවේ කැපීපෙනෙන වර්ධනයක් අත්කර ගැනීමට සමාගමට හැකි වී ඇත.

මේ වනවිට යෙදවුම් 55 කට අධික සංඛ්‍යාවක් සමගින්, ව්‍යාපාරවල සමස්ත ක්‍රියාවලියම ආවරණයවන පරිදි විසඳුම් සම්පාදනය කිරීමට Zoho සමත් වී තිබේ. එමෙන්ම Zoho හි AI සහය සේවාවවන Zia ඔස්සේ, කෘත්‍රිම බුද්ධිය සමාගම් හා ආයතනවල සියලුම කාණ්ඩවල සේවක සේවිකාවන්ගේ දෛනික රාජකාරි කටයුතුවල අනිවාර්ය අංගයක් බවට පත්කරමින්, එම සමාගම් හා ආයතනවලට ප්‍රතිලාභ රැසක් අත්කරදීමට සමාගමට හැකි වී ඇත.

Zoho සහ AI භාවිතය පිළිබඳ වැඩිදුර තොරතුරු

තම ඩිජිටල් පරිවර්තනය උදෙසා හවුල්කරුවෙකු සොයන ශ්‍රී ලාංකික ව්‍යාපාරවලට Zoho විසඳුම් හොඳින් ගැළපේ. දශකයට අධික කාලයක් තිස්සේ Zoho සමාගම තම කෘත්‍රිම බුද්ධි තාක්ෂණය හෙවත් Zia තම නිෂ්පාදන සංවර්ධන කටයුතු සඳහා භාවිතකර ඇති අතර, තමන් විසින්ම තාක්ෂණයන් නිර්මාණයකර තම පෞද්ගලික Cloud තුළ ඒවා ක්‍රියාත්මකකර ඇත.

Zoho හි AI තාක්ෂණ භාවිතාවේ ප්‍රධාන අංශ 3 පහත දැක්වේ.

  1. පාරිභෝගික අත්දැකීම: Zoho හි AI විසඳුම් මගින් විශිෂ්ට අත්දැකීමක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය සන්දර්භය, බුද්ධි තොරතුරු සහ කාර්යක්ෂමතාව හිමි වේ. එම ක්‍රියාවලියේ සෑම අදියරකදීම Zia අනිවාර්ය අංගයක් ලෙස භාවිතවන අතර, පාරිභෝගික වාර්තා වැඩිදියුණු කිරීම, ලිපිලේඛන නිර්මාණය කිරීම, ක්‍රියාවලි සඳහා යෝජනා ලබාගැනීම, පුරෝකථනයන් සිදුකිරීම සහ අනාගතයේදී පරිශීලකයන්ට ඇතිවිය හැකි ගැටලු සම්බන්ධයෙන් සූදානම් වීම ඇතුළු සියලු දේ සඳහා එය වැදගත් වේ.
  1. පාරිභෝගිකයන්ගේ පෞද්ගලිකත්වය: Zoho සිය AI තාක්ෂණයන් නිපදවනු ලබන්නේ තමන් විසින්ම ය. එබැවින් පරිශීලකයන් භාවිතාකරන තාක්ෂණික පද්ධතීන් සමග හොඳින් සම්බන්ධවන අතරම පෞද්ගලිකත්වය උපරිමයෙන් ආරක්ෂා කිරීමේ හැකියාව එය සතු ය. Zoho හි AI extensions මගින් බලගැන්වුණු මෙවලම්, පාරිභෝගිකයන්ගේ දත්ත අවදානමට ලක්කිරීමකින් හෝ තහවුරුකර නොගන්නා ලද තුන්වන පාර්ශවයක් වෙත එම දත්ත යොමු කිරීමකින් තොරව අවශ්‍ය තොරතුරු සපයයි. අත් අකුරු හඳුනාගැනීමේ හැකියාව, Phishing ආක්‍රමණවලින් ආරක්ෂා කිරීමේ හැකියාව සහ සන්නිවේදන පරිවර්තනය කිරීමේ හැකියාව ආදිය මෙම තාක්ෂණයන්ට උදාහරණ ලෙස දැක්විය හැකි වේ.

 

  1. පාරිභෝගික වටිනාකම්: පාරිභෝගික ඵලදායිතාව, භාවිතයේ පහසුව, පිරිවැය කාර්යක්ෂමතාව, අදාළ ප්‍රධාන කාර්යසාධන දර්ශක සහ වැඩි පිරිසකට AI භාවිතා කිරීමට අවස්ථාව සලසා දීම යනාදී බහුවිධ ආකාරයන්ගෙන් Zoho පාරිභෝගික වටිනාකම් නිර්මාණය කරයි. පාරිභෝගිකයන්ගේ කාලය ඉතිරිකරන ඕනෑම තාක්ෂණයකට Zoho විසින් ප්‍රමුඛත්වය ලබාදෙනු ලබන අතර, AI ද එම උත්සාහයන්ට ඇතුළත් වී තිබේ.

Zoho යෙදවුම්වල භාවිතවන Generative AI

Zoho වෙතින් ලබාගත හැකි, ChatGPT මගින් බලගැන්වෙන නව Generative AI extensions, දැනටමත් සමාගම මගින් හඳුන්වා දී ඇති සේවා එකතුව තවදුරටත් ශක්තිමත් කරයි. මෙම නව තාක්‍ෂණය අදාළ පරිදි Zoho හි යෙදවූම්වලට ඒකාබද්ධකර ඇති අතර, සියලුම කාණ්ඩවල පරිශීලකයන්ට එය එසැණින් භාවිතා කළ හැක. දැනට Zoho යෙදවුම් තුළ ChatGPT මගින් බලගැන්වෙන අංග කිහිපයක් පහත දැක්වේ.

Generative AI සහිත Zoho CRM

  • පාරිභෝගිකයන්ගේ වාර්තාවල ඇතුළත් ප්‍රධාන තොරතුරු ලබාගෙන ඒවා සාරාංශගත කරයි.
  • දැනට සිදුවෙමින් පවතින ගනුදෙනු සම්බන්ධයෙන් පූර්වකථන විශ්ලේෂණ ලබාදෙයි.
  • පුද්ගලාරෝපිත විද්‍යුත් ලිපි සහ ආකෘති මුල සිටම නිර්මාණය කරයි.
  • ව්‍යාකරණ දෝෂ හඳුනාගැනීම සඳහා පරීක්ෂා කරයි.

Generative AI සහිත Zoho Desk

  • ලැබෙන සහ නිකුත්කරන ටිකට් ස්වයංක්‍රීයව සාරාංශගත කරයි.
  • ඉල්ලීම සිදුකරන ස්වභාවය අනුව පාරිභෝගිකයාගේ මනෝභාවය හඳුනාගනී.
  • ‘Knowledge base articles’ අනුව ස්වයංක්‍රීයව පිළිතුරු ලබාදෙයි.
  • Knowledge base articles නොමැති නම්, ප්‍රසිද්ධියට පත්කර ඇති තොරතුරු ඔස්සේ වඩාත්ම හොඳ පිළිතුර ජනනය කිරීම සඳහා Open Domain Data සක්‍රීය කරයි.

 Generative AI සහිත Zoho Writer

  • මාතෘකා, සිරස්තල සහ වඩාත් හොඳ වචන යෝජනා කරයි.
  • විරාම ලකුණු නිවැරදිකරන අතර අවශ්‍ය අවස්ථාවලදී අන්තර්ගත කෙටි කරයි.
  • Writer තුළ ප්‍රශ්න විමසා ලේඛනයට පිළිතුරු ඇතුළත් කරයි.

Generative AI සහිත Zoho Clique

  • Messages තුළ ඕනෑම අවස්ථාවක ChatGPT වෙත පිවිසීමේ හැකියාව පවත්වාගනී.
  • වඩාත් වේගවත් ලෙස ප්‍රතිචාර දැක්වීම හා විශ්ලේෂණය කිරීම සඳහා ලැබෙන පණිවිඩ ප්‍රතිරචනය කරයි.
  • පණිවිඩ මාලා හුවමාරුකරගත හැකි දළ සටහන් බවට පරිවර්තනය කරයි.
  • සන්නිවේදනය වඩාත් පැහැදිලි කිරීම සඳහා ප්‍රතිචාර කෙටි හෝ සාරාංශගත කරයි.

Zoho පිළිබඳව

ව්‍යාපාර කාණ්ඩ සියල්ලම පාහේ ආවරණයකරන යෙදවුම් 55 කට අධික සංඛ්‍යාවක් සහිත Zoho Corporation, ලොව ප්‍රමුඛතම තාක්ෂණ සමාගම් අතරින් එකක් ලෙස සැලකේ. එහි ප්‍රධාන කාර්යාලය ඇමරිකා එක්සත් ජනපදයේ ඔස්ටින්, ටෙක්සාස් හි පිහිටා ඇති අතර, ජාත්‍යන්තර ප්‍රධාන කාර්යාලය ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටා තිබේ. එහි ආසියා පැසිෆික් කලාපයේ ප්‍රධාන කාර්යාලය සිංගප්පූරුවේ පිහිටා ඇත. පෞද්ගලික හිමිකාරීත්වය යටතේ පවතින ලාභදායී සමාගමක්වන එහි කාර්ය මණ්ඩලය 15,000 කට අධික පිරිසකගෙන් සමන්විත වේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු   www.zoho.com හි දක්වා ඇත.

Zoho සිය පාරිභෝගිකයන්ගේ පෞද්ගලිකත්වයට ගරුකරන අතර, සමාගම මගින් නොමිලේ ලබාදෙන නිෂ්පාදන ඇතුළු කිසිදු නිෂ්පාදනයක් සඳහා වෙළඳ දැන්වීම් තුළින් ආදායම් උපයන ක්‍රමවේද භාවිතා නොවේ. සමාගමේ දත්ත මධ්‍යස්ථාන එහි හිමිකාරීත්වය යටතේ පවතින නිසා පාරිභෝගිකයන්ගේ දත්ත, ඒවායෙහි ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය සම්බන්ධ පූර්ණ පාලනය පවත්වාගැනීමේ හැකියාව එය සතු ය. Zoho ද ඇතුළුව ලොව පුරා සමාගම් සිය දහස් ගණනක පරිශීලකයන් මිලියන 100 කට අධික සංඛ්‍යාවක් දිනපතාම Zoho කෙරෙහි විශ්වාසය තබති.  වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න: https://www.zoho.com/privacy-commitment.html

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව