YouTube, Facebook සහ WhatsApp සදහා මොබිටෙල් විසින් ආකර්ෂණීය ඩේටා සැලසුම් හදුන්වාදෙයි

Image 1

සීඝ්‍රයෙන් ඉහළ යන වීඩියෝ නැරඹීමේ ප්‍රවණතාව සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ උසස්ම සන්නිවේදන ජාල පහසුකම් සපයන්නා වන මොබිටෙල් ආයතනය විසින් පෙර ගෙවුම් සහ පසු ගෙවුම් පාරිභෝගිකයන් සඳහා මසකට රුපියල් 249ක් තරම් අඩු මුදලකට අසීමාන්තිකව YOUTUBE වීඩියෝස් නැරඹීමේ ඩේටා සැලසුම හදුන්වාදෙයි.

ACT හිස්තැනක් YT ලෙස සටහන්කර 160ට කෙටි පණිවිඩයක් යැවීම මගින් මෙම නව පැකේජය සක්‍රිය කරගැනීම හරහා පාරිභෝගිකයන්ට ඉතාම පහසුවෙන් YOUTUBE වෙත පිවිස තමන් ප්‍රියකරන චිත්‍රපට, රූපවාහිනි වැඩසටහන්, වාර්තා වැඩසටහන් නැරඹීමට සහ සංගීතය රසවිදීමේ හැකියාව ලැබේ. එසේම සියලූ මොබිටෙල් පාරිභෝගිකයන් සදහා මසකට රුපියල් 99ක් වැනි මුදලකට Facebook, LinkedIn, Twitter  සහ Instagram ආදී සමාජ ජාල වෙබ් අඩවි අසීමාන්තිකව භාවිතා කිරීමේ අවස්ථාව ද උදාකර දීමට මොබිටෙල් කටයුතු කරයි. ACT හිස්තැනක් SN ලෙස සටහන්කර 160ට කෙටි පණිවිඩයක් යැවීම මගින් පාරිභෝගිකයන්ට ඉතාම පහසුවෙන් මෙම සමාජ ජාල පැකේජය සක්‍රිය කරගත හැක. මීට අමතරව සැමවිටම Messaging ඇප් සමග සම්බන්ධ වී සිටින පාරිභෝගිකයන් වෙනුවෙන් මාසිකව රුපියල් 49ක් වැනි ඉතාම අඩු මුදලකට WhatsApp, Viber  සහ IMO ආදී Messaging ඇප් අසීමාන්තිකව භාවිතා කිරීමේ පහසුව ද සලසාදී තිබේ. එම සේවාව සක්‍රිය කිරීමට ACT හිස්තැනක් 49 ලෙස සටහන්කර 160ට කෙටි පණිවිඩයක් යැවීම ප්‍රමාණවත් වේ.

බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයීමේ ශ්‍රී ලාංකික ප්‍රමුඛයා ලෙස මොබිටෙල් ආයතනය දිවයින පුරා විසිරී සිටින සියලූ පාරිභෝගික ජනතාවට අසමසම සුපිරි සේවාවක් ලබාදීම උදෙසා කැපවෙයි. මෙම කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස ස්ථාවර බ්‍රෝඩ්බෑන්ඩ්, ජංගම සන්නිවේදන ජාල සහ අන්තර්ජාල ප්‍රගති පරීක්ෂණ සේවා සැපයීමේ ගෝලීය ප්‍රමුඛයාවන Ookla විසින් සිය වේග පරීක්ෂණ දත්තවලට අනූව ශ්‍රී ලංකාවේ අංක එකේ සන්නිවේදකයා බවට මොබිටෙල් වෙත සහතික ලබාදී ඇත.

ඉහළ තීව්‍රතාවයේ HD Video නැරඹීමට සහ Multimedia Online Gaming (MMOG) අත්දැකීම්වල විනෝදාස්වාදය සමග භාවිතාවේ සුපිරිබව ඉහළනැංවීමට අවශ්‍ය 4G LITE තාක්ෂණ පහසුකම් වැඩිදියුණු කිරීමට මොබිටෙල් දිගින් දිගටම කැපවෙමින් ක්‍රියාකරයි. දැනට පවතින 900MHz spectrum ආවරණ ක්‍රමවේදයට නව්‍ය තාක්ෂණික භාවිතාවක් එකතුකරමින් සිය 4G LITE ජාල ආවරණ කලාපය පුළුල් කිරීමට මොබිටෙල් මෑතකදී කටයුතු කළේය. මෙම මූලිකත්ව වැඩසටහන එවැනි ආකාරයේ නව්‍ය භාවිතාවක් සමගින් 4G LITE ජාල ආවරණ කලාපය පුළුල් කළ පළමු අවස්ථාව වූ අතර එහිදී 4G LITE ජාල ආවරණ වඩාත් හොදින් ව්‍යාප්ත විය. එසේම මෙම LTE MIMO තාක්ෂණ හදුන්වාදීම සමග ශ්‍රී ලංකාවේ අංක එකේ සන්නිවේදන ජාලය බවට මොබිටෙල් නිසගයෙන්ම පත්විය.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten − six =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව