WindFree™ AC හි Smart විශේෂාංග සමඟින් ගිම්හාන සමය සතුටින් අත්විඳින්න

windfeee-cover (1) (LBN Fill)

 



 

 

ගිම්හාන සමය එළැඹ ඇති අතර එම කාලයේදී උණුසුම ඉහළ යාම සාමාන්‍ය තත්වයකි. පවත්නා දැඩි උණුසුම් කාලගුණයත් සමඟ ඔබ වායු සමීකරණයක් ගැනීමට අදහස් කරන්නේ නම් මේ එයට හොඳම කාලයයි. බොහෝ පිරිසක් නිවසේ සිට වැඩ කරන බැවින් සුවපහසු කාමර උෂ්ණත්වයක් තිබීම වැදගත් වේ. මෙම අවශ්‍යතාවය මැනවින් හඳුනාගත් Samsung විශිෂ්ට වායු සමීකරණ අත්දැකීමක් ලබා දෙන ඔවුන්ගේ ප‍්‍රබල WindFree™ AC මාලාව පාරිභෝගික ඔබට හඳුන්වා දී ඇත.

WindFree™ වායු සමීකරණ මාලාවේ ඇති micro holes 23,000 මගින් 0.15 m/s ක වේගයකින් දැඩි සුළං වායු ධාරාවලට ඉඩ නොදී කාමරය පුරා සීතල වාතය මෘදු ලෙස විසුරුවා හරී. මෙම තාක්ෂණය නිසා දැඩි සීතල වායු ධාරා ඔබට සෘජුවම ළඟා නොවේ. එහි ඇති PM 1.0 filter තාක්ෂණය මගින් ඉතා සියුම් දුවිලි අංශු අල්ලා ගැනීමෙන් හා වෛරස් හා බැක්ටීරියා විෂබීජහරණයෙන් අනතුරුව පාරිභෝගිකයාට පිරිසිදු හා නැවුම් වාතය ලබා දෙයි. මෙවැනි තවත් සුපිරි විශේෂාංගවලින් මෙම වායු සමීකරණය සමන්විත වේ.

සිය පාරිභෝගික ජනතාවගේ ජීවිතයට සුවපහසුවක් එක්කරන Samsung WindFree™ AC smart විශේෂාංග රැසකින් සමන්විතය. WindFree™ AC අන් කවරදාටත් වඩා සුවිශේෂී බවින් වැඩි කරන එහි ඇති smart විශේෂාංග පිළිබඳව විමසා බැලීම වැදගත් වේ.

Smart AI Auto Cooling විශේෂාංගයෙන් සමන්විත WindFree™ AC හට පරිශීලකයාට සිතැඟි පරිදි සහ ජීවන තත්වයන්ට සරිලන පරිදි සිසිලනය කර ගැනීම වෙනස් කර ගත හැක. එය ස්වයංක‍්‍රීයව ඔබ කැමති උෂ්ණත්වය සහ පිටත උෂ්ණත්වයට සරිලන පරිදි වඩාත් සුදුසු මාදිලියක් වෙත මාරු වේ.

WindFree™ AC හි ඇති Welcome Cooling විශේෂාංගය නිසා geo-fencing තාක්ෂණය මඟින් ඔබ නිවසට පැමිණීමට පෙර කාමරය සිසිල් කිරීමේ හැකියාව ඇත.

මිනිත්තු 20ක් කාමරය තුළ කිසිදු චලනයක් නොමැති විටදී එහි ඇති Motion Detect Sensor එක බලශක්තිය ඉතිරි කර ගැනීමට වායු සමීකරණයේ සිට WindFree™ මාදිලියට ස්වයංක‍්‍රීයව වෙනස් වෙයි. එමෙන්ම පරිශීලකයින්ට අවශ්‍ය පරිදි වාතය ඉවතට යැවීමට හෝ ඔවුන්ගේ චලනයන්ට අනුව ද එය සැකසිය හැකි වීම එහි විශේෂත්වයකි.

තවද SmartThings app හරහා WindFree™ AC සම්බන්ධ කළ හැකි නිසා එය ස්මාර්ට් ජංගම දුරකතනයකින් ඍජුවම පාලනය කළ හැක. එමගින් පරිශීලකයින්ගේ ජීවිතවලට වැඩි පහසුවක් එක් කරනු නිසැකය.

Bixby voice assistant, Alexa සහ Google Home සේවාවන් සඳහා WindFree™ AC සහය දක්වයි. ඔබගේ කටහඬින් ඔබගේ WindFree™ AC පාලනය කිරීමට මෙය ඔබට හැකියාව ලබා දෙයි.

ගිම්හානයේ ඇති උණුසුම් බව අමතක කරමින් මෙතැන් සිට WindFree™ AC සමඟින් ඔබගේ ජීවිතය අත්විඳින්න.

මෙම Samsung WindFree™ මාලාව දැන් සැම්සුන් හි බලයලත් Softlogic, Singer, Singhagiri, Damro හා Samsung e-Store වෙතින් මිලදී ගත හැකිය.

 



 

 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 + 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව