ViewSonic විසින් නිර්මාණ ක්ෂේත්‍රයේ යෙදෙන වෘත්තිකයන් සඳහා සාදන ලද ප්‍රථම විශේෂිත මොනිටරය ලෙස ColorPro™ VP76 මාදිලිය හඳුන්වා දෙයි

Image 2 (LBN)

 



 

 

ලොව පුරා දෘශ්‍ය විසඳුම් සපයන ප්‍රමුඛ සැපයුම්කරුවෙකු වන ViewSonic විසින් ColorPro™ VP76 නවීනතම මොනිටර මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදී ඇත. මෙම මොනිටර මාලාව විශේෂයෙන් නිර්මාණය කර ඇත්තේ ඡායාරූපකරණය,නිර්මාණකරණය, වීඩියෝ සංස්කරණය සහ ත්‍රිමාණ සජීවිකරණය වැනි ක්ෂේත්‍රවල නියැලෙන වෘතිකයන් සඳහාය. ColorPro™ VP76 මොනිටර නිශ්චිත වර්ණ නිරවද්‍යතාවයක් සපයන අතර, ඡායාරූප සහ වීඩියෝ සංස්කරණ මෘදුකාංග සහ වර්ණ ක්‍රමාංකනය සඳහා extended ColorPro™ Wheel එකක් OSD හි ඇතුළත් වේ. මෙම මොනිටරය ViewSonic වෙබ් අඩවියෙන් සහ ශ්‍රී ලංකාවේ ViewSonic ප්‍රධාන වෙළඳසැලෙන් මිලදීගත හැක.

ColorPro™ VP76 Series මොනිටරයේ සැලසුම, පරිශීලක මුහුණත සහ ක්‍රියාකාරීත්වය සඳහා ජාත්‍යන්තර සම්මාන කිහිපයක්ම ජයග්‍රහණය කර ඇත. ඒවා නම්; iF Design Award 2021, GOOD DESIGN AWARD 2021, සහ Wallpaper* සඟරාව විසින් පිරිනමනු ලැබූ ‘Smartest Design සහ Tech Collaboration’ කාණ්ඩයේ පළමුවන Smart Space Award 2021 සම්මානයයි.

ColorPro™ VP76 මොනිටර මාදිලියේ සංස්කරණ මෘදුකාංග, නිරවද්‍ය වර්ණ ක්‍රමාංකනය සහ OSD සැකසීම් වෙත ක්ෂණිකව පිවිසීම සඳහා ඉඩ සලසන අද්විතීය ColorPro™ Wheel උපාංගය ඇතුලත්වේ. මීට අමතරව, මොනිටරයෙන් වෙන් කළ හැකි Magnetic Shading Hood සහ තිරයේ ගැඹුරුබව සැපයීම සඳහා ගොඩනඟන ලද පසුබිම් ආලෝකයත් මොනිටරය තුල අඩංගුව. මෙවැනි විශේෂාංග ඇතුලත්ව ඇති හෙයින් එය වීඩියෝ ශිල්පීන් සහ වෘත්තීය වර්ණ ශිල්පීන් සඳහා විශිෂ්ට මෙවලමකි.

ViewSonicහි මොනිටර් පිළිබද වානිජ්‍ය ඒකකයේ සාමාන්‍යධිකාරී ඔස්කාර් ලින් මෙසේ පවසයි, “සැලසුම් කිරීමේදී, වර්ණය මෙන්ම නිවැරදි ක්රමාංකනයද ඉතා වැදගත්. ViewSonicහි ප්‍රමුඛතම මාදිලිය වන ColorPro™ VP2776 මා ඉතා උද්යෝගයෙන් ඉදිරිපත් කරනු ලබන්නේ එය වර්ණ නිරවද්‍යතාවය සහ නිර්මාණ විශේෂාංග නව තලයකට රැගෙනයාමක් නිසාවෙනි,”. ඔහු තවදුරටත් පැවසුවේ, “එහි උසස් විශේෂාංග සහ නිර්මාණ මෙවලම් සමඟින්, වෘතියවේදීන් සහ පාරිභෝගිකයින්ගේ පළමු තේරීම වීම අපගේ ඉලක්කයයි.”

මෙම මොනිටරය Mac සහ VESA DisplayHDR 400 සමඟ අනුකූල වන අතර, ඒවා Pantone® මගින් වලංගු වන 98% DCI-P3 චිත්‍රපට කර්මාන්තයේ සම්මත පුළුල් වර්ණ පරාසයක් සපයයි. මෙමගින් පරිශීලකයින්හට විවිධ තිර හරහා ඒකාකාරී සහ කැපී පෙනෙන වර්ණ වටහා ගැනීමට හැකියාව සලසයි. ‘Slow-motion’ දර්ශන වුවද තියුණු සහ සියුම් විස්තර සහිතව ප්‍රදර්ශනය කිරීමට ‘Nano IPS’ තාක්‍ෂණය උදව් කරයි. 165Hz ක වේගවත් Refresh-Rate එකක් සමඟින්, VP76 මාදිලිය Minute Edits සහ Movements සඳහා නිවැරදි වර්ණ සහ සුමට දර්ශන අවශ්‍ය වන සජීවිකරණ ශිල්පීන්, වීඩියෝ සංස්කාරකවරුන් සහ පරිඝනක ක්‍රීඩා නිර්මාණකරුවන් සඳහා වඩාත් සුදුසු වේ.

ColorPro™ VP76 Series හි අඟල් 27ක 4K VESA Display HDR 400 Nano IPS තිරයේ  2560 x 1440 resolution එකකින් සමන්විතයි. මෙම මොනිටරයට Adobe Creative Suite සහ Capture One වැනි සංස්කරණ මෘදුකාංග මෙන්ම වර්ණ ක්‍රමාංකනය සහ OSD සඳහා ඉක්මන් සහ පහසුවෙන් ප්‍රවේශ වීම සදහා විශේෂ ColorPro™ Wheel උපාංගයකින් සමන්විතය. මෙහි ඇතුලත් අනෙකුත් විශේෂාංග අතර magnetic shading hood එකක්, Pantone විසින් වෘතිමය වශයෙන් වලංගු කරන ලද වර්ණ නිරවද්‍යතාවය සහ ICCSync වර්ණ ගැලපීමේ තාක්ෂණයද ඇතුළත් වේ. මොනිටරයේ 165Hz දක්වා ඇති Refresh-Rate එක මගින් බාධාවකින් තොර සුමට ග්‍රැෆික්ස් ලබාදීම සහතික කරන අතර 90W USB-C port එකක් මගින් අද්විතීය සම්බන්ධතාවයක් ලගාකරදෙනු ලබයි. එසේ ගත්කල, ColorPro™ VP76 මාදිලිය උසස් තත්ත්වයේ වර්ණ නිරවද්‍යතාව සහ සුමට ග්‍රැෆික්ස් අවශ්‍ය කරන නිර්මාණකරුවන් සඳහා විශිෂ්ට තේරීමකි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව