Vector Agents සිය ඩිජිටල් සේවක වේදිකාව ප්‍රකාශයට පත් කරයි: සෑම දෙපාර්තමේන්තුවකටම AI කණ්ඩායම් සගයන්

2- Digital Workers from Vector Agents (LBN)

Vector Agents සමාගම සිය යාවත්කාලීන කරන ලද ඩිජිටල් සේවක වේදිකාව (Digital Worker Platform) ප්‍රකාශයට පත් කළ අතර, එය මීළඟට එළඹෙන ඩිජිටල් සේවකයන්ගේ යුගය ඉලක්ක කරගනිමින් නිර්මාණය කර ඇත. මෙය එදිනෙදා ව්‍යාපාරික මෙහෙයුම් තුළට AI බලයෙන් ක්‍රියාත්මක වන ඩිජිටල් කණ්ඩායම් සගයන් ගෙන ඒම සඳහා නිර්මාණය කර ඇති නවතම ව්‍යවසාය මෘදුකාංග කාණ්ඩයකි.

මෙම වේදිකාව දැනටමත් මුල්කාලීන පාරිභෝගිකයන් විසින් භාවිතා කරනු ලැබුවද, මෙම නිවේදනය මගින් Vector Agents හි නිල ප්‍රසිද්ධ හඳුන්වාදීම සහ ඔවුන්ගේ දිගුකාලීන දැක්ම ප්‍රකාශයට පත් කෙරේ. එනම් සෑම දෙපාර්තමේන්තුවකම මානව වෘත්තිකයන් සමඟ බලවත් AI ඩිජිටල් සේවකයන් සිටින අනාගතයක් අපේක්ෂාකරන අතර, එය සංවිධාන ක්‍රියාත්මක වන, ව්‍යාප්ත වන සහ තරඟ කරන ආකාරයෙහි මූලික පදනමක් බවට පත් කිරීම අපේක්ෂා කරයි.



Vector Agents විසින් ව්‍යාපාරික සන්දර්භය තේරුම් ගන්නා, කාර්ය ප්‍රවාහයන් අනුගමනය කරන සහ පවතින පද්ධති තුළ ක්‍රියාත්මක වන භූමිකාවන් මත පදනම් වූ ඩිජිටල් සේවකයන් නිර්මාණය කරයි. සාම්ප්‍රදායික ස්වයංක්‍රීය මෙවලම් හෝ චැට්බොට් (Chatbots) මෙන් නොව, ඔවුන් විකුණුම්, මූල්‍ය, පාරිභෝගික සේවා සහ මානව සම්පත් වැනි අංශ හරහා බහු-පියවර හෙවත් ආරම්භයේ සිට අවසානය දක්වා වූ කාර්ය ප්‍රවාහයන් ක්‍රියාත්මක කිරීමට ගොඩනගා ඇති අතර, ඔවුන් කණ්ඩායමේ කොටසක් ලෙස අඛණ්ඩව සහ විශ්වාසදායක ලෙස වැඩ කරයි. මෙම සේවකයන් හුදෙක් වැඩ සඳහා සහාය ලබා දෙනවා පමණක් නොව, සැබෑ ව්‍යාපාරික කාර්ය ප්‍රවාහයන් තුළ මෙහෙයුම් වගකීම් ඉටු කරයි, නවීන සංවිධාන තුළ නව, විශ්වාසදායක ශ්‍රම බලකා ස්ථරයක් ලෙස ක්‍රියා කරයි.

“සෑම සමාගමකම සෑම අංශයකටම ඉදිරියේදී තමන්ගේම AI කණ්ඩායම් සගයෙකු සිටිනු ඇතැයි අපි විශ්වාස කරමු.  සමාගමේ දැක්ම වන “ඩිජිටල් සේවකයින්- මානව ප්‍රතිඵල” (Digital Workers, Human Outcomes) මගින් සංවිධාන පරිණාමය වන ආකාරයෙහි වෙනසක් පිළිබිඹු කරයි: එනම් AI යනු පසෙක ඇති උපයෝගිතාවක් ලෙස නොව, ඩිජිටල් සේවකයන් සෘජුවම කණ්ඩායම් සහ මූලික ක්‍රියාවලීන් තුළට අන්තර්ග්‍රහණය කරමින්, වැඩ කටයුතු සිදු කෙරෙන ආකාරයෙහි විශ්වාසදායක කොටසක් බවට පත් කිරීමයි. ” යැයි Vector Agents හි ප්‍රධාන විධායක නිලධාරී ජීවන් ඥානම් පැවසීය.

Vector Agents දැනට ප්‍රධාන අංශ හතරක් හරහා කාර්යය මත පදනම් වූ ඩිජිටල් සේවකයන් හතර දෙනෙකු, විකුණුම් සඳහා Lilian, මූල්‍ය සඳහා Bradley, පාරිභෝගික සේවා සඳහා Rhea සහ මානව සම්පත් සඳහා Blake ලෙස පිරිනමයි. ඔවුන් සෑම කෙනෙකුම පවතින කාර්ය ප්‍රවාහයන්ට ඒකාබද්ධ වීමට, සමාගමට ආවේණික ක්‍රියාවලීන් ඉගෙන ගැනීමට සහ මානව කණ්ඩායම් සමඟ එක්ව විශ්වාසදායක ලෙස වැඩ කිරීමට සැලසුම් කර ඇත. එමගින් ඔවුන්ගේ ප්‍රතිදානය, ඵලදායිතාව සහ මෙහෙයුම් ධාරිතාව ඉහළ නංවයි.

Lilian සහ Rhea යනු Vector Agents හි ප්‍රථම ප්‍රසිද්ධියේ ලබාගත හැකි ඩිජිටල් සේවකයන් වේ. Lilian යනු AI SDR අයෙකු වන අතර ඇය දත්ත  සිය ගණනක් භාවිතා කරමින් සේවායෝජකයාගේ පරමාදර්ශී පාරිභෝගික පැතිකඩ (ICP) නිර්වචනය කරයි, එක් එක් ගිණුම් ගැන ගැඹුරු තොරතුරු පර්යේෂණ කරයි, සහ පැය 24 පුරාම ඉහළ පුද්ගලාරෝපිත ප්‍රචාරණ ව්‍යාපාර මෙහෙයවයි. Rhea යනු සැමවිටම ක්‍රියාත්මක වන පාරිභෝගික සේවා නියෝජිතවරියකි. ඇය නිෂ්පාදන සහ ක්‍රියාවලීන් තේරුම් ගැනීමත් පාරිභෝගික ඉල්ලීම්වලට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමත් සහ භාෂා 80 කට අධික ප්‍රමාණයකින් පෙළ, රූප සහ හඬ හරහා පූර්ණ සන්දර්භය සහිතව සංකීර්ණ ගැටලු ඉහළ නිලධාරීන් වෙත යොමු කිරීමත් සිදුකරයි. ඇය සහායක මෙහෙයුම් සඳහා විශ්වාසදායක ලෙස ක්‍රියා කරයි.

Vector Agents විසින් මූලික ව්‍යාපාරික අංශ හරහා මානව කණ්ඩායම් සමඟ එක්ව ක්‍රියා කරන AI බලයෙන් ක්‍රියාත්මක වන ඩිජිටල් සේවකයන් නිර්මාණය කරයි. විකුණුම් සහ මූල්‍ය අංශයේ සිට පාරිභෝගික සේවා සහ මානව සම්පත් දක්වා, “ඩිජිටල් සේවකයින්, මානව ප්‍රතිඵල” යන සේවය ලබා දෙමින් Vector හි ඩිජිටල් සේවකයන් සංවිධානවලට වඩාත් විශ්වාසදායක ලෙස, අනුකූලව සහ මහා පරිමාණයෙන් වැඩ කටයුතු සිදු කිරීමට උපකාරී වේ.


ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව