Uber Eats ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් ඩිප්ලෝමාධාරීන් බවට පත්කරයි

1B8A8688 (LBN)

ශ්‍රී ලංකාව තුළ ආහාරපාන සහ එදිනෙදා අවශ්‍ය භාණ්ඩ ඇණවුම් කිරීම සඳහා භාවිතා කළ හැකි ප්‍රමුඛතම යෙදුමක් වන Uber Eats මෙරට වෙළඳුන් වෙනුවෙන් ව්‍යාපාරකරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. මෙම වැඩසටහනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෑතකදී ව්‍යාපාරිකයන් 40 දෙනෙක් මැලේසියාවේ UNITAR International University වෙතින් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා සහතික හිමි කර ගත්හ. Institute of Governance and Compliance (IGC) සමග එක්ව ක්‍රියාවට නංවන ලද මෙම වැඩසටහනට Uber Eats හි පූර්ණ සහයෝගය හිමි වී තිබේ. ව්‍යාපාරිකයන්ට අතිශයින් වැදගත් වන ව්‍යාපාර ක්‍රමෝපාය, මූල්‍ය සැලසුම්කරණය, අලෙවිකරණය සහ නායකත්වය යනාදිය සම්බන්ධ පැහැදිලි අවබෝධයක් ලබාදීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වී ඇත.
 



 
සහතික ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සහභාගී විය. ඊට අමතරව IGC හි ප්‍රධාන විධායක නිලධාරී සහ විධායක උප සභාපති සමාධි බණ්ඩාර මහත්මිය සහ Uber Eats – Sri Lanka හි දේශීය කළමනාකරු වරුන් විජේවර්ධන මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

“අධ්‍යාපනය තුළින් කුඩා පරිමාණ ව්‍යාපාර සවිබලගැන්වීම යනු ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සහ රැකියා උත්පාදනය සඳහා ඇති වඩාත්ම තිරසාර ක්‍රමවලින් එකක්. දේශීය ව්‍යවසායකයින් වෙනුවෙන් ආයෝජනය කිරීම සහ වේගයෙන් පරිණාමය වෙමින් පවතින වෙළඳපොළක සාර්ථක වීමට අවශ්‍ය මෙවලම්වලින් ඔවුන් සන්නද්ධ කිරීමට සහය වීම සඳහා Uber Eats දරන උත්සාහය ප්‍රශංසනීයයි. මෙවැනි වැඩසටහන් ව්‍යාපාර පමණක් නොව සමස්ත ප්‍රජාවම ශක්තිමත් කරනවා.” කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පැවසීය.

“අධ්‍යාපනය සතු පිරිවර්තනීය බලය Uber Eats හොඳින් දන්නවා. මෙම වැඩසටහන මගින් පිළිබිඹු වන්නේ ව්‍යවසායකයන් සවිබල ගැන්වීම සහ කුඩා පරිමාණ ව්‍යාපාර නගාසිටුවීම සඳහා ප්‍රධානතම උත්ප්‍රේරකයක් ලෙස අධ්‍යාපනය භාවිතා කිරීම පිළිබඳව අප තබා ඇති විශ්වාසයයි. මේ ආකාරයට අපගේ වෙළඳ හවුල්කරුවන් අත්‍යවශ්‍ය ව්‍යාපාරික දැනුමෙන් සන්නද්ධ කිරීම තුළින්, ඔවුන්ගේ දීර්ඝකාලීන සාර්ථකත්වය සහ තිරසාර වර්ධනය සඳහා ශක්තිමත් පදනමක් නිර්මාණය කිරීමට අපට හැකි වේවි.” Uber Eats –Sri Lanka හි දේශීය කළමනාකරු වරුන් විජේවර්ධන මහතා පැවසීය.

මෙම වැඩසටහන දේශීය ව්‍යවසායකයන්ට අත්වැලක් වීම සඳහා Uber දරන නිරන්තර උත්සාහයේ තවත් ඉදිරි පියවරකි. මීට පෙර Uber විසින් තෝරාගත් ආරම්භක මට්ටමේ ව්‍යාපාරවලට මගපෙන්වන Uber Springboard වැඩසටහන සහ Uber සමග අත්වැල් බැඳගෙන සිටින වෙළඳුන්ගේ සහ ප්‍රවාහන සේවා සම්පාදකයන්ගේ නව අදහස් ඇගයීමට ලක් කරන Uber Entrepreneurship Challenge වැඩසටහන වැනි වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබේ.

2018 වසරේදී ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර කටයුතු ආරම්භ කළ Uber එතැන් පටන් ක්‍රමානුකූලව තම සේවාවන් සහ ආවරණ පරාසය පුළුල් කිරීමට පියවර ගත්තේය. මේ වන විට Uber ශ්‍රී ලංකාව තුළ ජනප්‍රියම ඩිලිවරි සේවා පදනමක් බවට පත් වී ඇත. මෑතකදී අනුරාධපුර ප්‍රදේශයටද Uber Eats සේවාවන් හඳුන්වා දෙන ලදි. 2024 වසරේ දෙසැම්බර් මාසයේදී කොග්ගල, තල්පේ සහ අහංගම යන නගරවලට Uber Eats සේවාවන් හඳුන්වා දීමෙන් අනතුරුව පසුගිය මාර්තු මාසයේදී මාතර, වැලිගම සහ මිරිස්ස යන නගරවලද Uber Eats සේවාවන් නිල වශයෙන් ආරම්භ විය.

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව