Uber Eats රුපියල් මිලියන 2.5ක් වටිනා සම්මාන හිමි කර දෙමින් ඉහළ කාර්ය සාධනයක් වාර්තා කළ සිය බෙදා හැරීම් හවුල්කරුවන් අගයයි

Uber Eats

 



 

 

 

2022 පෙබරවාරි 17, කොළඹ: ශ‍්‍රී ලංකාව තුළ Uber Eats සේවාව ජනතාව අතරට ගෙන යමින් ආහාර හා පාරිභෝගික භාණ්ඩ නිවසටම බෙදා හැරීමේ ඉහළ දක්ෂතාවයක් දැක් වූ බෙදා හැරීම් හවුල්කරුවන් ඇගයීමට පසුගියදා සිදු විය. Uber Eats ශ‍්‍රී ලාංකේය පාරිභෝගික ජනතාවගේ ආකාර්ෂණය දිනාගත් සේවාවක් බවට පත් කිරීම වෙනුවෙන් ඔවුන්ගේ කැපවීම අගයමින් එම හවුල්කරුවන් වෙත රුපියල් මිලියන 2.5ක් පමණ වටිනා ත්‍යාග පිරිනැමීමට එහිදී කටයුතු කරනු ලැබීය.

‘Delivery Bonanza’ වැඩසටහනේ දෙවන පියවර ලෙස පසුගිය සති 8ක කාලය පුරා දිවයිනේ ප‍්‍රධාන නගර 5කදී බෙදාහැරීම් හවුල්කරුවන් 100කට වැඩි පිරිසක් වෙත රූපවාහිනී, මයික්‍රොවේව්, ශීතකරණ හා රෙදි සෝදන යන්ත‍්‍ර වැනි ගෘහ විදුලි උපකරණයන් ඇතුළු ත්‍යාග රැුසක් පිරිනමනු ලැබීය. පසුගියදා පැවති එහි ප‍්‍රධාන සම්මාන ප‍්‍රධානෝත්සවයේදී බෙදාහැරීම් හවුල්කරුවන් තිදෙනෙකු වෙත නවතම යතුරුපැදි ප‍්‍රදානය කළ අතර, එහි ප‍්‍රථම ස්ථානය සඳහා වන යතුරුපැදිය විසල් වර්ණසූර්ය මහතා විසින් හිමිකර ගනු ලැබූ අතර, දෙවන සහ තෙවන ස්ථාන දිනා ගනිමින් එ සඳහා වන යතුරුපැදි රූබන් රන්ජන් මහතා සහ නියාල් ලියනගේ යන මහත්වරුන් විසින් දිනාගනු ලැබීය.

මෙහිදී යම් සතියක් තුළ වැඩිම සංචාර වාර ගණනක් සහ අවම අවලංගු කිරීම් සහිත බෙදාහැරීම් හවුල්කරුවන් වෙත සතිපතා ත්‍යාගය පිරි නැමීමද සිදු විය. සමස්තයක් ලෙස වැඩිම සංචාර වාර ගණනක් සහ අඩුම අවලංගු කිරීම් සහිත බෙදා හැරීම් හවුල්කරුවන් වෙත එහි ඉහළම ත්‍යාගය පිරිනමනු ලැබීය.

අවම අවලංගු කිරීම් හා ඉහළ බෙදා හැරීම් වාර ගනණක් තුළින් බාධාවකින් තොරව විශ්වාසදායක අයුරින් පාරිභෝගිකයා වෙත ආහාර හා පාරිභෝගික භාණ්ඩ බෙදා හැරීමට කටයුතු කිරීම තුළින් පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීමට හැකියාව උදා වේ. පසුගිය වසර පුරා විශේෂයෙන් ඇ`දිරි නීතිය පනවා තිබූ තීරණාත්මක කාල වකවානුව තුළ බෙදාහැරීම් හවුල්කරුවන් විසින් පාරිභෝගිකයින්ගේ නිවසටම ආහාර හා පාරිභෝගික භාණ්ඩ ලබා දීමට කටයුතු කිරීම තුළින් සුවිසල් කාර්ය භාරයක් ඉටු කළ බව රහසක් නොවේ. එය පාරිභෝගිකයින් පොදු ස්ථානයන්හි ගැවසීමේ අවශ්‍යතාව අවම කිරීමට මෙන්ම සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමටද හේතුවක් විය.

සම්මාන ප‍්‍රදානෝත්සවයේදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Uber Sri Lanka හි සාමාන්‍යාධිකාරිණී භාවනා දද්ලානි ජයවර්ධන මහත්මිය සඳහන් කර සිටියේ ‘‘ Uber Eats පිටුපස සිටින ශක්තිමත් බලවේගය වන්නේ එහි බෙදා හැරීමේ හවුල්කරුවනුයි. ඔවුන් විසින් ප‍්‍රදර්ශනය කර ඇති කැපවීම හා උනන්දුව හේතුවෙන් අපි සැබැවින්ම සාර්ථකත්වයට පත්ව සිටිනවා. වසංගත කාලය අතරතුර ශ‍්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් සුවිසල් කාර්ය භාරයක් ඉටු කළා. ඔවුන්ගේ අඛණ්ඩ කැපවීම අගය කිරීමේ සංකේතයක් ලෙස ‘Delivery Bonanza’ හි දෙවන අදියර නම් කළ හැකියි.’’ යනුවෙනි.

Uber Eats හි ‘Delivery Bonanza’ යනු Uber Eats යෙදුම (App) තුළින් බෙදා හැරීමේ හවුල්කරුවන් වෙත උපරිම වටිනාකමක් ලබා දීම වෙනුවෙන් ඔවුන් දිරි ගැන්වීම හා බල ගැන්වීමේ වැඩසටහනකි. ඔවුන්ට ගැළපෙන  නම්‍යශීලී සේවාවන් සොයා ගැනීමට මෙන්ම ඔවුන්ගේ මූල්‍ය අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් මනාව උපකාරී වන එය Uber Eats විසින් එහි බෙදාහැරීම් හවුල්කරුවන් වෙත සහාය වීම සඳහා දියත් කරන ලද වැඩසටහන්වලින් එකක් ලෙසද පෙන්වා දිය හැකිය. මෑත කාලය තුළ නව්‍ය අදහස් බෙදා හදා ගැනීම වෙනුවෙන් හවුල්කරුවන් වෙත ලබා දීම සඳහා ව්‍යවසායකත්ව අභියෝගයක්ද සංවිධානය කිරීමට ද Uber Eat කටයුතු කරන ලදී. වසංගත කාලය තුළ Uber Eat විසින් සිය හවුල්කරුවන්ට අවශ්‍ය ආරක්ෂිත උපාංග (මුව ආවරණ, සනීපාරක්ෂක ද්‍රව්‍ය වැනි දේ ලබා දීම තුළින් ඔවුන්ට ශක්තියක් වූ අතර සංචරණ සීමා කිරීම් හේතුවෙන් බෙදාහැරීම් සිදු කිරීමට නොහැකි වූ පුද්ගලයන් හට මූල්‍ය ආධාර සැපයීමටද කටයුතු කරන ලදී.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව