Uber Eats අනුරාධපුර පූජා නගරයට සම්ප්‍රාප්ත වීම!

Uber Eats

අනුරාධපුර, 2025, මැයි 08 – ශ්‍රී ලංකාවේ ජංගම ආහාර සැපයුම් සේවාවේ ඉහළම කීර්තියක් හිමිකර ගැනීමට සමත් වූ Uber Eats, සිය සේවාව අනුරාධපුර පූජා නගරය ‌දක්වා ව්‍යාප්ත කිරීම පසුගියදා සිදුවිය. මෙමගින් අනුරාධපුර ප්‍රදේශයේ ජනතාව වෙත ආහාර පාන ඇතුළු එදිනෙදා අත්‍යවශය කරනු භාණ්ඩ සහ ද්‍රව්‍ය මෙම සේවාව ඔස්සේ තමන්ගේ නිවසටම ගෙන්වා ගැනීමේ අවස්ථාව හිමිකර දී ඇත.
 



 

ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ඇතුළු බෞද්ධ සිද්ධස්ථාන සහ ඓතිහාසික වටිනාකමකින් යුතු පෞරාණික නටඹුන් වලින් සමන්විත ශ්‍රී ලංකාවේ පළමුවන රාජධානිය වන අනුරාධපුර, අතීතයේදී මෙන්ම වර්තමානයේදී ද සෑම අත්නිම වැදගත්කමක් උසුලන්නකි. මෙවැනි වූ ස්ථානයකට Uber Eats සේවාවේ පැමිණීම තුළින්, නගරවාසීන්ට මෙන්ම, පූජා නගරය වැඳ පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් හට ද දැන් පුළුල් පරාසයක විහිදුණු ආහාර පාන සහ අනෙකුත් අත්‍යාවශ්‍ය දුව්‍ය තමන් ළඟටම ගෙන්වා ගැනීමට පහසුකම් සැලසෙනු ඇත. ඔබට අවශ්‍ය කෙටි ආහාරයක්, පවුලේ සැමට අවශ්‍ය රාත්‍රී ආහාරයක් හෝ නිවසේ ආහාර පිසීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය පවා ඉතා ඉක්මණින් මෙම සේවාව හරහා ගෙන්වා ගැනීමට හැකියාව තිබේ. තවද මේ වන විටත් අනුරාධපුර ප්‍රදේශයේ ජනප්‍රියම චමී රෙස්ටෝරන්ට්ස්, ආලංකුලම රෙස්ටෝරන්ට්ස්, මයි බර්ගර්, සිංහ කණුව හෝටලය සහ රස ගෙදර වැනි ආපනශාලා රාශියක් Uber Eats සමග අත්වැල් බැඳ ගෙන සිටීම සුවිශේෂ කරුණකි.

මෙම අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ Uber Delivery හි දේශීය කළමනාකාර වරුන් විජේවර්ධන මහතා මෙසේ අදහස් දැක්වීය. අපගේ අරමුණ වන්නේ ආහාර සහ අනෙකුත් අවශ්‍ය ද්‍රව්‍ය වඩාත් ඉක්මනින් හා පහසුවෙන් ජනතාව වෙත ලබා දීමයි. එම සේවාව අනුරාධපුර නගරය වෙත රැගෙන ඒමට ලැබීම ගැන අපට ඇත්තේ ඉමහත් සතුටක්. අනුරාධපුරය වගේ දැවැන්ත ඉතිහාසයක් සහ විශාල ඓතිහාසික, සංස්කෘතික වටිනාකමක් ඇති නගරයක් වෙත පැමිණීමට ලැබීම සහ එහි ජීවත් වන ජනතාවගේ ජීවිතවල කොටස්කරුවෙකු වීමට ලැබීම ගැනත් අපි බෙහෙවින් සතුටු වෙනවා. මේ හරහා Delivery අංශයෙන් නව රැකියා අවස්ථා බිහි වනු ඇති අතර, කුඩා ව්‍යාපාරවලට ඉක්මනින් දියුණු වීමට අවශ්‍ය සහයෝගය මින් ලැබෙනු ඇත. එය අපට ආඩම්බර වීමට හැකි කරුණක්.”

Uber Eats සේවාව අනුරාධපුර නගරයේ දියත් කිරීමට සමගාමීව, එහි ප්‍රාදේශීය සභාව එක්ව මෙවර අනුරාධපුර වෙසක් උත්සව සැමරීම් කටයුතු සංවිධානය කිරීමට ද Uber Eats පෙරමුණ ගන්නා ලදි. මේ ඔස්සේ කුබිච්චංකුලම වැව් ඉස්මත්ත සැකසීම, ප්‍රධාන සිද්ධස්ථාන අවට සංඥා පුවරු සවිකිරීම සහ ජාතික වෙසක් තොරණ තරගය, ප්‍රාදේශීය පාසල්වල සංස්කෘතික අංග හා පොදු LED සිනමා තිරයක් ස්ථාපනය කිරීම වැනි වැඩසටහන් සඳහා Uber Eats සිය අනුග්‍රහය ලබා දෙන ලදි.

අනුරාධපුර නගර සභාවේ N.H.R. නිශාන්ත මහතා මේ පිළිබඳව මෙලෙස තම අදහස් දැක්වීය. අනුරාධපුර කියන්නේ ලංකාවේ තියෙන පෞරාණික වගේම සංස්කෘතික වටිනාකම වැඩිම නගරයක්. Uber Eats වගේ ලෝක ප්‍රකට සේවාවක් අනුරාධපුරයට එනවා කියන්නෙ ඒක අනුරාධපුර ප්‍රදේශවාසීන්ට පමණක් නෙවෙයි, වසර පුරා මෙහි එන දෙස් විදෙස් සංචාරකයින්ටත් ඒක ලොකු දෙයක් වේවි. වගේම මෙවර වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් Uber Eats ලබා දුන් සහයටත් බොහොමත්ම ස්තුතියි.”

මෙම ව්‍යාප්තියත් සමග Uber Eats ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිලිවරි ආයතනය ලෙස තම ස්ථානය තව දුරටත් ශක්තිමත් කර ගන්නා ලදි. 2024 දෙසැම්බර් මාසයේදී කොග්ගල, තල්පේ සහ අහංගම ප්‍රදේශවලට ව්‍යාප්ත වූ Uber Eats ආයතනය, දකුණු වෙරළ තීරයේ තම ව්‍යාප්තිය තව දුරටත් පුළුල් කරමින් 2025 පෙබරවාරි මාසයේදී තම සේවාව මාතර, වැලිගම, මිරිස්ස යන ප්‍රදේශවලට ද ගෙන යන ලදි. ඒ වගේම, මාර්තු මාසයේදී වේයංගොඩ සහ නිට්ටඹුව ප්‍රදේශවලටත් තම සේවාවන් විවෘත කළ Uber Eats ආයතනය විසින් සමස්ත කොළඹ-ගම්පහ දිස්ත්‍රික්ක ද්විත්වයම ආවරණය කරමින් එහි තම ව්‍යාප්තිය තහවුරු කරන ලදි. Uber Eats මේ වන විට අනුරාධපුර, ගාල්ල, උනවටුන, කොග්ගල, තල්පේ, අහංගම, මාතර, වැලිගම, මිරිස්ස, වේයංගොඩ හා නිට්ටඹුව ආදී ලෙස ප්‍රදේශ රැසක සාර්ථකව ව්‍යාප්ත වෙමින් ප්‍රාදේශීය ව්‍යාපාරවල දියුණුවට සහය වීමට සහ එහි ජනතාවට ඉක්මන් ඩිලිවරි සේවාවක් ලබා දීමට කටයුතු කර තිබේ.

Uber Eats පිළිබඳ

Uber Eats විසින් පාරිභෝගිකයින් හට දේශීය අවන්හල්වලින් සහ වෙළඳසැල්වලින් තමන්ට අවශ්‍ය කරන පිසූ ආහාර, සිල්ලර භාණ්ඩ, ඉලෙක්ට්‍රොනික උපාංග, මල්, රූපලාවණ්‍ය නිෂ්පාදන, සුරතල් සතුන්ගේ ආහාර ඇතුළු ඕනෑම දෙයක්, ක්ෂණිකවම තමා වෙතට ගෙන්වා ගැනීමට ඉඩ සලසා දෙනු ලබයි. 2018 වර්ෂයේ දී ශ්‍රී ලංකාව තුළ දියත් කිරීමෙන් පසු, Uber Eats විසින් තම ගෝලීය තාක්ෂණය සහ සැපයුම් හැකියාවන් උපයෝගී කර ගෙන දිවයින පුරා ඇති නගර රාශියක් වෙත තම සේවාව පුළුල් කිරීමට කටයුතු කරන ලදි. මේ වන විට ඔවුන් තම සේවාව තවත් වැඩිදියුණු කරවමින් ඕනෑම නිෂ්පාදනයක් ඇඟිලි තුඩක දුරට ගෙන ඒමට කටයුතු කර තිබේ.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව