TRI-ZEN ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ස්මාර්ට් ජීවන රටාව තුළ විප්ලවීය වෙනසක් ඇති කරමින්, එහි නිමාවට පෙරම 75%ක අලෙවියක් සනිටුහන් කරයි.

2 (1) (LBN)

 



 

 

ජුනි 2023, කොළඹ, ශ්‍රී ලංකාව – අනාගතය සඳහා නිර්මාණය කරන ලද, 2023 වසර අවසානය වන විට නිම කිරීමට ආසන්න ව්‍යාපෘතියක් වන, කොළඹ නගරයේ කේන්ද්‍රස්ථානය වූ කොළඹ 2, යුනියන් පෙදෙසේ පිහිටා ඇති TRI-ZEN මහල් නිවාස සංකීර්ණය එහි දේපළවලින් 75% ක් මේ වන විට සාර්ථකව අලෙවි කොට ඇති බව නිවේදනය කළේය. මෙම විශිෂ්ට ජයග්‍රහණය මඟින් පිළිබිඹු වන්නේ ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සහ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් (පෞද්ගලික) සමාගම අතර හවුල් ව්‍යාපෘතියක් වන TRI-ZEN සඳහා ඇති දැවැන්ත ආකර්ෂණය සහ ඉල්ලුමයි.
ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් කටයුතු අවසන් අදියර කරා ගමන් කරන විට, TRI-ZEN සතු අද්විතීය විකුණුම් ප්‍රමුඛතා රැසක් හේතුවෙන් එය ආයෝජක ප්‍රජාවෙහි අවධානයට නිරන්තරයෙන් ලක් වී තිබේ. TRI-ZEN හි කේන්ද්‍රීය පිහිටීම, අනාගත චින්තනයක් සහිත සැලසුම සහ ජීවන ශෛලියට ඔබින බව, නවීන පහසුකම් සහ ප්‍රතිලාභ මෙන්ම මහල් නිවසක දිවි පැවැත්ම සඳහා එහි ඇති තාක්ෂණික සහ තිරසාර ප්‍රවේශය ආදිය TRI-ZEN සඳහා ආයෝජන ආකර්ෂණය හිමි වීමට හේතු වී තිබේ. ඉදිකිරීම් අවසන් වූ පසු, TRI-ZEN මහල් නිවාස සංකීර්ණය ශ්‍රී ලංකාව තුළ ඉහළම ඉල්ලුමක් සහිත නේවාසික දේපළවලින් එකක් වනු නොඅනුමානය.
ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව අදහස් දක්වමින් ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස්හි විකුණුම් සහ අලෙවි ප්‍රධානී සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්හි උප සභාපති – නදීම් ෂම්ස් මහතා මෙසේ පැවසීය: “පසුගිය වසර කිහිපය තුළ අප මුහුණ දුන් අභියෝග මධ්‍යයේ වුවද, මේ දක්වා ව්‍යාපෘතියෙන් 75% ක් අලෙවි කිරීමට අපට හැකි වී තිබේ. මෙම සන්ධිස්ථානය අපගේ පාරිභෝගිකයින් අප කෙරෙහි තබා ඇති විශ්වාසය පිළිබඳ මනා තහවුරුවකි. TRI-ZEN යනු සාමාන්‍ය නේවාසික ගොඩනැගිල්ලකට වඩා බොහෝ සෙයින් වෙනස් අත්දැකීම් රැසක් සිය පාරිභෝගිකයින් වෙත පිරිනමනු ලබන්නකි. අපි TRI-ZEN ප්‍රජාව සඳහා සුවපහසුව මෙන්ම අද්විතීය ජීවන අත්දැකීම් නිර්මාණය කරමින් සිටිමු. එමඟින් ඔබගේ නාගරික දිවිපෙවෙතෙහි නව පෙරළියක් ඇති කරන අතර ජීවිතය උපරිමයෙන් අත්විඳීමට ඔබට අවකාශය සලසනු ඇත.”
TRI-ZEN හරහා ආකර්ෂණීය මිල ගණන් යටතේ මහල් නිවාස ලබා ගැනීමට ගැණුම්කරුවන්ට හැකි වන අතර රුපියල් මිලියන 44 සිට ආරම්භ වන මෙම මිල ගණන් පුළුල් පරාසයක් තුළ විහිදී පවතී. නවීන පහසුකම් සහිත සමකාලීන ජීවන අත්දැකීමක් ලබා ගැනීමට TRI-ZEN හි මහල් නිවසක් මිලදී ගන්නා ගැණුම්කරුවන්ට අවස්ථාව සැලසෙන අතර එමඟින් හිමිකරුවන්ට සුවිශේෂී වටිනාකමක් අත්කර දේ. TRI-ZEN හරහා හිමිකරුවන්ට වඩා හොඳ මූල්‍ය සැලසුම්කරණයක් සඳහා මග පාදයි. මූලික ගෙවීම වශයෙන් 40% ක ගෙවීමක් පමණක් සිදු කොට ඉතිරි 60% නිවස භාර ගැනීමේදී ගෙවීමට ඉඩ සලසා ඇති බැවින් නම්‍යශීලී ගෙවීම් සැලසුමක නිදහස භුක්ති විඳීමට ගැණුම්කරුවන්ට හැකි වනු ඇත.
ඉදිකිරීම් අවසන් වූ පසු TRI-ZEN මහල් නිවාස සංකීර්ණය, මහල් නිවාස 891 කින් යුත් නේවාසික කුළුණු තුනකින් සමන්විත වනු ඇත; එම සෑම කුළුණක්ම නිදන කාමර 1, 2 සහ 3 ක් සහිත නිවාස ඒකක සම්මිශ්‍රණයක් සහිත වේ. කොළඹ නගරය තුළ ව්‍යාපාර සහ විනෝදාස්වාදය සඳහාම සුවිශේෂී වූ ප්‍රදේශයක සුවපහසුව සහ සමකාලීන ජීවන රටාව අත්විඳීමට පදිංචිකරුවන්ට අවස්ථාව සලසමින් ස්මාර්ට් තාක්ෂණය ඒකාබද්ධ කිරීම සඳහා එය මුල සිටම නිර්මාණය කර ඇත. නාගරික පරිසරයෙන් මිදීම සඳහා වන අවකාශයක් ලෙස සැලකෙන, TRI-ZEN මහල් නිවාස සංකීර්ණය හරිත අවකාශ, ධාවන පථයක්, පිහිනුම් තටාක, මනාව සකස් කොට ඇති යෝග්‍යතා සහ සුවතා මධ්‍යස්ථාන සහ ක්‍රීඩාගාරයක් ඇතුළු නේවාසික පහසුකම් රැසකින් සමන්විත වේ. කොළඹ ප්‍රධාන පොදු ප්‍රවාහන පර්යන්ත, ව්‍යාපාරික මධ්‍යස්ථාන, පාසල්, රෝහල්, උද්‍යාන, ආගමික සිද්ධස්ථාන, හෝටල් සහ විනෝදාස්වාදය සඳහා වූ අතිවිශාල ස්ථාන සංඛ්‍යාවකට ඉතා පහසුවෙන් ළඟා විය හැකි ලෙස පිහිටා ඇති බැවින් මෙම මහල් නිවාස සංකීර්ණය අනාගත නිවාස හිමියන්ට වඩාත් ආකර්ෂණීය වනු ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව