TRI-ZEN නිවාස සඳහා ඉල්ලුම ඉහළට: ඉදිකිරීම් 45% ක් අවසන්

TRI-ZEN

 




 

 

ආකර්ෂණීය පොලී අනුපාත සමග දේපළ ක්ෂේත්‍රය ඉලක්ක කරගත් නව මූල්‍ය සේවාවන් හඳුන්වා දීම හේතුවෙන් බොහෝ දෙනෙකු මේ වනවිට සුඛෝපභෝගී මහල් නිවාස සඳහා ආයෝජනය කිරීමට පෙළඹී ඇති බව ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ උප සභාපති සහ විකුණුම් හා අලෙවි ප්‍රධානී (දේපළ සමූහය) නදීම් ශම්ස් මහතා පැවසී ය.

මේ වනවිට ශ්‍රී ලංකාවේ ස්ථාවර තැන්පතු සඳහා මෙන්ම නිවාස ණය සඳහා වන පොලී අනුපාතයන් බෙහෙවින් අඩු වී ඇත. මීට සමගාමීව සහාධිපත්‍ය (Condominium) දේපළ සඳහා ඇති ඉල්ලුම ඉහළ යාමත් සමග ආයෝජකයෝ දේපළ ක්ෂේත්‍රයේ ස්ථාවර සහ ඉහළ ප්‍රතිලාභ ලබාදෙන ආයෝජන කෙරෙහි වැඩි වැඩියෙන් අවධානය යොමුකරමින් සිටිති.

“COVID-19 හේතුවෙන් ඇති වී තිබෙන අභියෝග හමුවේ පවා දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය යහපත් ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කිරීමට සමත් වී තිබෙනවා. TRI-ZEN ව්‍යාපෘතියේ කුලුනු වල 39 වන මහල දක්වා ඉදිකිරීම් සම්පූර්ණ කිරීමට අපට හැකියාව ලැබුණා. දැන් ඔබට TRI-ZEN ව්‍යාපෘතියේ මූලික හැඩතල සමග, එය කොළඹ නගරයේ පෙනුම වෙනස් කරන ආකාරය ගැන පැහැදිලි අදහසක් ලබාගන්නට පුළුවන්.” නදීම් ශම්ස් මහතා පැවසී ය.

ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ නාගරීකරණය පුළුල් වීමත් සමග ශ්‍රී ලාංකිකයන් TRI-ZEN වැනි ව්‍යාපෘති පිළිබඳව වැඩි වැඩියෙන් උනන්දු වීමට පටන්ගෙන ඇති බවයි. මෙම නිවාස නගර මධ්‍යයේ පිහිටා තිබීම, ඉහළම මට්ටමේ පහසුකම් වලින් සමන්විත වීම සහ, ආකර්ෂණීය මිලගණන් යටතේ ලබාගත හැකි වීම වැනි සාධක ඊට බෙහෙවින් බලපා ඇත. “මෙතැනදී අනෙකුත් ව්‍යාපෘති වලට සාපේක්ෂව අප පිරිනමන තරගකාරී මිලගණන් බෙහෙවින් වැදගත් වී තිබෙනවා. විශේෂයෙන්ම වේගයෙන් ඉහළ යන ඉදිකිරීම් වියදම් සහ ඉඩම් මිල සමග, මෙම නිවාස වල වටිනාකම ඉදිරියේදී තව තවත් ඉහළ යනු ඇති.” ශම්ස් මහතා පෙන්වා දුන්නේ ය.

ගැනුම්කරුවන්ට වඩාත් පහසුවෙන් මෙම ව්‍යාපෘතියෙන් නිවාස මිලදී ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන බැංකු සමග එක්වී  ‘Freedom Mortgage Package’ නමින් සුවිශේෂී මූල්‍ය පහසුකමක් හඳුන්වා දීමටද ජෝන් කීල්ස් ප්‍රොප(ර්)ටීස් සමාගම කටයුතු කළේ ය. වසර 2 ක් සඳහා පොලී ගෙවීමකින් තොර සහන කාලයක් සහිත මෙම මූල්‍ය පහසුකම යටතේ ගැනුම්කරුවන් මුලින් ගෙවිය යුත්තේ මුළු වටිනාකමින් 20% ක් පමණක් වන අතර, වසර 2 ක කාලයක් ගතවන තුරු වෙනත් ගෙවීමක් සිදුකළ යුතු නැත. මෙම වසර 2 කට පසුව පොලිය ගෙවීම ආරම්භ වන අතර, ඉන් වසර 3 කට පසුව මූලික මුදල ආපසු ගෙවීම ආරම්භ වේ.

7% සිට ඉහළට ආකර්ෂණීය පොලී අනුපාතයන් යටතේ මෙම මූල්‍ය පහසුකම ලබාගත හැකි අතර, අවම මූලික ගෙවීමක් සමගින්, තම කැමැත්ත අනුව මූල්‍ය පහසුකම් පැකේජ ලබාගත හැක. විශිෂ්ට පාරිභෝගික සේවාවක් සමගින් මෙම මූල්‍ය පහසුකම් ලබාදීමට ප්‍රධාන පෙළේ බැංකු 3 ක් ඉදිරිපත් වී සිටින නිසා, තමන්ට කැමති බැංකුවක් තෝරාගැනීමට ගැනුම්කරුවන්ට අවස්ථාව ලැබේ.

“‘Freedom Mortgage Package’ සඳහා ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබී තිබෙනවා. සාමාන්‍යයෙන් එකවර විශාල මුදලක් ආයෝජනය කිරීම අපහසු වන ආයෝජකයන්ට TRI-ZEN වැනි ව්‍යාපෘතියක ආයෝජනය කිරීමට එමගින් අවස්ථාව ලැබී ඇති බව පැහැදිලියි. එම නිසා පදිංචියට අගනගරයෙන් සුඛෝපභෝගී නිවසක් සොයන අයට මෙන්ම දීර්ඝකාලීන ආයෝජනයක් ලෙස TRI-ZEN නිවාසයක ආයෝජනය කිරීමට උනන්දු වන අයටත්  මෙය අගනා විසඳුමක් බවට පත්වී තිබෙනවා.” නදීම් ශම්ස් මහතා වැඩිදුරටත් පැවසී ය.

TRI-ZEN යනු ඉන්ද්‍රා ට්‍රේඩර්ස් (පුද්.) සමාගම සහ ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී අතර ඇතිකරගත් හවුල්කාරීත්වයක් යටතේ ඉදිකරනු ලබන ව්‍යාපෘතියකි. චයිනා ස්ටේට් කන්ස්ටර්ක්ෂන් ඉංජිනියරිං කෝපරේෂන් සමාගම (China State Construction Engineering Corporation Ltd – CSCEC) එහි ප්‍රධාන ඉදිකිරීම් සමාගම ලෙස කටයුතු කරයි. කොළඹ යුනියන් පෙදෙසේ පිහිටා ඇති, කුලුනු 3 කින් යුත් මෙම ව්‍යාපෘතිය නිදන කාමර එක, දෙක සහ තුන බැගින් වන නිවාස නිවාස 891 කින් සමන්විත වන අතර, නිදන කාමර දෙකක් සහිත නිවසක් රු. මිලියන 36 සිට ඉහළට මිලදීගත හැකි වේ.

උද්‍යාන, ඇවිදීමේ මංතීරු, පිහිනුම් තටාක, ව්‍යායාම මධ්‍යස්ථාන සහ ක්‍රීඩා ශාලා ඇතුළුව, කොළඹ නගරය තුළ සුඛෝපභෝගී ජීවිතයක් ගතකිරීමට අවශ්‍ය සියලුම පහසුකම් මෙම ව්‍යාපෘතියට ඇතුළත් වී ඇත.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 − one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව