
ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) අධ්යක්ෂ ජනරාල් ඕෂද සේනානායක මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඕෂද සේනානායක මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබේ. සේනානායක මහතා 2019 නොවැම්බර් මාසයේදී TRCSL හි අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කරනු ලැබුවේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්රී ලංකාවේ නව රාජ්ය නායකයා ලෙස තේරී පත් වීමෙන් පසුවය. සේනානායක මහතා TRCSL හි ඔහුගේ භූමිකාවට අමතරව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපතිවරයා ලෙසද කටයුතු කරයි. සේනානායක මහතා 2021 අගෝස්තු මාසයේදී ICTA හි සභාපති ලෙස වැඩ භාර ගත්තේය.