TikTok #ValentinesDay ආදරය පතුරමින් නිර්මාණාත්මක අදහස් ප‍්‍රකාශ කිරීමේ අවස්ථාව හිමිකර දෙයි

TikTok Creator Collage (LBN)

ආදර ලෝකයේ රස මුසු තැන් නිරන්තරයෙන් රස ගන්වන TikTok, ආරක්ෂාකාරී හා සුහද සම්බන්ධතාවන් ඉහළ නැංවීම වෙනුවෙන් වන සිය කැපවීම යළිත් ප‍්‍රදර්ශනය කරමින් ආදරවන්තයින් හට #ValentinesDay සැමරීමේ අවස්ථාව උදා කර දෙන ලදී. එහිදී පේ‍්‍රමණීය යුවල හා නිර්මාණකරුවන්හට ඉදිරියට යාම වෙනුවෙන් කදිම අවකාශයක් නිර්මාණය කිරීමට කටයුතු කළ TikTok ආදරවන්තයින්ගේ දිනයේදී ආදරවන්තයින්ට අවශ්‍ය සියලූ දේ පහසුවෙන් සොයා ගැනීමේ හා ගවේෂණය කිීරීමේ ඉඩ හසර විවර කර දුන්නේය.
පරිශීලකයින්ගේ සිත් ඇද ගන්නා ආකර්ෂණීය අන්තර්ගතයකින් සැදුම් ලත් TikTok විවිධ ප‍්‍රමාණයේ වීඩියෝ තුළින් එම අන්තර්ගතයන් තවදුරටත් පරිශීලකයා අතරට ගෙන එනු ලබන්නේ ඔවුන්ට නවමු අත්දැකීමක් එක් කරමිනි. ඒ නිසාම ‘Eric & Mani Heinrichs’ ගේ හාස්‍ය ජනක රසෝත්පාදකයන්ගේ සිට “Travel with Wife” වැනි විශ්මය දනවන සංචාර, Eshi Dias ගේ එදිනෙදා ජීවිතය දක්වා බොහෝ දේ පරිශීලකයන් වෙත ලබා දීමට කටයුතු කර ඇත්තේ ඔවුන්ට පහසුවෙන් රස විඳිය හැකි තොරතුරු, විනෝදාස්වාද සහ තවත් බොහෝ සිත් ගන්නා සුළු විශේෂාංග රැසක් වෙත සමීප වීමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙමිනි.

 



 

ආදර වන්තයින්ගේ දිනය වෙනුවෙන් TikTok නිර්මාණය කළ #ValentinesDay තුළින් නිර්මාණකරුවන් හට ඔවුන්ගේ පේ‍්‍රක්ෂකයින් වෙත පහසුවෙන් සමීප වීමටත්, පරිශීලකයින් හට තමන් කැමතිම දේ රස විඳීමටත් අවස්ථාව ලබා දෙමින් විවිධ අන්තර්ගයන් තුළින් ආදරය බෙදා හදා ගැනීමට කටයුතු කිරීම විශේෂත්වයකි.


Eric & Manisha Heinrichs (@ericandmani)
“අප දෙදෙනා එකිනෙකා සමච්චලයට ලක් කරමින් යුවලක් ලෙස අපගේ අන්තර්ගතයන් නිර්මාණය කිරීමට කටයුතු කළා. අපි දෙදෙනා විවිධ අවස්ථාවන්වලදී අප අත්විඳි හාස්‍යෝත්පාදක සිදුවීම් තුළින් අදහස් එක් කර ගනිමින් ඒවා පිළිබඳව සාපේක්ෂ අයුරින් කතා කළා. අපගේ TikTok වීඩියෝ බොහොමයක් නාට්‍යාකාර වුවත් ඒවායින් බොහෝ දේ අප ජීවිතයේදී අත්විඳි දේවල් ලෙස සඳහන් කළ හැකියි. අපගේ නිර්මාණයන් පිළිබඳව ආපසු හැරී බැලීමේදී ආරම්භයේදී අප වීඩියෝ නිර්මාණය කළ ආකාරය හා වසර 2කට පසු අද සිටින තත්වය සම්බන්ධයෙන් ඉතාමත් සතුටුයි. ඇත්තටම මුලින් අප දෙදෙනාට TikTok පේජ් 2ක් තිබුණා. නමුත් මාස කිහිපයකට පෙර එය ‘Eric & Mani’ නමින් එක් පිටවුක් බවට පරිවර්තනය කිරීම තුළින් අපගේ වීඩියෝවල සුවිශේෂී සන්ධිස්ථානයක් සැමරීමට හැකි වුණා. අප දෙදෙනාගේ පිටු 2 අන්තර්ගතය එක් පිටුවක් බවට පරිවර්තනය කළ පසු සුවිසල් වෙනසක් සිදු වූ බව අපිට අවබෝධ වුණා.’’

Travel with Wife (@travelwithwifelk)
‘‘අප මුලින්ම අන්තර්ගතයන් නිර්මාණය සඳහා යොදා ගත්තේ YouTube වේදිකාවයි. එහිදී අපගේ අත්දැකීම්, කථා වැනි දේ පේ‍්‍රක්ෂකයින් අතරට ගෙන යාමට අපගේ නිර්මාණාත්මක හැකියාවන් ඉහළින් භාවිත කළා. එහෙත් සංචාරයන් සම්බන්ධ අන්තර්ගතයන් වැඩි වැඩියෙන් නිර්මාණය වීමේදී TikTok අපට විශාල අවස්ථාවක් උදා කර දුන්නා.
එහිදී විශේෂයෙන් අවම වියදමකින් වැලන්ටයින් නිවාඩුවක් ගත කිරීම වෙනුවෙන් ඇල්ල ප‍්‍රදේශයට දුම්රියෙන් ගමන් කිරීමට අපි අදහස් කළා. ඇල්ල සහ මහනුවර අතර ප‍්‍රදේශයෙන් ගමන් ගන්නා විට නෙත ගැටෙන අසමසම අලංකාරත්වයකින් යුත් දර්ශනයන් ආදරවන්තයින්ගේ නෙතට රසඳුනක් විය හැකියි. ඒ වගේම #WhereToEat පිළිබඳව කල්පනා කරන ආදරවන්තයින් හට නෙලූම් කුළුණේ Blue Orbit හිදී වැලන්ටයින් දිනය සමරමින් ආදරය බෙදා හදා ගැනීමට අවස්ථාව හිමි වුණා. එහි සිට ආහාර රස විඳින අයකුට ඈත අහසේ හිරු බැස යන මනස්කාන්ත දර්ශනයත්, කොළඹ නගරයේ අසිරියත් සිත් සේ විඳ ගනිමින් ආදරවන්තයින්ගේ දිනය සතුටින් විඳ ගැනීමේ අවස්ථාව හිමි වූ බව සඳහන් කළ හැකියි’’

Eshi Dias (@eshi.dias)
‘‘අපගේ රුචිකත්වයට ගැලපෙන TikTok ප‍්‍රවණතාවන් නෙත ගැටෙන සෑම විටම ඒවා අත්හදා බැලීමට අපි උත්සාහ කළා. අපි බොහෝ විට සැබෑ ජීවිතයේ මුහුණ දෙන අවස්ථාවන් පදනම් කර ගනිමින් TikTok නිර්මාණ සිදු කරන අතරම එම නිර්මාණයන් යුවලක් ලෙස බෙදා හට ගැනීමට කටයුතු කරනවා. එදිනෙදා ජීවිතයේදී අප අත්දකින දේ සහ සංචාරක අන්තර්ගතයන් ඊට ඇතුළත්. එහිදී වැදගත් දෙයක් ලෙස ඒවා වෙනුවෙන් අපි භාවිත කරන ඇඳුම් සහ ආයිත්තම් පෙන්වා දිය හැකියි. අපි ගැළපෙන ඇඳුම් පැලඳුම් යොදා ගනිමින් clap transition වීඩියෝව මාසයක පමණ කාලයක් සිදු කළා. ඒ වගේම TikTok හි බොහෝ දෙනා එය ඉතා ආදරයෙන් වැළඳගත් බව අපට දකින්නට ලැබුණා.
ආදරවන්තයින්ගේ දිනයේදී රතු වර්ණය බොහෝ බොහෝ විට භාවිත කරනවා. ඔබ එදිනට රතු වර්ණය තෝරා ගත්තත්, නැතත් ඔබ දෙදෙනාටම එකම වර්ණයක ඇඳුමකින් සැරසීමට හැකි නම් එය ඉතා අලංකාර වනු ඇති අතර ඔබ දෙදනාට සම්පූර්ණයෙන් ගැලපෙන ඇඳුම් කට්ටලයක් නොමැති නම් වර්ණ දෙකක් භාවිත කරමින් ඊට විචිත‍්‍රත්වයක් එක් කළ හැකියි.’’
ආරක්ෂිත හා සුහදශීලී සබඳතාවකින් යුත් පිරිසක් බිහි කිරීම සඳහා කැපවන TikTok නිර්මාණකරුවන්ගේ දියුණුව වෙනුවෙන් කදිම වේදිකාවක් සපයනු ලබයි. එහිදී විශේෂයෙන් යුවල සඳහාද ඉතා ඉහළ අවස්ථාවක් ලබා දීමට කටයුතු කරන ඔසනඔදන ඔවුන්ගේ සුවිශේෂී දිනයක් වන #ValentinesDay වෙනුවෙන් Eric & Mani, Travel with Wife සහ Eshi Dias වැනි නිර්මාණකරුවන් හට ඔවුන්ගේ අන්තර්ගතයන් බෙදා හදා ගැනීමට අවස්ථාව සළසා දෙන ලදී. මේ සියලූ දේ තුළින් පැහැදිලි ප‍්‍රජා මාර්ගෝපදේශයන් හා ආරක්ෂිත අන්තර්ගතයන් පළ කිරීම හරහා ආදරය, සහජීවනය හා නිර්මාණශීලීත්වය ඔප්නංවන වේදිකාවක් බවට පත්වන්නට TikTok සමත්ව සිටියි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව