TikTok 2025 පළමු කාර්තුවේ ප්‍රජා මාර්ගෝපදේශ බලාත්මක කිරීමේ වාර්තාව නිකුත් කරයි

TikTok Logo

2025 පළමු කාර්තුව සඳහා වන ප්‍රජා මාර්ගෝපදේශ බලගැන්වීමේ වාර්තාව TikTok විසින් පසුගියදා නිකුත් කරන ලදී. එහි අරමුණ වූයේ TikTok පරිශීලකයින් වෙනුවෙන් ආරක්ෂිත ඩිජිටල් අවකාශයක් නිර්මාණය කිරීමයි. 2025 ජනවාරි සිට මාර්තු දක්වා දත්ත ආවරණය කරනු ලබන මෙම වාර්තාවෙහි ගෝලීය ප්‍රජාවට ධනාත්මක අත්දැකීමක් සහතික කරමින් ප්‍රජා මාර්ගෝපදේශවලට බාධා පමුණුවන අන්තර්ගතයන් හඳුනාගෙන ඉවත් කිරීම සඳහා TikTok ක්‍රියාකාරීව කටයුතු කළ ආකාරය පිළිබඳ විස්තර ඇතුළත් වේ.

ඒ අනුව 2025 පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාව තුළ වීඩියෝ 4,565,890 ක් ඉවත් කිරීමට TikTok කටයුතු කර තිබිණි. ශ්‍රී ලංකාව තුළ මෙම වීඩියෝ කඩිනමින් ඉවත් කිරීමේ අනුපාතය 99.9%ක් වූ අතර මෙම වීඩියෝවලින් 92.9%ක් පැය 24ක් ඇතුළත ඉවත් කිරීමට කටයුතු කිරීමද විශේෂත්වයකි.

 



 
එසේම ගෝලීය වශයෙන් මෙම කාර්තුවේදී ලොව පුරා වීඩියෝ මිලියන 211ක් ඉවත් කිරීමට TikTok කටයුතු කර ඇත. එම ප්‍රමාණය TikTok වෙත එක් කර ඇති සියලු අන්තර්ගතයන්ගෙන් 0.9%ක් පමණ ප්‍රමාණයකි. ඉවත් කරන ලද වීඩියෝවලින් 184,378, 987ක් ස්වයංක්‍රීය හඳුනාගැනීමේ තාක්ෂණය භාවිතයෙන් ඉවත් කර ඇති අතර වැඩිදුර සමාලෝචනයකින් පසුව වීඩියෝ 7,525,184ක් නැවත ස්ථාපනය කිරීමටද TikTok කටයුතු කරන ලදී. එහි කාර්යක්ෂම ඉවත් කිරීමේ අනුපාතය 99.0%ක් වූ අතර සලකුණු කරන ලද අන්තර්ගතයන්ගෙන් 94.3%ක් පළ කර පැය 24ක් ඇතුළත ඉවත් කිරීමට කටයුතු කර ඇත.

එසේම ඉවත් කරන ලද සම්ස්ත වීඩියෝවලින් 30.1%ක් පමණ සැලකිය යුතු අන්තර්ගතයන් ප්‍රමාණයක් TikTok හි ප්‍රතිපත්තිවලට අනුකූල නොවන සංවේදී හෝ වැදගත් තේමාවන් අඩංගු අන්තර්ගතයන් බවද එම වාර්තාවෙන් පෙන්වා දෙයි. එසේම වීඩියෝවලින් අමතර 11.5%ක් පමණ වේදිකාවේ ආරක්ෂාව සහ සංස්කෘතික ප්‍රමිතීන් උල්ලංඝනය කර ඇති බව පෙන්වා දෙන එම වාර්තාව අන්තර්ගතයන්ගෙන් 15.6%ක් පෞද්ගලිකත්වය හා ආරක්ෂක මාර්ගෝපදේශ උල්ලංඝනය කළ බවද පෙන්වා දෙයි. ඊට අමතරව ඉවත් කරන ලද වීඩියෝවලින් 45.5%ක් වැරදි තොරතුරු ලෙස සලකන අතර 13.8%ක් සංස්කරණය කරන ලද මාධ්‍ය සහ AI-generated අන්තර්ගතයන් ලෙස සලකන ලදී.

මෙම වාර්තාවේ Community Guidelines Enforcement Report තුලින් අන්තර්ගතයන්ගේ සහ ගිණුම් ක්‍රියාමාර්ගයන්හි පරිමාණය සහ ස්වභාවය පිළිබඳව අවබෝධයක් ලබා දී ඇත්තේ TikTok හි පූර්ණ විනිවිදභාවය සඳහා වන කැපවීම අවධාරණය කරමිනි. 2025 පළමු කාර්තුවේ වාර්තාව පිළිබඳ සවිස්තරාත්මක අවබෝධයක් ලබා ගැනීම සඳහා TikTok හි Transparency Centre වෙත පිවිසෙන්න.

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව