TikTok ශ්‍රී ලාංකේය තරුණ තරුණියන්ගේ හැකියාවන්ට අවස්ථාව ලබා දෙමින් වඩා හොඳ හෙට දවසක් උදා කරයි

Tiktok influencers Final (LBN)

එක click කිරීමකින් ලෝකයක් දකින්නට හැකි TikTok තුළින් මෙරට තරුණ තරුණියන් ලබා ගන්නා අත්දැකීම් අති මහත්ය. එය හුදෙක් විනෝදාස්වාදය සඳහා පමණක් නොව නිර්මාණකරණය, අධ්‍යාපනය, අත්දැකීම් බෙදාහදා ගැනීම වැනි යහපත් හෙට දවසකට අවශ්‍ය දේ ඒ තුළින් සපුරා ගැනීමට වත්මන් තාරුණ්‍ය කටයුතු කරති.

‘’From Clicks to Progress: Youth Digital Pathways for Sustainable Development,” යන්න තේමා කරගත් 2024 ජාත්‍යන්තර තරුණ දිනය සමරන මේ මොහොතේ ඩිජිටල් ලෝකය තුළ තරුණ්‍ය විසින් ඇති කරන සුවිසල් බලපෑම පිළිබඳව විශේෂයෙන් සඳහන් කළ යුතුව ඇත. ඩිජිටල් ලෝකය තුළ ඇති බොහෝ දේ සොයා ගැනීමට පමණක් නොව වඩා හොඳ තිරසාර අනාගතයක් වෙනුවෙන් දැනුම ලබා දීමට අවශ්‍ය මෙවලමක් ලෙස භාවිත කිරීමට, අත්දැකීම් බෙදාහදා ගැනීමට මෙන්ම තමන්ගේ අදහස් ප්‍රචාරයට ඒ තුළින් අවස්ථාව උදා වී තිබේ.

 




 

ප්‍රධාන වශයෙන් විනෝදාස්වාද වේදිකාවක් ලෙස පෙන්වා දිය හැකි TikTok මේ වන විට ලොව පුරා තාරුණ්‍යයේ ආකර්ෂණය දිනාගත් අධ්‍යාපනයේ හා ආශ්වාදයේ අවකාශයක් බවට පත්ව තිබීමද විශේෂත්වයකි. අද පිවිසීම තුළින් හෙට දියුණුවේ මං විවර කරන TikTok නිර්මාණශීලීත්වය එක් තැන් කළ වේදිකාවක් ලෙසද සඳහන් කළ හැකිය. මේ වසරේ තාරුණ්‍ය පදනම් කර ගත් තේමාව ඩිජිටල්කරණය හා තාක්ෂණික භාවිතය පිළිබඳ ඔවුන්ගේ හැකියාවන් ඉස්මතු කිරීමටද හේතු වනු ඇත.

ශ්‍රී ලංකාව තුළද විටින් විට ඇති වූ අර්බුධ තත්වයන්හිදී පවා එහි ගාමක බලවේගය වූයේ TikTok බව අමුතුවෙන් කිව යුතු නැත. එය ප්‍රජා සංවර්ධනයේ සිට සාහිත්‍ය, මානසික සෞඛ්‍යය සහ වෙනත් තීරණාත්මක හේතුන් සඳහා ප්‍රමුඛ සාධකයක් වූ තාරුණ්‍යයේ ශක්තිය විය. ඔවුන් මේ වේදිකාව යොදා ගත්තේ නවෝත්පාදනය හා අධිෂ්ඨානශීලීත්වය තුළින් රට ඉහළට ඔසවා තැබීමට පමණක් නොව ප්‍රජාවන් සවිබල ගැන්වීම හා නව අවස්ථාවන් නිර්මාණය කරන ආකාරයේ ඩිජිටල් රැල්ලක් ඇති කිරීමටද ඒ තුළින් හැකි වී ඇත.

මේ ඒ ආකාරයේ විනෝදාස්වාදය පමණක් නොව අධ්‍යාපනඥයින්, ව්‍යවසායකයින් සහ යහපත් හෙට දවසක් වෙනුවෙන් පෙනී සිටින නිර්මාණකරුවන් කිහිප දෙනෙකි.

ජනප්‍රිය වෙමින් සිටින Dr. Prabodha චර්ම රෝග, රූපලාවන්‍ය සහ යෝග ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත වෛද්‍ය ප්‍රබෝධා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව TikTok වෙත ගෙන එමින් ලොව පුරා නවක ප්‍රේක්ෂක පිරිසක් ආකර්ෂණය කර ගැනීමට සමත්ව සිටියි. සාම්ප්‍රදායික හා අතීත ආයුර්වේද ශාස්ත්‍රය වත්මන් ජීවන රටාවන් සමඟ ගලපමින් තරුණ තරුණියන්ට යහපත් සෞඛ්‍යය පිළිබඳ උනන්දුවක් ඇති කිරීමට ඇයට හැකිව තිබේ. ආයුර්වේදය ප්‍රතිකාර ක්‍රමයක් ලෙස පමණක් නොව ආදායම් මාර්ගයක් ලෙසද අනුගමනය කිරීමට තාරුණ්‍යය උනන්දු කරවමින් සියවස් ගණනාවක් පැරණි ආයුර්වේද දැනුම වර්තමානයට ගෙන එන්නට ඇය සමත්ව සිටියි.

Nayomi ද මෙරට සිටින එවන් තාරුණ්‍යයේ ව්‍යවසායිකාවකි. අතින් නිර්මාණය කරනු ලබන නිෂ්පාදනයන් ඇතුළත් ඇයගේ TikTok ගිණුම බොහෝ දෙනාගේ ආරකර්ෂණය දිනා ගත්තකි. ඇය තමන්ගේ පුද්ගලික විනෝදාංශයක් ලෙස ආරම්භ කළ මෙම නිර්මාණකරණය වර්තමානයේදී ව්‍යාපාරයක් දක්වා ගොඩනගා ගැනීමට මෙම TikTok ගිණුම ඇයට ශක්තිය ලබා දී ඇත. ඇය ඒ පිළිබඳව TikTok වෙත ස්තුතිය පල කර සිටින්නේ ඇගේ දියුණුවේ ප්‍රධානම සාධකය TikTok බව පෙන්වා දෙමිනි.

දක්ෂ කථිකයකු මෙන්ම මනෝ චිකිත්සකයකු වන Hasintha Hewawasam සුවිශේෂී ඉඩක් වෙන් කර ගැනීමට සමත්ව ඇත්තේ සිය ග්‍රාහකයින්ගේ ජීවිතයට සතුටක් සැනසුමක් එක් කරමිනි. ඔහුගේ අන්තර්ගතයන් බොහෝ දෙනෙකුගේ ජීවිත සාර්ථක කරගැනීමට මෙන්ම ප්‍රශ්නවලට මුහුණ දීමේදී ශක්තිමත්ව සිටීමට මහෝපකාරී වී ඇත. තරුණ තරුණියන් දිරි ගන්වමින් ඔවුන්ගේ ජීවන ගමනට ශක්තියක් වන්නට සමත්ව ඇති හසින්ත පවසන්නේ “මගේ තීක්ෂණ බුද්ධිය හා සහයෝගය සඳහා TikTok භාවිත කිරීමට කටයුතු කරන මම ශ්‍රී ලාංකික තරුණ කරුණයින් සමඟ පුද්ගලිකව සම්බන්ධ වීමට උත්සාහ කරනවා’‘ යනුවෙනි.

දක්ෂ වයලීන් වාදන ශිල්පිනියක් වන Hiranya Thathsarani ගේ සංගීතයට ඇති කැමැත්ත හා දක්ෂතාව ලෝකය සමඟ බෙදා ගන්නේ TikTok භාවිත කරමිනි. ශ්‍රී ලාංකේය සංස්කෘතියේ විශිෂ්ටත්වය සංගීතය තුලින් ලොවට ගෙන යාමට කටයුතු කර ඇති ඇය කලාවෙහි ඇති සීමා මායිම් ඉක්මවා යාමේ හැකියාව මනාව ප්‍රදර්ශනය කර ඇත. සජීවී රසාස්වාදයේ වේදිකාවක් බවට පත්ව ඇති ඇයගේ TikTok ගිණුම සංගීතයේ රසය ප්‍රේක්ෂකයා වෙත ගෙන යන අතීතය හා වර්තමානය යා කරන පාලමක් ලෙස සඳහන් කිරීමද නිවැරදිය.

විචිත්‍රවත් බව, පෞරුෂය හා නිර්මාණශීලීත්වයේ වේදිකාවක් වන Ramod Malaka ගේ TikTok ගිණුම නර්තනයේ රස තැන් සොයා යන රසිකයින්ට කදිම තෝතැන්නක් ලෙස සඳහන් කළ හැකිය. තමන්ගේ නර්තන හැකියාවන් සහිත වීඩියෝ තුළින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීමට මාලක සමත්ව ඇත්තේ TikTok කලාත්මක ගවේෂණ හා සංස්කෘතික හුවමාරුවේ වේදිකාවක් බවට පත් කරමිනි. විනෝදාස්වාදය පමණක් නොව නර්තන රසය විඳ ගැනීමට සැමට බල කරන එය නර්තනයකට එහා ගිය නාට්‍යමය ස්වභාවයේ ආකර්ෂණීය ඉදිරිපත් කිරීම් තුළින් තව තවත් විචිත්‍රත්වයට පත්ව ඇත.

2024 ජාත්‍යන්තර තරුණ දිනය අනාගත සාර්ථකත්වය වෙනුවෙන් තාරුණ්‍යයේ තීරණාත්මක කාර්යභාරය පිළිබඳ පෙන්වා දෙන සුවිශේෂී අවස්ථාවකි. එම තාරුණ්‍යයේ මැදිහත් වීම තුලින් TikTok අද වන විට ශ්‍රී ලංකාවේ නිර්මාණශීලීත්වය ප්‍රදර්ශනය කිරීමේ හා සමාජ බලපෑම් මෙහෙයවීමේ පමුඛ වේදිකාවක් බවටද පත්ව ඇත. තාරුණ්‍යය සවිබල ගැන්වීම හා තිරසාර සංවර්ධනය සඳහා ඩිජිටල් නවෝත්පාදනයන් සතු හැකියාව පෙන්වා දෙන මෙම TikTok වේදිකාවන් තාරුණ්‍යයේ නිර්මාශීලීත්වයට හා දියුණුවට අඛණ්ඩ සහයෝගයක් හා ආශ්වාදයක් එක් කරනු ඇත.

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව