TikTok ශ්‍රී ලංකාවේ සැඟවුණු වටිනාකම් ඉස්මතු කරමින් සංචාරක කර්මාන්තයේ උන්නතියට කැපවෙයි

Image - 01 (LBN)

කෙටි වීඩියෝවක් මඟින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටත්වය හා වටිනාකම ලොවට විවර කරමින් සංචාරකයින්ගේ උනන්දුව ඉහළ නැංවීමට හැකි නම් එය ඉතා වැදගත්ය. අද වන විට එහි සුවිසල් කාර්යයක්  TikTok ඉටුකරමින් සිටියි. ඒ යටතේ ශ්‍රි ලංකාවේ ආකර්ෂණීය ස්ථාන, ඒ වටා බැඳී ඇති රසවත් කතා නිර්මාණාත්මක අයුරින් ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාවේ විශිෂ්ට සංස්කෘතිය හා අලංකාරත්වය පිළිබඳ සුවිශේෂී පණිවිඩයක් ලබා දීමේ ප්‍රබල මාධ්‍යයක් ලෙස TikTok කටයුතු කරයි.
 



 

 සංචාරයන් වෙනුවෙන් TikTok හි බලපෑම

ආකර්ෂණීය කෙටි පණිවිඩ තුළින් ලොව පුරා සංචාරක අත්දැකීම් ලබා ගැනීමේ ආශාව ඉහළ TikTok නංවන සංචාරක ආශ්වාදයේ සුවිශේෂී මූලාශ්‍රයක් ලෙස දැක්විය හැකිය. විශේෂයෙන් Gen Z සහ millennials වැනි TikTok හි ක්‍රියාශීලී වයස් කාණ්ඩයන්හි නිර්මාණකරුවන් විසින් ඔවුන්ගේ සංචාරක අත්දැකීම් බෙදා හදා ගැනීමේ වේදිකාවක් ලෙස යොදා ගන්නා TikTok අසමසම අලෙවිකරණ මාධ්‍යයක් බවට පත්ව ඇති බව නොරහසකි. ලොව පුරා සුන්දර හා සුවිශේෂී සංචාරක ස්ථානයන් තෝරා ගැනීමට පමණක් නොව ඒ සංචාරයේදී නැවතීමට අවශ්‍ය හෝටල් පහසුකම් හා අනෙකුත් සේවාවන් පිළිබඳවද සොයා ගැනීමට TikTok සහාය වනු ඇත.

ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්යය ලොවට විවර කිරීම

සොබා සෞන්දර්යයයෙන් හා සංස්කෘතික අනන්‍යතාවන්ගෙන් පොහොසත් ශ්‍රී ලංකාව සෑම සංචාරකයකුටම වටිනා අත්දැකීමක් ලබා දෙන  ගමනාන්තයක් ලෙස සඳහන් කළ හැකිය. එහි සුප්‍රසිද්ධ සංචාරක ස්ථානයන් මෙන්ම සුවිශේෂී වැදගත්කමකින් යුත් අප්‍රකට ස්ථානයන් බොහෝය. තවමත් එම අප්‍රකට ස්ථානයන් දැක බලා ගැනීමට අපොහොසත් වූ සංචාරකයින්ට TikTok වේදිකාවෙහි ඒ පිළිබඳව ඇති නිර්මාණයන් කදිම අත්වැලක් සපයනු නිසැකය.

ශ්‍රී ලංකාවේ ස්වාභාවික සුන්දරත්වය සංචාරක ආකර්ෂණයේ වැදගත්ම සාධකයයි. විශිෂ්ට නිර්මාණයක් වන සීගිරිය, අලි ඇතුන්ගෙන් පිරුණු යාල ජාතික වන උද්‍යානය ඇතුළු බොහෝ ස්වභාවික පරිසරයන් TikTok නිර්මාණයන් තුළින් මෙරට සංචාරය කරන්නන් හට ලබා දෙන්නේ මහත් උද්යෝගයකි.

Wandering Unicorns හා Travel life වැනි නිර්මාණකරුවන්ගේ අලංකාර ඩ්‍රෝන දර්ශනයන් හා වෙනස් ආකාරයේ නිර්මාණයන් තව තවත් ඔප් නංවමින් TikTok වේදිකාව තුළින් සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීමට කටයුතු කරයි. වනාන්තර, අලංකාර කඳු පන්ති, වෙරළ තීරයන් වැනි සුප්‍රසිද්ධ සංචාරක ස්ථානයන් මෙන්ම ඉහළ පොළේ හෝටල් වැනි දේ තුළින් ඔවුන් TikTok වර්ණවත් කරනු ලබයි.

ඒ ආකාරයේ තවත් සුවිශේෂී නිර්මාණශීලී TikTok වේදිකාවක් ලෙස Happy Ceylon නම් කළ හැකිය. ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය සංචාරක ස්ථානයන්හි අලංකාරත්වය ගෙන හැර දක්වන එය ශ්‍රී ලංකාවේ සංචාරයේදී ඔවුන්ගේ වියහියදම් පිළිබඳව අවබෝධයක් ලබා දීමද විශේෂත්වයකි.

ප්‍රෞඩ සංස්කෘතික උරුමය ලොවට

සොබා සෞන්දර්යයෙන් ඔබ්බට යමින් ශ්‍රී ලංකාවේ සංස්කෘතික විවිධත්වය, ඉතිහාසය හා සම්ප්‍රදායන් පිළිබඳ ලොවට ගෙන යාම වෙනුවෙන් TikTok සුවිසල් කාර්ය භාරයක් ඉටු කරමින් සිටියි. විශේෂයෙන් Shenelle Rodrigo (@sheneller) වැනි නිර්මාණ වේදිකාවන් තුළින් එය නිර්මාණාත්මක අයුරින් ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත්තේ ශ්‍රී ලංකාවේ අනන්‍යතාව පිළිබඳ විදේශිකයින් තුළ මහත් කුතුහලයක් ඇති කරමිනි.

ඔහුගේ නිර්මාණයන් තුළින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ අවශ්‍යතාව විදේශිකයින්ගේ සිත් තුළ ජනිත කිරීමට Shenelle Rodrigo සමත් වී ඇති අතර ශ්‍රී ලංකාව සුවිශේෂී ගමනාන්තයක් බවට පත් කිරීමටද ඒ තුළින් හැකියාව ලැබී ඇත.

නිර්මාණකරුවන්ගේ එකතුව හා නිර්මාණ වැඩසටහන

නිර්මාණකරණය තුළින් ශ්‍රී ලංකාවේ සංචාරක වැදගත්කම පිළිබඳව ලොවට හෙලි කිරීමට  TikTok සතු හැකියාව අති මහත්ය. විශේෂයෙන් තාක්ෂණය, නිර්මාණකරණය පිළිබඳව උනන්දුවක් දක්වන නව පරපුර සමඟ එක්වෙමින් එය තවදුරටත් ඉදිරියට ගෙන යාම තුළින් ලෝකයේ වැඩි ජනගහනයක් වෙත ශ්‍රී ලංකාව පිළිබඳ සුවිශේෂී වටිනාකම් ගෙන යාමට හැකි වේ. #DiscoverSriLanka සහ #DiscoverwithTikTok වැනි නිර්මාණ ව්‍යාපාරයන් දියත් කිරීම තුළින්  ශ්‍රී ලංකාවේ ස්වභාව සුන්දරත්වය, සංස්කෘතික විශිෂ්ටත්වය වැනි සියලු සාධකයන් පිළිබඳ විවිධ නිර්මාණ අංගයන් ඉදිරිපත් කිරීමට නිර්මාණ ශීල්පීන් කටයුතු කරනු ඇත.

මෙම අන්තර්ගතයන්හි තවත් විශේෂත්වයක් වන්නේ ඒවා නරඹන පරිශීකයින්ට ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් බවට තෝරා ගැනීමේදී ඔවුන්ට අවශ්‍ය සියලු සේවාවන් පිළිබඳවද විවිධ නිර්මාණයන් තුළින් ඉදිරිපත් කර තිබීමයි. ශ්‍රී ලංකාවට පැමිණීමේ සිට, ප්‍රවාහන පහසුකම්, නවාතැන් පහසුකම්, ගමන් මාර්ග වැනි බොහෝ දේ එම අන්තර්ගතයන්ට ඇතුළත් කිරීම තුළින් අවබෝධයෙන් යුතුව සංචාරයට එක් වීමේ හැකියාව ඔවුන්ට ලැබේ.

ආර්ථික අර්බුධය හා කොවිඩ් වසංගතයෙන් පසු යළි නැගී සිටින ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තව තවත් සාර්ථකව ඉදිරියට ගෙන යාම සඳහා වැඩි වැඩියෙන් ශ්‍රී ලංකාව පිළිබඳව ප්‍රවර්ධනය සිදු කළ යුතුය. ඊට කදිම අවස්ථාවක් සළසා දී තිබෙන TikTok ශ්‍රී ලංකාව නමැති දිවයින පිළිබඳ සියලු ලෝක වාසීන්ට දැන ගැනීමේ හැකියාව ලබා දී ඇත. ඉහත නිර්මාණකරුවන්ට අමතරව තවත් නිර්මාණකරුවන් රැසක් TikTok වේදිකාව තුළ ශ්‍රී ලංකාව පිළිබඳ බොහෝ දේ ලොවට ගෙන යන්නට කටයුතු කරමින් සිටිති. ඒ නිසාම  TikTok හෙට දවසේ මෙරට සංචාරක කර්මාන්ත දියුණුවේ ප්‍රමුඛ සාධකයක් වීම වැළැක්විය නොහැකි වනු ඇත.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව