TikTok පරිශීලකයින්ට ගැලපෙන අයුරින් For You Feed සකස් කර ගැනීම හා ආරක්ෂාව වෙනුවෙන් නව මෙවලම් හඳුන්වා දෙයි

Image 01 - TikTok introduces new tools to personalize and protect the For You Feed

පරිශීකයින්ගේ For You Feed (FYF) පාලනය කිරීමේ වැඩි අවස්ථාවක් සලසා දෙමින් නවතම පුද්ගලාරෝපිත විශේෂාංග කිහිපයක් හඳුන්වා දීමට TikTok පසුගියදා කටයුතු කරන ලදී. TikTok හි නවතම යාවත්කාලීන කිරීම වූ මෙය පරිශීලක පහසුව ඉහළ නැංවීමේ තවත් උත්සාහයක් ලෙසද සඳහන් කළ හැකිය. මේ තුලින් පරිශීලකයින් හට තමන් කැමති දේ වඩා හොඳින් සොයා බැලීමටත් අනවශ්‍ය අන්තර්ගතයන් සීමා කිරීමටත් මෙන්ම නිර්දේශ ක්‍රියාත්මක වන ආකාරය වඩා හොඳින් අවබෝධ කර ගැනීමටත් අවස්ථාව උදා වේ.

 



 

TikTok අත්දැකීම්හි හරය වන FYF අන්තර්ගය, ප්‍රජාව සහ තමන් ආදරය කරන නිර්මාණ කරුවන් සමඟ පරිශීකයින්ට සම්බන්ධ වීමේ හැකියාව උදාකර දෙයි. බොහෝ දෙනා නව අත්දැකීම් සඳහා හොඳම ස්ථානය ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා දෙයි.  එය ගඟුලි වල්පොල සහ සාෂා කරුණාරත්න වැනි නිර්මාණකරුවන්ටද නව ප්‍රජාවක් ගොඩ නැගීමට අවස්ථාවක් උදා කරයි. ඔවුන් ධනාත්මක බව, සමාජ සාධාරණත්වය හා අනෙකුත් සමාජ මාතෘකා පිළිබඳ සංවාද ඇති කිරීමට හඬ නගමින් ආරක්ෂිත හා බලගැන්වීමේ පරිසරයක් නිර්මාණය කිරීමට TikTok හරහා කටයුතු කරනු ලබයි. එසේම යහපත් අරමුණින් TikTok හි කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානයන්ටද ශ්‍රී ලංකාව ලබා දී ඇත්තේ සුවිශේෂී ඉඩකි.

තේමාවන් පාලනය කරමින් කැමති දේ රස විඳීමට අලුත් ක්‍රමයක්

TikTok විසින් අලුතින් හඳුන්වා දෙනු ලබන Manage Topics විශේෂාංගය තුළින් නිර්මාණාත්මක කලා, සොබා දහම සහ ක්‍රීඩා යනාදී කාණ්ඩ 10කට වැඩි ප්‍රමාණයක ජනප්‍රිය වීඩියෝ තමන්ගේ ගිණුම තුළ කොපමණ වාරයත් දිස්වේද යන්න තමන්ට අවශ්‍ය පරිදි සකස් කර ගැනීමට හැකියාව උදා වේ. එහිදී අන්තර්ගතයන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමක් සිදු නොවන අතර පරිශීකයින් හට තමන්ගේ කැමැත්ත අනුව ඒවා පෙළ ගස්වා ගැනීමට හැකි වීම සුවිශේෂී පහසුවක් බවට පත් වනු ඇත. ඒ තුළින් Shenelle Rodrigo හෝ Ushani Devni  වැනි දේශීය සංචාර හෝ දේශීය ඉවුම් පිවුම් පිළිබඳ නිර්මාණකරුවන්ගේ නිර්මාණයන් පහසුවෙන් සොයා ගැනීමට මෙම විශේෂාංගය හේතුවෙන් පරිශීලකයින්ට පහසුවෙන් උදා කර ගත හැකිය.

Smart Keyword Filters

ගෝලීය වශයෙන් වචන මිලියන 200කට වැඩි ප්‍රමාණයක් අවහිර කිරීමට TikTok විසින් භාවිත කරන keyword filters තවදුරටත් වැඩි දියුණු කරන AI-powered මෙවලමක් වන Smart Keyword Filters එළි දැක්වීම මෙහි තවත් විශේෂත්වයක් වේ. ස්වයංක්‍රීයව සමාන පද හා අදාල යෙදුම් තුළින් පරිශීලකයින්ට වැඩි නිවැරදිබවක් සහ පාලනයක් ලබා දීමට මෙම නවතම විශේෂාංගය තුළින් TikTok කටයුතු කරයි. එසේම ඉදිරියේදී මේ යටතේ කරනු ලබන වචන සීමාව 100 සිට 200 දක්වා ඉහළ නංවනු ඇති අතර ඒ තුලින් තමන්ගේ මනාපයන් පහසුවෙන් කළමනාකරණය කර ගැනීම හා ඊට උපකාර කිරීම සඳහා bulk editing විශේෂාංගයද හඳුන්වා දෙනු ලබයි.

FYF වෙනුවෙන් වන අධ්‍යාපන මඟ පෙන්වීම

TikTok හි විනිවිදභාව ඉහළ නැංවීම සඳහා හඳුන්වා දුන් ලැබූ FYF අවබෝධය හා කළමනාකරණය සඳහා මෙවලම් සහ අදහස් ඒකාබද්ධ කරන අධ්‍යාපනික මාර්ගෝපදේශයක් නිකුත් කරනු ලබයි. how the For You feed works මිනිසුන්ට අවබෝධ කර ගැනීම සඳහා TikTok හි අඛණ්ඩ උත්සාහයේ කොටසක් ලෙසද පෙන්වා දිය හැකිය. එයට why content was recommended සහ ලොව පුරා මිලියන 180ක් පමණ නැරඹූ අධ්‍යාපන වීඩියෝ ද ඇතුළත්ව ඇත.

මෙහිදී අදහස් දැක්වූ TikTok ප්‍රකාශකයකු සඳහන් කර සිටියේ පරිශීලකයින්ගේ පහසුව හා ආරක්ෂාව වෙනුවෙන් මේ ආකාරයේ නවතම විශේෂාංගයක් හඳුන්වා දීමට ලැබීම පිළිබඳව සතුටට පත් වන බවයි. එසේම For You Feed විශේෂාංගය තුලින් තමන් කැමති අන්තර්ගතයන් පහසුවෙන් රස විඳීමේ අවස්ථාව පරිශීලකයින්ට උදා වන බවද ඔහු පවසා සිටින ලදී.

වගකීමෙන් යුතුව අන්තර්ගත නිර්දේශ කිරීම

මෙම සියලු යාවත්කාලීන කිරීම් නව යොවුන් සහ වැඩිහිටි ගිණුම් සඳහා හඳුන්වා දෙනු ලබන අතර මෙවලම් හා ආරක්ෂණ ක්‍රමද ඊට ඇතුළත්ව ඇත. මේවාට ඇතුළත් වන්නේ

  • FYF හි සාමාන්‍ය පරිශීකයින්ට සුදුසු නොවන අන්තර්ගතයන් නිර්දේශ කිරීමෙන් සීමා කිරීම සදහා සුදුසු ප්‍රමිතීන් යෙදීම සහ පරිණත හෝ සංකීර්ණ තේමාවන් සහිත අන්තර්ගතයන් Content Levels හරහා දරුවන් වෙත ළඟා වීම වැළැක්වීම
  • වීඩියෝවක් පිළිබඳ ඔවුන්ගේ උනන්දුවක් නොමැති බව පෙන්වීම සඳහා හෝ වැඩි පිරිසකට නොගැලපෙන අන්තර්ගතයන් සීමා කිරීම සඳහා හෝ සීමා කළ අන්තර්ගතයන් නැවත Restricted Mode කිරීමට විශේෂාංගය refresh their FYF යොදා ගත හැකිය.
  • නිරන්තරයෙන් දක්නට සුදුසු නැති නඅත්ර්ගතයන් නිතර නිතර නිර්දේශ වීම වැළැක්වීම සඳහාද මෙම විශේෂාංගය වැදගත් වේ.

මේ සියලු යාවත්කාලීන කිරීම් තුලින් සිය පාරිශීලක අත්දැකීම් පාලනය කරමින් හරි විනිවිදභාවයක් තුළින් හරවත් අත්දැකීමක් ලබා දීමට කටයුතු කරනුයේ පරිශීකයාට හොඳම දේ ලබා දීම සඳහා වන TikTok හි කැපවීමයි.

 

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව