TikTok දැනට පවත්වා ගෙන යන විනිවිදභාවය සහ වගවීම සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙස නවතම Transparency Center ආරම්භ කරයි

Webp.net-resizeimage

 



 

 

Transparency Center ආරම්භ කිරීම නිවේදනය කරමින්, TikTok පරිශීලකයින්ට වගවීම සහ විනිවිදභාවය සඳහා යෙදවුමේ කැපවීම ශක්තිමත් කළේය. යාවත්කාලීන කරන ලද මධ්‍යස්ථානය ඉදිරි අන්තර්ක‍්‍රියාකාරී වාර්තා වලට අමතරව වේදිකාවේ ඓතිහාසික වාර්ෂික සහ කාර්තුමය විනිවිදභාවය පිළිබඳ වාර්තා තබා ඇත. මෙම ආරම්භ කිරීම අද නිකුත් කරන ලද නවතම H1 2021 අන්තර්ගත ඉවත් කිරීමේ ඉල්ලීම් වාර්තා (H1 2021 Content Removal Requests Reports) ද මීට ඇතුලත් වෙයි.

මෙම වේදිකාව ආරක්ෂා කිරීමට සහ එහි අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට ගනු ලබන ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් වගකීමෙන් සිටීමේ වැදගත්කම හඳුනාගැනීම සඳහා වේදිකාව ඉතා උනන්දුවෙන් පාරදෘශ්‍යතා වාර්තා නිකුත් කරයි. විනිවිදභාවය තුළින් විශ්වාසය ගොඩනැගීම සඳහා, TikTok 2019 දී වාර්තා නිකුත් කිරීම ආරම්භ කළ අතර නව, ගැඹුරු සහ කර්මාන්තයේ පළමු දත්ත හෙළිදරවු කිරීම් සමඟ අධ්‍යයන සහ සොයාගැනීම් අඛණ්ඩව සංවර්ධනය කර ඇත. ප‍්‍රධාන උද්දීපන අතරට සැකසහිත බාලවයස්කාර ගිණුම් ඉවත් කිරීම් ප‍්‍රමාණය සහ TikTok හි දැඩි ප‍්‍රමිතිවලට අනුකූල නොවීම නිසා ප‍්‍රතික්ෂේප කරන ලද දැන්වීම් ගණන ද ඇතුළත් වේ.

විනිවිදභාවය සඳහා වන ප‍්‍රතිඥාව අඛණ්ඩව සාක්ෂාත් කරමින්, TikTok විසින් කාර්යක්ෂම වාර්තා ආකෘති තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා සිවිල් සමාජ සංවිධාන සහ ප‍්‍රවීණයන්ගෙන් ප‍්‍රතිපෝෂණ ඇතුළත් කර ඇති අතර, දැන් යන්ත‍්‍රයෙන් කියවිය හැකි ආකෘතිවලින් බාගත හැකි දත්ත ලබා දෙයි. අතිරේකව, දත්ත සහ ගන්නා ලද ක‍්‍රියාමාර්ග වඩා හොඳින් නිදර්ශනය කිරීම සඳහා අන්තර් ක‍්‍රියාකාරී ප‍්‍රස්ථාර සහ ප‍්‍රස්ථාර සමඟින් දෘශ්‍යමය වශයෙන් ආකර්ෂණීය වීම මෙහිදී අරමුණු කරයි. එහි ගෝලීය පේ‍්‍රක්ෂකයින්ට වඩාත් හොඳින් ළඟා වීම සඳහා මෙන්ම ලොව පුරා සිටින පරිශීලකයින්ට ප‍්‍රවේශය සහතික කිරීම සඳහා මෙම වාර්තා භාෂා 26 කින් ප‍්‍රකාශයට පත් කෙරේ.

”TikTok හි අරමුණ වන්නේ Transparency Center යෙදවුම අන්තර්ගතය මධ්‍යස්ථ කරන සහ නිර්දේශ කරන, නිෂ්පාදන සංවර්ධනය කරන සහ පරිශීලක තොරතුරු ආරක්ෂා කරන ආකාරය ගැන ඉගෙන ගැනීමට ආදී වූ සියලූ දේ එක් තැනකින් කරගත හැකි වන (one-stop-shop) ෙලසට පත් කිරීමයි. නවතම H1 2021 අන්තර්ගත ඉවත් කිරීමේ ඉල්ලීම් වාර්තා යාවත්කාලීන කිරීම් ද එම ඉලක්කයේ ප‍්‍රධාන අරමුණකි.’’ සඳහන් කළේය Transparency Center පෙර වාර්තා වලින් ද සමන්විත වේ, ඒවා අතර:

  • ප‍්‍රජා මාර්ගෝපදේශ සහ සේවා නියමයන් ආරක්ෂා කිරීමට ගන්නා ක‍්‍රියාමාර්ග පිළිබඳ කාර්තුමය අවබෝධයක් ලබා දෙන ප‍්‍රජා මාර්ගෝපදේශ බලාත්මක කිරීමේ වාර්තාව
  • රජයේ සහ නීතිය ක‍්‍රියාත්මක කරන ආයතනවලින් ලැබෙන පරිශීලක තොරතුරු සඳහා වන නීතිමය ඉල්ලීම් සහ වේදිකාවේ ප‍්‍රතිචාරයේ ස්වභාවය පිළිබඳ වසරකට දෙවරක් දත්ත සපයන තොරතුරු ඉල්ලීම් වාර්තාව.
  • රජයේ ඉවත් කිරීමේ ඉල්ලීම් වාර්තාව, අන්තර්ගතය සීමා කිරීම සඳහා රජයේ ආයතනවලින් වසරකට දෙවරක් ලැබෙන ඉල්ලීම් සහ එහි ප‍්‍රතිඵලයක් ලෙස ගනු ලබන ඕනෑම ක‍්‍රියාමාර්ග විස්තර කරයි.
  • බුද්ධිමය දේපල ඉවත් කිරීමේ ඉල්ලීම් වාර්තාව ප‍්‍රකාශන හිමිකම් පරිමාව සහ වෙළඳ ලකුණු අන්තර්ගතය ඉවත් කිරීමේ දැන්වීම් සහ වසරකට දෙවරක් යන පදනමින් ලැබෙන ප‍්‍රතිචාරය උද්දීපනය කරයි.

Transparency Center වෙත පිවිසීමෙන් සියලූම පාරදෘශ්‍යතා වාර්තා සඳහා ප‍්‍රවේශය වන්න

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 5 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව