TikTok දරුවන්-දෙමව්පියන් අතර සබඳතාව සහ පවුලේ සමඟිය වෙනුවෙන් කැපවෙයි

Image 01 (LBN)

දෙමව්පියන් හට දරුවන්ගේ යහපැවැත්ම හා පාලනය සම්බන්ධයෙන් මැදිහත් වීම සඳහා සුවිශේෂී විශේෂාංග කිහිපයක් එළි දැක්වීමට TikTok කටයුතු කරනු ලැබීය. TikTok භාවිත කරන තරුණ තරුණියන් අතර හරවත් ඩිජිටල් පුරුදු ඇති කිරීම වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වලට සහාය වීම මෙම විශේෂාංගවල අරමුණයි. ඔවුනොවුන් අතර පවතින සබඳතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් TikTok හි කැපවීමේ තවත් පියවරක් ලෙස හැඳින්විය හැකි මෙම Family Pairing යාවත්කාලීන කිරීම තුළින් තරුණ තරුණියන්ට අවබෝධයෙන් යුතුව සමාජ මාධ්‍යයන්හි සැරිසැරීමේ අවස්ථාව උදා කර දීමටත් දෙමවිපියන්ට ඔවුන්ගේ වැඩ කටයුතු පිළිබඳ අධීක්ෂණය කිරීමටත් හැකියාව උදා වේ.

 



 
මෙම නවතම යාවත්කාලීන කීරීම්වලට පහත කරුණු අදාල වේ.

  • භාවිත නොකරන කාලය සැලසුම් කිරීම-දෙමව්පියන් හට ඔවුන්ට අවශ්‍ය පරිදි සමාජ මාධ්‍ය භාවිත නොකරන කාලය සක්ස් කළ හැකිය (උදා – පාසල් වේලාවන්, නිදාගන්නා වේලාව, සති අන්තයන්) මේ සම්බන්ධයෙන් තරුණ තරුණියන්ට අමතර කාලයක් ඉල්ලා සිටිය හැකි අතර අවසන් අනුමැතිය ලබා දෙන්නේ දෙමව්පියන් විසිනි.
  • තරුණ දරුවන්ගේ ජාලය දැකගත හැකි වීම – තමන්ගේ තරුණ දරුවන් ඇසුරු කරන්නේ කවුද? ඔවුන් අනුගමනය කරන්නේ කවුද, ඔවුන් අවහිර කර ඇති ගිණුම් කාගේද? සම්බන්ධ අන්තර් ක්‍රියාවන් මොනවාද? යන කරුණු පිළිබඳව විවෘතව ක්‍රියා කළ හැකිය.
  • වාර්තා කිරීම සම්බන්ධයෙන් ඉක්මන් ඇඟවීම් – TikTok හි ප්‍රජා මාර්ගෝපදේශ උල්ලංඝනය කළ හැකි අන්තර්ගතයන් සම්බන්ධයෙන් තරුණ දරුවන් වාර්තා කළ විට Family Pairing නොමැති අවස්ථාවකදී වුවද විශ්වාසවන්ත වැඩිහිටියකුට දැනුම් දීමේ හැකියාව ඇත.

මෙම යාවත්කාලීන කිරීම් සමඟින්  Family Pairing තම යොවුන් දරුවන්ට වඩාත් ගැලපෙන ආකාරයෙන් සකස් කළ හැකි ආරක්ෂාව, පෞද්ගලිකත්වය හා යහ පැවැත්ම සඳහා වන විශේෂාංග 15ක් හඳුන්වාදීමට කටයුතු කර ඇත.

තරුණ තරුණියන් සඳහා යහපත් ඩිජිටල් පුරුදු

සමාජ මාධ්‍ය ඇසුරු කිරීමේදී තරුණ තරුණියන්ට වඩා අවධානයෙන් කටයුතු කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දීම සඳහා TikTok අවුරුදු 16 ට අඩු පරිශීලකයින් වෙත Wind-Down විශේෂාංගයක් හඳුන්වාදීමට කටයුතු කර ඇත. රාත්‍රී 10න් පසු ඔවුන් TikTok හි ක්‍රියාකාරීව සිටියහොත් For You Feed මඟින් ඒ පිළිබඳව සිහිකැඳවමින් ඔවුන් log off කිරීමට කටයුතු කරනු ලබයි. එසේ නොමැතිව ඔවුන් අඛණ්ඩව එය ඉදිරියට සිදු කළහොත් දෙවන වර වඩා ස්ථිර විසඳුමක් ලබා දෙනු ලබයි.

මේ පිළිබඳව සිදු කළ අත්හදා බැලීම් තුළින් මෙම විශේෂාංගයන් සක්‍රීයව තබා ගැනීමට නව යොවුන් තරුණ තරුණියන් උනන්දුවක් දක්වන බව පෙනී ගොස් ඇත. ඉදිරියේදී TikTok විසින් නව යොවුන් තරුණ තරුණියන් වෙත භාවනා අභ්‍යාසයන් ගෙන ඒමට කටයුතු කර ඇති අතර ඒ තුලින් පිරිපුන් නින්දක ඇති ගුණාත්මකභාවය ඉහළ නැංවීමට එැකකි බවටද පර්යේෂණ තුලින් හෙලි වී ඇත.

Online ගුණාත්මකභාවය මෙහෙයවන කර්මාන්ත සබඳතාවන්

වයස් සීමාවන් හා ඩිජිටල් ආරක්ෂාව වෙනුවෙන් ගෝලීය ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කරන TikTok ඒ සඳහා විවිධ ක්‍රමයන් ගවේෂණය කිරීමටද කටයුතු කරයි. එහි එක් පියවරක් ලෙස machine learning වැනි තාක්ෂණයන් භාවිත කරමින් වයස අවුරුදු 13ට අඩු දරුවන් ඊට එක්වීම වැළැක්වීමට හා නව යොවුන් දරුවන්ට සුදුසු දේ පමණක් ප්‍රදර්ශනය කිරීමට TikTok වග කියනු ලබයි.

Telefónica සමඟ එක් වෙමින් ජංගම සේවා මත පදනම් වූ වයස් තහවුරු කිරීම, ආරක්ෂක පියවර ඉහළ නැංවීමට TikTok කටයුතු කරයි. ඊට අමතරව Multi-Stakeholder Dialogue on Age Assurance හි ප්‍රධාන සමාජිකයකු ලෙස Centre for Information Policy Leadership සහ WeProtect Global Alliance සමඟ එක්ව වයස තහවුරු කිරීමේ හොඳම භාවිතයන් ඩිජිටල් වේදිකාවන්හි ස්ථාපිත කිරීමට TikTok කටයුතු කර ඇත.

වේදිකාව වැඩි දියුණු කරමින් තරුණයින්ගේ හඬට වැඩි අවස්ථාවක් ලබා දීමට කටයුතු කරන TikTok 2025 වසර සඳහා සිය ගෝලීය තරුණ කවුන්සිලය තවදුරටත් ශක්තිමත් කිරීමටද කටයුතු කර ඇත. 2023 වසරේදී දියත් කළ එම කවුන්සිලය තරුණ තරුණියන්ගේ අදහස් හා දැක්ම වැඩිදියුණු කිරීමට හා සමාජ මාධ්‍ය වේදිකාව තුළ ඔවුන්ගේ අත්දැකීම් ඉහළ නැංවීමට කටයුතු කර ඇත. TikTok හි ආරක්ෂාව, යහපැවැත්ම සහ සමානාත්මතා ප්‍රතිපත්ති සැකසීමේදී සුවිසල් කාර්ය භාරයක් ඉටු කරන එය තරුණ තරුණියන්ගේ පරිශීලක අවශ්‍යතා සහ අත්දැකීම් සමඟින් දිනෙන් දින වෙනස් වෙමින් ඉදිරියට ගමන් කරමින් සිටියි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව