ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් හා විලාසිතා අලෙවිසැල් ජාලයක් වන Cool Planet අතර විශේෂ ගිවිසුමකට පසුගියදා අත්සන් තැබිණි. මේ යටතේ නුගේගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති නවතම Cool Planet ප්‍රදර්ශනාගාරය SLT-MOBITEL Fibre තාක්ෂණයෙන් බලගැන්වෙනු ඇත. මෙම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට SLT සමාගමේ සාමාන්‍යාධිකාරී (Consumer Business Support) […]