අලෙවිකරණ ක්ෂේත්‍රයේ අනාගත නායකයින් සංවර්ධනය කිරීම සඳහා සිය කැපවීම පෙන්නුම් කරමින් හැටන් නැෂනල් බැංකුව, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සමඟින් එක්ව විශේෂ පුහුණු වැඩසටහනක් පසුගියදා හඳුන්වා දුන්නේය. මෙම විශේෂ වැඩසටහන මඟින් සිසු දරුදැරියන්ට විකුණුම් සහ ව්‍යාපාර සංවර්ධනය පිළිබඳ ජීවිතයේ සැබෑ අත්දැකීම් ලබා දෙනු ඇත. මෙම වැඩසටහන හරහා SLIM හි අලෙවිකරණය පිළිබඳ වෘත්තීය සහතික පත්‍ර පාඨමාලාව […]