ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 7, 2024
ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය කළමනාකරණයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන Neptune Recyclers, 2024 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ‘ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධනය/ප්‍රතිචක්‍රීකරණය’ යන අංශයේ ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීය. මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල, ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, 2024 ජුනි 28 වැනි දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) පැවැත්විණි. […]