රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් පුහුණු කිරීම සඳහා Sysco LABS සාමාජිකයින් එක්වෙති
Sysco LABS දියත් කරන ‘Project Guiding Leadership and Outreach’ (GLO) වැඩසටහන මෙරට රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන්ද ක්‍රියාවට නංවන බව නිවේදනය කරන ලදී. මෙම වැඩසටහනේ ඉලක්කය වන්නේ රටේ ප්‍රජාවන් අතර තිරසර සංවර්ධනය හා යහපත් වෙනස්කම් ප්‍රවර්ධනය කිරීම ය.
GLO සහතිකලත් Sysco LABS සාමාජික සාමාජිකාවන් විසින් මෙහෙයවනු ලබන මෙම වැඩසටහන යටතේ දැනටමත් ශ්‍රී ජයවර්ධනපුර, කොළඹ, කැලණිය, රජරට, පේරාදෙණිය සහ SLIIT යන විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් පුහුණු සැසි පවත්වා තිබේ. එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක 17 ට මෙන්ම Sysco හි තේමාව වන ‘ආහාර බෙදාගැනීම සහ එකිනෙකාගේ යහපත සැලසීම උදෙසා ලෝකය සම්බන්ධ කිරීම’ (Connecting the world to share food and care for one another), යන්නට සමගාමීව පවත්වනු ලබන මෙම වැඩසටහන මගින්, ප්‍රජා සත්කාර වැඩසටහන් සහ තිරසර සංවර්ධනය සම්බන්ධයෙන් නායකත්වය ගැනීමේදී වැදගත් වන මූලිකාංග පිළිබඳවන් තරුණ තරුණියන් දැනුවත් කරනු ලබයි.
“Project GLO යනු තරුණ පරපුරේ සංවර්ධනය ඉලක්ක කරගත් වැඩසටහනක්. ඒ යටතේ නව පරපුරේ නායක නායිකාවන්ට තමන්ගේ මෙන්ම තම ප්රජාවන්ගේ අනාගතය වඩාත් යහපත් කිරීම සඳහා අවශ්‍ය වන දැනුම හා කුසලතා වැඩිදියුණු කිරීම සිදුකෙරෙනවා. දියුණුව කරා යන ගමනේදී ඉගෙනුම, සහයෝගීත්වය සහ සම්බන්ධතා ගොඩනංවා ගැනීම කෙතරම් වැදගත්ද යන්න පෙන්වා දීම මෙහි එක් ප්‍රධානතම ඉලක්කයක්. මේ ඔස්සේ තම ප්‍රජාවන්ට යහපත් බලපෑමක් සිදුකරමින් සාධනීය වෙනස්කම් ඇතිකිරීමට හැකියාව ඇති නායක නායිකාවන් පිරිසක් බිහිකිරීම මෙහි අරමුණයි. අනාගතයේදී මෙම වැඩසටහන තවදුරටත් පුළුල් කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ යටතේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දෙන තරගයක් පැවැත්වීමටත්, එම යෝජනා අතරින් ව්‍යාපෘති දෙකක් තෝරාගෙන ක්‍රියාවට නැංවීමටත් නියමිතයි.” Sysco LABS හි මානව සම්පත් මෙහෙයුම් අධ්යක්ෂ රෙහාන් ඇන්තනිස් මහතා පැවසී ය.
මෙම වසර මුලදී දියත් කරන ලද Project GLO වැඩසටහනේ මුල් අදියරේදී ඊට සහභාගී වූවන් 26 දෙනෙකුට පුහුණුව හා සහතිකකරණය ලබාදීම සිදුකෙරිණි. Sysco LABS සාමාජික සාමාජිකාවන් මෙන්ම Brandix, Fortude, IFS සහ JKH වැනි සමාගම්වල සාමාජික සාමාජිකාවන් පිරිසක්ද මීට ඇතුළත් වූහ.