Sysco LABS, සයවැනි ‘SLASSCOM Ingenuity Awards’ හිදී ඇගයුම් ලබයි

01 Image (LBN)

‘Excellence Hub’ විසඳුම වෙනුවෙන් ‘Best Innovation in Internal Process, Technology or Framework’’ කාණ්ඩය යටතේ ජාතික සහ පළාත් සම්මාන හිමි වේ.

Sysco LABS හි Delivery Excellence කණ්ඩායම අඛණ්ඩව දෙවැනි වරටත් SLASSCOM Ingenuity Awards හිදී ‘Best Innovation in Internal Process, Technology or Framework’ කාණ්ඩය යටතේ ජාතික සහ පළාත් සම්මාන දිනාගැනීමට සමත් විය. එමෙන්ම සමාගමේ Platform Services and Digital Infrastructure Business අංශයේ  කොටසක් වන Hybrid Cloud Operations කණ්ඩායම නිර්මාණය කළ ‘Patch 360’ විසඳුම වෙනුවෙන් එම කණ්ඩායමට, එම කාණ්ඩයේම ජාතික මට්ටමේ තුන්වැනි ස්ථානය හිමි විය. ලොව විශාලතම ආහාර සේවා සපයන්නා වන Sysco වෙත අඛණ්ඩ නවෝත්පාදනයන් සහ වටිනාකම් පිරිනැමීමට Sysco LABS කණ්ඩායම දරන නොපසුබට උත්සාහය හා කැපවීම මෙම ජයග්‍රහණ මගින් මැනැවින් නිරූපණය වේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව