Sysco LABS විසින් අනාගත ඉංජිනේරුවන් සංවර්ධනය කිරීමට ‘Project Summit’ වැඩසටහන ආරම්භ කරයි.

Project Summit Image (1)

 



 

 

 

අනාගත ඉංජිනේරුවන් පුහුණු කිරීම වෙනුවෙන් ඔවුන් හට අඛණ්ඩව අධ්‍යයන කටයුතු කිරීමට පහසුකම් සැලසීමට සහ අනාගතයට සූදානම් නව ඉංජිනේරු පරපුරක් බිහිකරමින් ඔවුන්ව දිරිගැන්වීමේ අරමුණ යටතේ Sysco LABS Sri Lanka ආයතනය විසින් ‘Project Summit’ වැඩසටහන පසුගියදා එළිදක්වන ලදී.

Sysco LABS හි ‘Project Summit’ වැඩසටහන විශ්ව විද්‍යාල අධ්‍යනයෙන් පසු සෘජුව නව බඳවා ගැනීම් සඳහා වේගවත් වර්ධන පහසුකම් සැලසීමේ වේදිකාවක් ලෙස කටයුතු කරන අතර, ‘4වන කාර්මික තාක්ෂණ විප්ලවය’ (‘4th industrial revolution tech’ – 4IR) යටතේ වර්ගීකරණය කර ඇති නව තාක්ෂණික සංකල්ප මත ක්‍රියාත්මක වීමට මාර්ගය විවර කර දෙයි.

නිවැරදිව කුසලතා වර්ධනය කරමින් අනාගත ඩිජිටල් විප්ලවය ආමන්ත්‍රණය කිරීම සඳහා සහභාගීවන්නන් හට කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence), යන්ත්‍ර අධ්‍යයනය (Machine Learning), (Immersive Technology) සහ අන්තර්ජාලය (Internet) වැනි 4IR සංකල්ප පිළිබඳ අවබෝධය සහ උපදේශන සේවා ලැබෙනු ඇත. Sysco LABS විසින් අනාගත ශ්‍රම බලකාය වෙනුවෙන් ආයෝජනය සිදු කරන අතර 4IR භූ දර්ශනය කෙරෙහි දක්වන මෙම අවධානය මගින් විශ්ව විද්‍යාල උපාධිධාරීන්ට ඔවුන්ගේ හැකියාවන් එළිදැක්වීමට සහ අනාගතය සඳහා විසඳුම් ගොඩනැගීමට සහාය ලබා දෙනු ඇත.

‘Project Summit’ වැඩසටහන සාමාන්‍යයෙන් අධ්‍යයනය කිරීමට වසර 4ක් පමණ ගතවන අධ්‍යයන මොඩියුල වලින් සමන්විත වේ. කෙසේ වෙතත් සහභාගීවන්නන් හට මාස හයක කාල සීමාවකින් වැඩසටහන සම්පූර්ණ කිරීමට හැකියාව ලැබෙන අතර ඒ හරහා ඔවුන්ගේ වෘත්තීය ජීවිතය වේගවත් කිරීමට හැකි වේ. ‘Lean Start-up සංකල්පය’ මත පදනම් වෙමින් 4IR හි සක්‍රීය විසඳුම් හඳුනාගැනීමට, සංවර්ධනය කිරීමට සහ ඵලදායිතා ප්‍රමිති වැඩිදියුණු කිරීමට මෙම වැඩසටහන හරහා සහභාගීවන්නන් බල ගන්වනු ලබයි.

මෙම වැඩසටහනේ ද්විතියික අරමුණු වන්නේ වැඩිදුරටත් අඛණ්ඩව වැඩිදියුණු කිරීමේ මානසිකත්වයක් වර්ධනය කිරීම හා නවෝත්පාදන මත පදනම් වූ ඉංජිනේරු සංස්කෘතියකට සහභාගීවන්නන් අනුගත කිරීමය. ඒ හරහා ව්‍යාපාරික වපසරිය පිළිබඳ ඔවුන්ගේ දැනුම මෙන්ම ගෘහ නිර්මාණ ශිල්පය, ව්‍යාපෘති කළමනාකරණය සහ බෙදා හැරීමේ ක්‍රියාවලියේ ඉහළම භාවිතයන් වැඩිදියුණු කිරීමට ඔවුන්ට ඉඩ සලසනු ඇත.

වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් Sysco LABS හි Enterprise Architecture Group හි අධ්‍යක්ෂ, ඉංජිනේරු නිශාන්ත හෙට්ටිආරච්චි මහතා මෙසේ පැවසීය.”අපගේ අති විශිෂ්ඨ වූ ඉංජිනේරු උපදේශන සහ පුහුණු වැඩසටහන වන ‘Project Summit’ වැඩසටහන ආරම්භ කිරීම හරහා තාක්‍ෂණය මත පදනම් වූ ලෝකයක අනාගත අවශ්‍යතාවයන් සපුරාලීමට බලා සිටින නව ඉංජිනේරු පරපුරක් පෝෂණය කිරීමට අවශ්‍ය මග සලසා දෙනවා. අපගේ වර්තමාන සහ අනාගත අවශ්‍යතා සඳහා තිරසාර වූ කුසලතාවයන් සහිත කණ්ඩායමක් පත්කර ගත යුතුයි. ඒ වෙනුවෙන් රැකියා ස්ථානවල විශිෂ්ඨ වූ දක්ෂතාවයන් දැක්වීමට අවශ්‍ය කුසලතා සහ පළපුරුද්ද ලබාදෙමින් තරුණ ඉංජිනේරුවන් වේගවත්ව ලුහුබැඳයාම මෙම වැඩසටහනේ අරමුණයි.”

Sysco LABS හි ‘Project Summit’ වැඩසටහන සහ සමාගමේ නවෝත්පාදන සංස්කෘතිය පිළිබඳව වැඩිදුරටත් දැන ගැනීම සඳහා  https://syscolabs.lk/life-at-syscolabs වෙත පිවිසෙන්න.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

six − 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව