Sysco LABS ප්‍රජාවන් පෝෂණය කිරීම සඳහා ‘Share a Meal. Share a Moment’ වැඩසටහනේ 3වන අදියර අඛණ්ඩව ඉදිරියට ගෙන යයි.

Webp.net-resizeimage (1)




 

 

ලොව ගෝලීය ආහාර සේවාවේ ප්‍රමුඛයා වන Sysco Corporation හි නවෝත්පාදන අංශය වන Sysco LABS Sri Lanka විසින්  ‘ආහාර බෙදා ගැනීමට සහ එකිනෙකාව රැකබලා ගැනීමෙන් ලෝකය එක් කිරීම’ යන ඔවුන්ගේ මූලික අරමුණ සිය හදවතට සමීපකර ගනිමින් ප්‍රජාවන් පෝෂණය කිරීම සඳහා ‘Share a Meal. Share a Moment’ වැඩසටහනේ 3වන අදියර සඳහා මුලපිරුනු ලැබීය.

‘Share a Meal. Share a Moment’ වැඩසටහන යටතේ පැවති 3වන අදියර මඟින් පසුගිය ගංවතුර උවදුර හේතුවෙන් විපතට පත් වූවන් ඇතුළු කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල අවශ්‍යතා ඇති ප්‍රජාවන් සඳහා පිසූ ආහාර සපයනු ලැබූ අතර අග හිඟකම් හා අවශ්‍යතා ඇති ප්‍රජාවන්ට උපකාර කරමින් Sysco හි ගෝලීය ප්‍රයත්නයට අනුව එම අරමුණ සාර්ථකව ඉටු කරනු ලැබීය.

Sysco LABS Sri Lanka හි ව්‍යාපෘති ප්‍රධානී ගැවී පෙරේරා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “අඩු අදායම් ලාභි ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමේදී ආහාර සහ පිසූ ආහාර සැපයීම අත්‍යාවශ්‍ය දෙයක්, අපගේ සම්පත් එකතු කරමින් මේ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ සහ සැළකිය යුතු ලෙස පරිත්‍යාග ලබාදුන් පිරිස් හා කාර්ය මණ්ඩලය සමඟ එක්ව පුද්ගලයන් 15,000 කට ආසන්න පිරිසකට සහ එම පවුල්වලට ආහාර සැපයීමේ දුෂ්කර වූ කටයුත්ත භාර ගැනීමට අපට හැකි විය. ආහාර බෙදා ගැනීම තුළින් ප්‍රජාවන් පෝෂණය කෙරෙන අතර එය අපගේ අරමුණට උත්තේජනයක් සහ අර්ථවත් බලපෑමක් ඇති කරනවා.”

සැබෑ අවශ්‍යතාවයන් පවතින ප්‍රජාවන්ට ආහාර පරිත්‍යාග කිරීම සහතික කිරීම සඳහා Sysco LABS විසින් සමාජ සංහිඳියාව, මහජන යුක්තිය සහ ආර්ථික ප්‍රමාණවත් බව සඳහා වෙනස් වූ ක්‍රියාමාර්ග මඟින් ප්‍රජාවන් එක්සත් කිරීම සහ ඔවුන්ව බලගැන්වීමේ දැක්මක් සහිතව ක්‍රියාත්මක වන දේශීය රාජ්‍ය නොවන සංවිධානයක් වන Alliance Development Trust (ADT) වෙතින් සහාය අපේක්ෂා කළේය. ඒ අනුව Sysco LABS කාර්ය මණ්ඩල ස්වේච්ඡා සේවකයන් සහ ADT හි සම්පත් දායකයන්ගේ සහයෝගීත්වය ඇතිව ආහාර බෙදා හරිනු ලැබූ අතර පවුල් සඳහා පිසූ ආහාර වේල් 14,000 කට වඩා ප්‍රමාණයක් ලබා දෙන ලදී.

Sysco LABS Sri Lanka හි අලෙවි ප්‍රධානී කුෂානි කල්පගේ විසින් 3වන අදියරේ සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වමින් මෙසේ සඳහන් කළාය.”මෙම වැඩසටහන මඟින් 2025 වසර වන විට මිලියන 200 ක ආහාර වේල් ප්‍රමාණයක් පරිත්‍යාග කිරීමට Sysco හි සමාජ සුභ සාධන ව්‍යාපෘතියේ ඉලක්කය බවට පත්වී තිබෙනවා. අපගේ අරමුණ වී ඇත්තේ ආහාර බෙදා ගනිමින් එකිනෙකා රැකබලා ගැනීම වෙනුවෙන් ලෝකය එක් කිරීමයි. ලොව විශාලතම ආහාර සේවා සමාගම වන Sysco හි කොටසක් ලෙස මෙය අපගේ හදවතට සමීප වූ මුලපිරීමක්. එමඟින් ප්‍රජාවන්ගේ  මූලික අවශ්‍යතාවයන් ඉටුවන බව අප විශ්වාස කරනවා. ඉදිරි වසර වලදී ද කුසගින්න වෙනුවෙන් සහන සැලසීම සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට අප සැලසුම් කරන අතර මෙම ව්‍යාපෘතිය මඟින් අපගේ අරමුණට ලඟා විය හැකි.”

මෙම වැඩසටහනේ පළමු අදියර පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී සාර්ථකව අවසන් වූ අතර, අවශ්‍යතා ඇති ප්‍රජාවන්ට පිසූ ආහාර 12,000කට වඩා වැඩි ප්‍රමාණයක් පරිත්‍යාග කරන ලදී. එසේම පසුගිය සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේදී එම වැඩසටහනේ 2 වන අදියර මඟින් තම ආදරණීයයන් පෝෂණය කිරීම අභියෝගයක් වී ඇති, අවදානමකට ලක් විය හැකි පවුල් වෙනුවෙන් වියළි සලාක මලු 1,150 කට අධික ප්‍රමාණයක් පරිත්‍යාග කරන ලදී. මෙම වැඩසටහන පිළිබඳ වැඩි විස්තර සමාගමේ ෆේස්බුක් පිටුවෙන් සොයාගත හැකිය: www.facebook.com/syscolabssl.




 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − eight =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව