නව ශාකසාර සංකලනයන් 03ක් සමගින් ස්වදේශී කොහොඹ සිය ශාකසාර නිෂ්පාදන පෙළ ශක්තිමත් කරයි

image 01 (LBN)

ශාකසාර පුද්ගලික සනීපාරක්ෂන නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනයේ, ස්වදේශී කොහොඹ වෙතින් සිය වසර 85 අභිමානවත් ගමනේ තවත් සුවිශේෂී පියවරක් සනිටුහන් කරමින් ස්වදේශී කොහොඹ ශාකසාර නිෂ්පාදන පෙළට ‘ලිලී සහ ගොටුකොළ’, ‘ලෙමන්ග්‍රාස්’, ‘කෝමාරිකා සහ පිපිඤ්ඤා’ යන නව ශාකසාර පුද්ගලික සනීපාරක්ෂණ නිෂ්පාදන ත්‍රිත්වයක් හඳුන්වා දෙයි.

පරම්පරා ගණනාවක සිට පාරිභෝගික විශ්වාසය හා කොහොඹ සතු ස්වාභාවික ශාකසාර  ගුණාංග පදනම් කරගනිමින්, පාරිභෝගිකයින්ගේ විවිධ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි ස්වදේශී කොහොඹ සිය ශාකසාර නිෂ්පාදන පෙළ නව වර්ග ත්‍රිත්වයකින් පුළුල් කළ පළමු අවස්ථාව මෙයයි.



මෙම නව එකතු කිරීම් අතරට, සමේ තරුණ බව රැකදෙන ‘ස්වදේශී කොහොඹ ලිලී සහ ගොටුකොළ’, දවස පුරා දිගුකාලීන ප්‍රබෝධයක් ලබා දෙන ‘ස්වදේශී කොහොඹ ලෙමන්ග්‍රාස්’ සහ සමට සිසිලස සලසන ‘ස්වදේශී කොහොඹ කෝමාරිකා සහ පිපිඤ්ඤා’ යන නිෂ්පාදන ඇතුළත් වේ.

මෙම නව මාදිලි ත්‍රිත්වය පරම්පරා ගණනාවක සිට ස්වදේශී කොහොඹ සන්නාමයේ විශිෂ්ටත්වය සනිටුහන් කළ, සම පිරිසිදුව හා නීරෝගීව තැබීමට උපකාරී වන දේශීය කොහොඹ ශාකසාර  ගුණය මත පදනම් වේ.  ආකර්ෂණීය ඇසුරුම්වලින් සමන්විත මෙම නව නිෂ්පාදන පෙළ සහනදායී මිලකට ලබාගත හැකි අතර, එදිනෙදා පවුලේ භාවිතයට වඩාත්ම සුදුසු තේරීමක් වේ.

සමේ තරුණ බව රැකදෙන ‘ස්වදේශී කොහොඹ ලිලී සහ ගොටුකොළ’ නිෂ්පාදනය සඳහා කොහොඹ, ලිලී සහ ගොටුකොළ යන ශාකසාර ගුණාංග භාවිතා කර ඇත. එහි අඩංගු ලිලී මගින් සමට තාරුණ්‍යයක් ලබා දෙමින් සම සිනිඳු, ප්‍රබෝධමත්ව සහ සුන්දර ලෙස තැබීමට උපකාරී වේ. දේශීය ශාකසාර සත්කාරයන් හි අගනා මෙහෙවරක් ඉටුකරන ගොටුකොළ මගින් සම පෝෂණය කර ප්‍රබෝධමත් කිරීමෙන් ස්වාභාවික නීරෝගී පෙනුමක් ලබාදීමට උපකාරී වේ.

දවස පුරා දිගුකාලීන ප්‍රබෝධයක් ලබා දෙන ‘ස්වදේශී කොහොඹ ලෙමන්ග්‍රාස්’ නිෂ්පාදනය, කොහොඹ ගුණය සමඟින් ලෙමන්ග්‍රාස් හි නැවුම් බව සංකලනය කරමින් නිපදවා ඇත. ස්වාභාවික ශාකසාර ගුණයෙන් හා නැවුම්බවකින් යුතු ලෙමන්ග්‍රාස් සම ප්‍රබෝධමත් කිරීමට උපකාරී වන බැවින්, එදිනෙදා භාවිතය එය ප්‍රබෝධමත් අත්දැකීමක් ලබා දෙයි.

‘ස්වදේශී කොහොඹ කෝමාරිකා සහ පිපිඤ්ඤා’ නිෂ්පාදනය, ශ්‍රී ලංකාවේ උණුසුම් කාලගුණයට ඉතා හොඳින් ගැලපෙන පරිදි කොහොඹ, කෝමාරිකා සහ පිපිඤ්ඤා සංකලනයෙන් නිපදවා ඇත. එහි ඇති කෝමාරිකා මගින් තද හිරු එළියට නිරාවරණය වන සමට තෙතමනය ලබා දෙන අතර, පිපිඤ්ඤා මගින් සමට ක්ෂණික සිසිල් බවක් සහ    ප්‍රබෝධයක් ලබාදෙයි.

මෙම නව ශාකසාර සත්කාරයන් පෙළ වෙළඳපොළට හඳුන්වාදීම ශ්‍රී ලංකාවේ ශාකසාර පුද්ගලික සනීපාරක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමියා වන ස්වදේශී ගමනාන්තයේ තවත් එක් සුවිශේෂී පියවරකි. 1941 වසරේ දී ස්වදේශී කර්මාන්තායතනය ආරම්භ වූ අතර, ඉන් කෙටි කලකට පසු කොහොඹ ශාකසාර සබන් හඳුන්වා දෙනු ලැබීය. එතැන් සිට ආවේණික ඖෂධීය ශාකසාර උරුමය, සමට හිතකර පිරිසිදුකම සහ පවුලේ සියලු සාමාජිකයින්ට ස්වභාවික ආරක්ෂාව සපයන විශ්වාසය පෙරදැරි කරගනිමින් මෙම සන්නාමය ශ්‍රී ලාංකේය පවුල් සමඟ නොබිඳෙන සබඳතාවක් ගොඩනඟාගෙන ඇත.

නව නිෂ්පාදන පෙළ වෙළඳපොළට හඳුන්වා දීම පිළිබඳව ස්වදේශී කර්මාන්තායතනයේ නියෝජ්‍ය සභාපතිනිය සහ කළමනාකාර අධ්‍යක්ෂිකා චුලෝධරා සමරසිංහ මැතිනිය “අපගේ නිෂ්පාදනවල උසස් තත්ත්වය සහ විශ්වාසය තවදුරටත් තහවුරු කරමින් මෙම නව ශාකසාර සංකලනයන් මගින් වර්තමාන පාරිභෝගිකයින්ගේ වෙනස් වන පුද්ගලික සනීපාරක්ෂන අවශ්‍යතාවලට ගැලපෙන පරිදි තෝරාගත් ශාකසාර ගුණාංග ලබාදීමට ස්වදේශී සතු කැපවීම මෙම නව නිෂ්පාදන පෙළ මගින් මනාව තහවුරු වෙනවා. වසර 85 කට වැඩි කාලයක් පුරා ‘කොහොඹ’ යන නාමය කොහොඹ හි ස්වාභාවික ගුණය සමඟ දැඩි ලෙස බැඳී පවතිනවා. ස්වදේශී කොහොඹ ශාකසාර හි ප්‍රධාන අමුද්‍රව්‍යය ලෙස ස්වාභාවික කොහොඹ තෙල් අඩංගු වෙනවා. පාරිභෝගිකයින්ට වඩාත් හොඳ තේරීම් සහ වෙනස්ම වූ අත්දැකීමක් ලබාදීම සඳහා නව ශාකසාර සංකලනයන් මගින් මෙම ශාකසාර උරුමය තවදුරටත් ඉදිරියට ගෙන යාමට ලැබීම පිළිබඳව අප ඉතාමත් සතුටු වෙනවා” යනුවෙන් අදහස් දැක්වීය.

ලිලී සහ ගොටුකොළ, ලෙමන්ග්‍රාස්, කෝමාරිකා සහ පිපිඤ්ඤා අඩංගු නිෂ්පාදන හඳුන්වා දීමත් සමඟ, ස්වදේශී කොහොඹ තම විශ්වාසනීය ශාකසාර උරුමයේ   ශක්තිය සහ නවීන පාරිභෝගික අවශ්‍යතා එකිනෙක සම්බන්ධ කරයි. එමඟින් ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට කොහොඹ ශාකසාරයෙහි ස්වාභාවික ගුණාංග විඳගැනීමට තවත් බොහෝ ක්‍රම  ලබා  දෙයි.

ස්වදේශී කොහොඹ කෙරෙහි පාරිභෝගිකයින් තුළ පවතින දිගු කාලීන විශ්වාසයට පදනම වී ඇත්තේ නිෂ්පාදනවල උසස් තත්ත්වය, සුරක්ෂිතභාවය සහ වගකීම්සහගත නිෂ්පාදන ක්‍රියාවලිය කෙරෙහි ස්වදේශී කර්මාන්තායතනය දක්වන දැඩි කැපවීමයි. ස්වදේශී කර්මාන්තායතනයේ සියලුම නිෂ්පාදන ශ්‍රී ලංකා සෞඛ්‍යය අමාත්‍යාංශයේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) යටතේ ලියාපදිංචි කර ඇති අතර, ස්වදේශී නිෂ්පාදන සඳහා භාවිතා කරන සියලුම සුවඳ විලවුන් වර්ග ජාත්‍යන්තර සුවඳ විලවුන් නියාමන අධිකාරිය (IFRA) මගින් අනුමත කර ඇත. එමෙන්ම ස්වදේශී කොහොඹ ශාකසාර නිෂ්පාදන ISO 9001:2015 සහ GMP තත්ත්ව සහතික ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කරනු ලබන අතර, එය සමට සුමුදු බවට ජාත්‍යන්තර චර්ම රෝග විශේෂඥයන් විසින් තහවුරු කර ඇත.

ස්වදේශී නිෂ්පාදන බ්‍රිතාන්‍ය නිර්මාංශ සංගමයේ පිළිගැනීමලත් එකම ශ්‍රී ලාංකේය නිෂ්පාදන පෙළයි. මෙය සමාගමේ ඉදිරි චින්තන භාවිතාවන් මෙන්ම පාරිභෝගික‍යා සදාචාරාත්මක හා පරිසර හිතකාමී තෝරා ගැනීම් වෙත යොමු කිරීමට කර්මාන්තායතනයේ ඇති කැමැත්ත පෙන්වන මිනුමකි. ශ්‍රී ලාංකේය කර්මාන්තායතනයක් ලෙස, ස්වභාවික ශාකසාර අමුද්‍රව්‍යවල ඇති ප්‍රයෝජනවත් ගුණාංග පාරිභෝගිකයින්ට වටහා ගැනීමට සැලැස්වීම කෙරෙහි ස්වදේශී කර්මාන්තායතනය විශේෂ අවධානයක් යොමු කරයි. ස්වදේශී කර්මාන්තායතනය විසින් තෝරාගත් ශ්‍රී ලාංකේය ඖෂධ පැළෑටි භාවිතා කරන අතර, නිෂ්පාදනවල උසස් ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය තහවුරු කිරීම සඳහා එම අමුද්‍රව්‍ය පුළුල් ලෙස පර්යේෂණයට ලක්කරනු ලබයි.

දේශීය කර්මාන්තායතනයක් ලෙස ස්වදේශී කර්මාන්තායතනය ශ්‍රී ලාංකේය ජනතාව වෙනුවෙන් සිය ජාතික මෙහෙවර සහ ප්‍රජා සත්කාරක වැඩසටහන් නිරන්තරයෙන් ක්‍රියාත්මක කරයි. ස්වදේශී කොහොඹ සන්නාමය පරිසරය සුරැකීම සහ සංස්කෘතික අගයන් ඉහළ නැංවීම අරමුණු කරගත් තිරසාර ව්‍යාපෘති සඳහා කැපවී සිටියි. ඒ අනුව දිවයින පුරා පූජනීය ස්ථාන ආලෝකමත් කරන “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය”, දිවයින පුරා කොහොඹ පැළ රෝපණය කිරීමේ “ස්වදේශී කොහොඹ මිහිතල සත්කාරය”, වියළි කලාපයේ පන්සල්, පාසල් සහ ගම්මාන සඳහා ජල ටැංකි පරිත්‍යාග කිරීමේ “ස්වදේශී කොහොඹ ගමට සත්කාරය” ඇතුළු සමාජ සත්කාරක වැඩසටහන් රැසක් ස්වදේශී කර්මාන්තායතනය විසින් නිරන්තරයෙන් සිදුකරනු ලබයි.

ශ්‍රී ලංකාවේ අංක 01 ශාකසාර සන්නාමය වන, ස්වදේශී කොහොඹ ශාකසාර සන්නාමය වසර 85 ක් පුරා, දේශීය ඖෂධ පැළෑටිවල උරුමය, පර්යේෂණ, නවීන නිෂ්පාදන ප්‍රමිතීන්, සදාචාරාත්මක භාවිතයන් මෙන්ම පාරිභෝගිකයින්, සමාජය සහ සොබාදහම වෙනුවෙන් වන කැපවීම තහවුරු කර ඇත.


ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව