Sunbeam Technologies සමාගම SLIM SMEDA හා Asia Miracle සම්මාන දිනයි

IMAGE - 1

Sunbeam Technologies පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සංවිධානය කළ SLIM SME Development (SMEDA) සම්මාන උළෙලේදී ලෝකඩ සම්මානයකුත් Asia Miracle 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම සූර්ය බල ශක්ති විසඳුම් සපයන්නාට හිමි සම්මානයත් දිනා ගත්තේය. ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන පුනර්ජනනීය බල ශක්ති සමාගමක් ලෙස Sunbeam Technologies පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා තිබේ. ඔවුන් හඳුන්වා දී ඇති විශ්වාසනීය සහ දැරිය හැකි මිල ගණන් යටතේ එන බල ශක්ති විසඳුම් සඳහා ඇත්තේ විශාල ඉල්ලුමකි. උසස් ක්‍රියාකාරිත්වයක් සහිත සූර්ය බල ශක්ති විසඳුම් නිපදවන එම සමාගම Aiko, REC, ABB, Fronius, Solis, Huawei වැනි ගෝලීය සන්නාම සමග ශක්තිමත් හවුල්කාරිත්ව ඇති කර ගෙන තිබේ. සෑම නිෂ්පාදනයක් සඳහාම වසර 5-30 අතර වගකීම් සහතිකයක් දෙන බැවින් පාරිභෝගික විශ්වාසය වඩාත් තහවුරු වී ඇත

ශ්‍රී ලංකා සුනිත්‍ය බල ශක්ති අධිකාරියේ, ලංකා විදුලි බල මණ්ඩලයේ සහ ලංකා විදුලි පෞද්ගලික සමාගමේ අනුමැතිය සහිත Sunbeam Technologies දිවයින පුරා සම්පූර්ණ කර ඇති ව්‍යාපෘති සංඛ්‍යාව 1000කට අධිකය. “ප්‍රධාන සම්මාන දෙකක් දිනා ගැනීමෙන් ගුණාත්මකභාවය, නව්‍යකරණය සහ පාරිභෝගික තෘප්තිය සඳහා අප සතු කැපවීම තහවුරු වෙනවා. උසස් තාක්ෂණය, ගෝලීය හවුල්කාරිත්ව සහ දේශීය විශේෂඥතාව සමග කාබන් රහිත අනාගතයක් සඳහා වන දැක්ම යථාර්තයක් කර ගැනීමට ශ්‍රී ලංකාවට සහාය වීම අපගේ අපේක්ෂාවයි.” සමාගමේ ප්‍රකාශකයෙක් පැවැසීය.

 

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen − 19 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව