Sun Siyam Pasikudah Tripadvisor Travelers’ Choice Best of the Best සම්මානයෙන් පිදුම්ලබයි

3. SSP Pool (LBN)

ලොව හොඳම resorts හෝටල් සියයට 10 අතරට ද පිවිසෙයි

ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි සුන්දර සහ සුඛෝපභෝගී හෝටලයක්වන Sun Siyam Pasikudah හෝටලය, ජාත්‍යන්තර Tripadvisor’s Travelers’ Choice, Best of the Best for 2025 සම්මානයට පාත්‍රවී තිබේ. ඒ අනුව ලොව හොඳම resorts හෝටල් සියයට 10 අතරට පිවිසීමට Sun Siyam Pasikudah සමත්ව තිබේ. මෙය හෝටලය මගින් පිරිනමන සුවිශේෂී ආගන්තුක සත්කාර, තිරසර භාවිතාවන් සහ ප්‍රජා දායකත්වය වෙනුවෙන් ලැබුණු තවත් සුවිශේෂී ජයග්‍රහණයකි.

 



 

ලොව විශාලතම සංචාරක මඟපෙන්වීම් වෙබ් අඩවියවන Tripadvisor යනු සංචාරකයින්ගේ අන්තර්ගත මගින් පෝෂණය වූ වෙබ් අවකාශයකි. මෙම සම්මානයට ද පාදක වී ඇත්තේ ඉකුත් මාස 12කට වැඩි කාලය තුළ හෝටලය වෙත පැමිණ එහි සත්කාර අත්විඳි සංචාරකයින්ගේ අත්දැකීම්වීම කැපීපෙනේ. එමගින් සංචාරකයින් අතර Sun Siyam Pasikudah හිමිකරගෙන ඇති ජනප්‍රියත්වය ද විශ්වාසනීය ලෙස පිළිබිඹු වේ.

දැවැන්ත නවීකරණ ක්‍රියාවලියකින් පසු 2023 නොවැම්බර් මාසයේදී යළි විවෘත කෙරුණු Sun Siyam Pasikudah හෝටලය, කාමර 1 සහ 2 බැගින් යුත් garden සහ beach pavilions 34කින් සමන්විතය. Studio Sixty7 මගින් සිදුකළ නවීකරණ ක්‍රියාවලියේදී නූතන සෞන්දර්යයට මෙන්ම දේශීය කලාවට සහ උරුමයට ද මුල්තැනක් දී තිබේ.

″ලොව හොඳම resorts සමඟ එකට සිටගනිමින් මෙවැනි පිළිගැනීමක් ලැබීම ගැන අපි බෙහෙවින් සතුටු වෙනවා. නැවත විවෘත කිරීමෙන් වසර 2කටත් අඩු කාලසීමාවකදී මෙවැනි ජයග්‍රහණයක් ලැබීමට ප්‍රධාන හේතු ලෙස අපේ විශිෂ්ට කාර්යමණ්ඩලයත්, අප විසින් ලබාදෙන සුවිශේෂී අත්දැකීම් අත්විඳගැනීමට නැවත නැවතත් අප හෝටලයට පැමිණෙන සංචාරකයිනුත් පෙන්වා දිය හැකියි. ඒ වගේම ශ්‍රී ලංකාවේ සංචාරක පුනරුදයට දායකවීමට ලැබීම ගැනත් අපි මහත් ප්‍රීතියට පත්වෙනවා″, යනුවෙන් Sun Siyam Pasikudah හෝටලයේ සාමාන්‍යාධිකාරී අර්ෂඩ් රෙෆායි මහතා පැවසුවේය.

Sun Siyam Pasikudah හි සුවිශේෂී පහසුකම් අතරට serene spa, infinity pool මෙන්ම නැගෙනහිර වෙරළේ විශාලතම වයින් එකතුව හිමි The Cellar, දේශීය තේ වර්ග රසබැලිය හැකි Tea House ඇතුළු විවිධ ආහාරපාන පිළිගැන්වීම් ආදිය වේ. ඊට අමතරව snorkeling සහ jet-skiing ජලාශ්‍රිත ත්‍රාසජනක ක්‍රියාකාරකම්වල යෙදීමටත් නැගෙනහිර පළාතේ සංස්කෘතික ස්ථාන නැරඹීමටත් හෝටලය පහසුකම් සලසයි.

ශ්‍රී ලංකාව පසුගිය මාසය අවසන් වනවිට ජාත්‍යන්තර සංචාරකයින් 890,000කට වැඩි පිරිසක් වාර්තාකරමින් (ඉකුත් වසරට සාපේක්ෂව 17%ක වර්ධනයක්) සංචාරක පුනරුදයක් වාර්තාකරමින් සිටින අවස්ථාවක මෙම සම්මානය හිමිවීම වඩාත් කැපීපෙනේ. 0652055555 දුරකථන අංකය හෝ  https://www.sunsiyam.com/sun-siyam-pasikudah/ වෙබ් අඩවිය හරහා Sun Siyam Pasikudah පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැක.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව