
සුප්‍රකට Sun Siyam හෝටල් ජාලයට අයත් මෙරට Sun Siyam Pasikudah හෝටලය පසුගියදා පාසිකුඩා වෙරළතීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළේය. දේශීය ප්‍රජාව සහ පරිසර සංරක්ෂණය වෙනුවෙන් හෝටලය සතු කැපවීම පිළිබිඹු කළ මෙම වැඩසටහන සංවිධානය කරතිබුණේ, අපගේ ජනතාව, පරිසරය සහ සංස්කෘතිය රැකගැනීම යන ආදර්ශය පෙරදැරිකරගත් Sun Siyam Cares ප්‍රජා සත්කාර මාලාව යටතේ වීම කැපීපෙනුණි. ඒ අනුව හෝටල් කාර්යමණ්ඩලය මෙන්ම, සංචාරකයෝ සහ පාසල් සිසුහු ද මෙම වැඩසටහනට දායක වූහ.
සාමාන්‍ය පිරිසිදුකිරීමේ වැඩසටහනකට හෝ ශ්‍රමදානයකට එහා යමින් අධ්‍යාපනික වැදගත්කමක් ද ඊට එක්කර තිබීම විශේෂත්වයක් විය. අවට පාසල්වල සිසුහු මෙම වැඩසටහනට එක්වී වෙරළාශ්‍රිත පාරිසරික පද්ධතිය, සමුද්‍රික අපද්‍රව්‍ය හේතුවෙන් සාගර ජෛව විවිධත්වයට එල්ලවන බලපෑම, ශ්‍රී ලංකාවේ වෙරළ කලාපය රැකගැනීම වෙනුවෙන් අප සතු වගකීම ආදී අංශ ගණනාවක් ඔස්සේ දැනුම්වත් වූහ.
″මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනේ වැදගත්කම වූයේ අප ඊට පාසල් දරුදැරියන් එකතු කරගැනීමයි. පාසිකුඩා වෙරළ වැනි ස්ථානයක පරිසරය, ස්වභාව සුන්දරත්වය රැකගැනීම වගේම එම පරිසරය අවට වෙසෙන ජනතාවට ලබාදෙන ප්‍රතිලාභ ගැන දරුවන් දැනුවත් වීම තුළින් අනාගත පරපුර වෙත මෙම වටිනා දැනුම ගලායනවා. එය අපට කළ හැකි ඉතාම තිරසර ආයෝජනයක්″, යනුවෙන් Sun Siyam Pasikudah හෝටල් සාමාන්‍යාධිකාරී අර්ෂඩ් රෙෆායි මහතා පැවසුවේය.

සුපැහැදිලි නිල්වන් ජලයෙන් සැදුම්ලත් පාසිකුඩා මුහුද මෙන්ම නැගෙනහිර වෙරළ කලාපය සතු සාගර ජීවින් මෙන්ම වසර සිය ගණනක් පැරැණි ආගමික ස්ථාන සතු සංස්කෘතික උරුමය ද හේතුවෙන් මෙම මුහුදු කලාපය ශ්‍රී ලංකාව සතු අගනාම සම්පතකි. එහි වටිනාකම මැනවින් අවබෝධ කරගනිමින් මෙම වැඩසටහනට එක්වූ පිරිස්, වෙරළ තීරය පුරාවට කසළ එකතුකිරීමටත් ඒවා වෙන් කිරීමටත් කටයුතු කළහ. විශේෂයෙන්ම සංචාරකයින්ට සිය විවේකී සංචාරක ක්‍රියාකාරකම් අතරතුර අවට පරිසරය සමඟ ගැඹුරින් බද්ධ වීමේ අවස්ථාව ඉන් උදාවිය.
බලශක්තිය, ජලය, වනජීවී, අපද්‍රව්‍ය සහ ප්‍රජා සුබසාධනය වැනි නිර්ණායක 147ක් තුළ Travelife Gold හිමිකරගැනීමට Sun Siyam Pasikudah හෝටලය සමත්ව සිටී. හෝටල් භූමිය තුළ විවිධ පලතුරු, එළවළු සහ ඖෂධ පැළෑටි වර්ග 38කට වැඩි සංඛ්‍යාවකින් යුත් කාබනික ගොවිපොළක් ද ඇත. හෝටලයේ බලශක්ති අවශ්‍යතා සඳහා සූර්ය පැනල භාවිත කෙරෙන අතර, වරක් පමණක් භාවිත කළ හැකි ප්ලාස්ටික් භාවිතයෙන් ද හෝටලය වැළැකී සිටී. එමෙන්ම හෝටලය සිය දෛනික අවශ්‍යතා වෙනුවෙන් සැපයුම් ලබාගැනීමේදී ද අවට ප්‍රජා දායකත්වය උපරිමයෙන් ලබාගනී. Sun Siyam Cares අරමුදල යටතේ ද CarePhant නමින් ව්‍යාපෘතියක් ආරම්භ කර, 2029 වසරේදී වනයට මුදාහැරීමට නියමිත උඩවලව ඇත්අතුරු සෙවණේ රැකවරණ ලබන කාලෝ නම් අලි පැටවා වෙනුවෙන් මූල්‍ය දායකත්වය පිරිනමයි.
GO TRAVEL සම්මාන උළෙලේදී 2025 වසරේ විශිෂ්ටතම තිරසර හෝටල් සමූහය ලෙස සම්මාන ලද Sun Siyam Resorts හි සාමාජිකයෙකුවන Sun Siyam Pasikudah හෝටලය මෙවැනි වැඩසටහන් ක්‍රියාවට නංවමින් සමස්ත නැගෙනහිර වෙරළ තීරයේ සංචාරක කර්මාන්තයේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ඇපකැපවී ක්‍රියාකරයි. හෝටලය පිළිබඳ වැඩිදුර තොරතුරු www.sunsiyam.com/sun-siyam-pasikudah වෙබ් අඩවිය හෝ 065 205 5555 දුරකථන අංකය මගින් ලබාගතහැක.


