Sun Siyam හෝටල් සමූහයේ 35වැනි සංවත්සරයට සමගාමීව සංස්කෘතිකමය සන්නාම පරිවර්තනයක් එළිදකියි

_Sun Siyam (LBN)

මාලදිවයිනේ සැබෑම සංස්කෘතික උරුමය විදහාපාන හෝටල් ජාලයක් ලෙස ප්‍රකට Sun Siyam හෝටල් සමූහයේ 35වැනි සංවත්සරයට සමගාමීව මාලදිවයින් ආගන්තුක සත්කාර සංස්කෘතිය පෙරදැරි කරගත් විශේෂිත සන්නාම පරිවර්තනයක් හඳුන්වාදීමට පියවර ගෙන තිබේ. ඒ අනුව මාලදිවයිනේ සහ ශ්‍රී ලංකාවේ පිහිටි සමූහය සතු හෝටල් හය විශේෂ අත්දැකීම් කාණ්ඩ කිහිපයක් යටතේ යළි සන්නාමකරණය කිරීමටත්, සංචාරකයින් සමඟ ඍජු සබඳතා ශක්තිමත් කරගනු වස් Siyam Rewards වැඩසටහන හඳුන්වාදීමටත් කටයුතු කර තිබේ.
 



 

කෙසේ නමුත් සමූහය සතු හෝටල් හය The House of Siyam යන පොදු නාමයෙන් හැඳින්වෙන අතර, ඒ ඒ හෝටලය මගින් පිරිනමන විශේෂිත අත්දැකීම් පිළිබිඹු කිරීම සඳහා ඒවා Luxury, Privé, සහ Lifestyle යනුවෙන් කාණ්ඩ තුනකට ගොනුකර තිබේ.

 Luxury කාණ්ඩය: විවිධාංග රැසකින් පොහොසත් සහ උසස් අත්දැකීමක් පිරිනමන මෙම කාණ්ඩයේ හෝටල් හරහා උපරිම සංචාරක අත්දැකීමක් පිරිනමේ. Sun Siyam Iru Fushi හෝටලය මෙම කාණ්ඩයට අයත්වන අතර උපරිම සහ අසමසම අත්දැකීමක් සංචාරකයාට පිරිනමන්නේ, හිරු කිරණින් නැහැවුණු පාරාදීසයක් ඔවුන් වෙත සමීපකරවමිනි.

Lifestyle කාණ්ඩය: විවිධත්වයෙන් සහ ජවයෙන් පිරුණු සිහිනයක් බඳු ත්‍රාසජනක අත්දැකීමක් සංචාරකයින් වෙත පිරිනමන මෙම කාණ්ඩයේ හෝටල් මගින් පවුල්, මිතුරන් සහ ආදරණීය යුවල ආදී විවිධ සංචාරක කාණ්ඩ වෙත ඔවුනොවුන්ගේ අවශ්‍යතාවන්ට සරිලන අත්දැකීම් සපයනු ලැබේ.  Sun Siyam Olhuveli සහ Siyam Worldvibrant යන හෝටල් මෙම කාණ්ඩයට අයත් ය.

Privé කාණ්ඩය: පෞද්ගලිකත්වය සහ සුඛෝපභෝගීත්වය කැටිකරගත් මෙම කාණ්ඩයේ හෝටල් අතරට Sun Siyam Iru Veli, Sun Siyam Vilu Reef සහ ශ්‍රී ලංකාවේ Sun Siyam Pasikudah යන හෝටල් අයත් වේ. විශේෂයෙන්ම රෝමාන්තික විවේකයක් අපේක්ෂා කරන සංචාරකයින්ටම ගැලපෙන අත්දැකීම් රැසක් මෙම කාණ්ඩයේ හෝටල් මගින් පිරිනැමේ.

මෙම පරිවර්තනයේ විශේෂම ලක්ෂණය වන්නේ සෑම හෝටලයකටම මාලදිවයින් උරුමය සහ පරිකල්පනය ගෙන ඒම සඳහා නිර්මාණය කර ඇති සුවිශේෂී අත්දැකීම් මාලාවයි. සංචාරකයින් මාලදිවයින් සංස්කෘතික උරුමයට සමීප කරවමින් සතිපතා විශේෂ ඉවුම් පිහුම් හා සංස්කෘතික චාරිකා සංවිධානය කෙරෙන අතර මාලදිවයිනේ ප්‍රථම වරට ඉදිකෙරුණු ජලයෙන් යට ඡායාරූප මැදිරියවන ඉන්ස්ටා විලා අත්දැකීම ද ලබාගත හැක. එමෙන්ම Sun Siyam Beach Club හිදී නැටුම් වැයුම් අත්විඳිමින් සැහැල්ලුවෙන් විවේකීව කල්ගතකිරීමේ අවස්ථාව හිමිවේ. හෝටලයට පිළිගන්නා මොහොතේ පටන් Hidden Treasure Chests අත්දැකීම ද, සෞඛ්‍ය සම්පන්න ආහාර පිළිගැන්වීම් සහ  Moonlit Cinemas ආදී අත්දැකීම් රැසකින් මෙම හෝටල්  නව පරිවර්තනයකට ලක්කොට තිබේ.

මීට අමතරව සංචාරකයින් සමඟ ඍජු සබඳතාවකට මඟපාදන Siyam Rewards ඩිජිටල් සාමාජිකත්ව වැඩසටහන ද මීට සමගාමීව හඳුන්වා දී ඇත. ඒ හරහා තම රුචිකත්වය අනුව සංචාරක වැඩසටහන් සකසාගැනීමටත්, room upgrades සහ carbon offsets පහසුකම් ලබාගැනීමටත් අවස්ථාව ඔවුන්ට උදාවේ. හෝටල් පැමිණෙන සෑම සංචාරකයෙකු හරහා ම වෙරළ සංරක්ෂණය සහ ප්‍රජා ව්‍යාපෘති වෙනුවෙන් අරමුදල් සැපයෙන Sun Siyam Care තිරසර පදනම ශක්තිමත්වීම ද විශේෂත්වයකි.

″1990 වසරේදී අපි Sun Siyam සමූහය ආරම්භ කරන අවස්ථාවේදී මෙන්ම 1998 වසරේදී අපගේ පළමු හෝටලය විවෘත කරන අවස්ථාවේදීත් අප සතු එකම ඉලක්කය වූයේ අපේ දූපත් සමූහය සතු උණුසුම ලෝකයටම ලබාදීමයි. මෙම නව පරිවර්තනය හරහාත් එම ඉලක්කය සැබෑ කරගන්නා අතර අනාගත පරම්පරාවේ සංචාරකයින් වෙනුවෙන් නවමු අත්දැකීම් පිරිනැමීමට අපට අවකාශය හිමිවෙනවා යනුවෙන් Sun Siyam සමූහයේ නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ අහමඩ් සියාම් මොහොමඩ් මහතා ප්‍රකාශ කළේය.

″මෙම නව සන්නාම පරිවර්තනය අත්දැකීම් පාදක කරගනිමින් නිර්මාණය කර තිබෙනවා. එය අව්‍යාජ සංස්කෘතික උරුමය, ඉලක්කගත ආගන්තුක සත්කාරය සහ ප්‍රීතිමත් අවස්ථා නිර්මාණය කිරීම අරමුණු කරගෙන බිහිවූවක්. මාලදිවයින තුළ පුළුල් හෝටල් තේරීමක් සහ කලාපයේ වඩාත්ම උසස් සංචාරක අත්දැකීමක් හා නවතම සුවිශේෂී අත්දැකීම් මාලාවක් ද සමඟින් අනාගත කොදෙව් සංචාරණය නිර්වචනය කිරීමට අපි කටයුතු කරමින් සිටිනවා″, යනුවෙන් Sun Siyam සමූහයේ ප්‍රධන විධායක නිලධාරී දීපක් බූනෙඩි මහතා පැවසුවේය.

 එමෙන්ම නවතම sunsiyam.com වෙබ් අඩවියත් සමඟින් මෙම නව පරිවර්තනය තවදුරටත් ජනතාව වෙත සමීප කිරීමට කටයුතු යොදා තිබේ. 

නැවත සන්නාමකරණය සඳහා ඒ ඒ ක්ෂේත්‍රවල හොඳම විශේෂඥයින් තෝරා ගැනීමට ක්‍රියාකර තිබුණි. ඒ අනුව ප්‍රධාන සන්නාම උපදේශකයින් ලෙස තෝරාගත් JHAGGER&CO මගින් ගැඹුරු පාරිභෝගික පර්යේෂණයක් ක්‍රියාත්මක වේ. ලන්ඩන් නුවර පදනම් කරගත් StudioSixty7 හි නිර්මාතෘ සහ නිර්මාණාත්මක අධ්‍යක්ෂවරුන් වන ලී මැක්නිකෝල් සහ ජෝස් රිවේරෝ; සහ මාලදිවයිනේ ආගන්තුක සත්කාර පුරෝගාමියෙකු වන ඩොමිනික් රුල්, මෙම නව මෙහෙයුම් ප්‍රමිතීන් මෙන්ම සුවිශේෂී අත්දැකීම් සංවර්ධනය කිරීමටත්, ක්‍රියාත්මක කිරීමටත් සහාය දුන් අතර, එදිනෙදා මෙහෙයුම්වලට ද නව සන්නාම ප්‍රමිතීන් ඇතුළත් කරන ලදී. හෝටල් කාර්යමණ්ඩල, සාමාන්‍යාධිකාරීවරු සහ නිවාඩු නිකේතන කළමනාකරුවෝ, මෙන්ම Sun Siyam හි විකුණුම්, අලෙවිකරණ සහ මහජන සම්බන්ධතා කණ්ඩායම් විසින් සමකාලීන මාලදිවයින් ආගන්තුක සත්කාරකත්වයේ උණුසුම ලොව හමුවට ගෙනඑ්මට සමත්වී තිබේ.

 

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව