Street Burger සහ ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන එක් වී ලෝක බර්ගර් දිනය සමරයි: අනාගත හවුල්කාරීත්වයකටද මුලපුරයි

SB 3 (LBN)

Street Burger අවන්හල් ජලයේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු ජාත්‍යන්තර බර්ගර් දින සැමරුම් වැඩසටහනක් 2025 මැයි 24 දින ගාල්ල SOS ළමා ගම්මානයේදී පැවැත්විණි. Street Burger යනු මෙරට තුළ බර්ගර් සම්බන්ධයෙන් සුවිශාල ජනප්‍රියත්වයක් දිනා සිටින ප්‍රමුඛ පෙළේ දේශීය අවන්හල් ජාලයකි. ගාල්ල SOS ළමා ගම්මානයේ ජීවත් වන දරුවන් ඇතුළු සියලු දෙනාට සතුට ගෙනා මෙම වැඩසටහන අවසානයේදී Street Burger විසින් විශේෂ ප්‍රකාශකයක්ද සිදුකරන ලදි. එනම් ඉදිරි වසරේදී SOS ළමා ගම්මාන වැඩසටහනට මූල්‍ය අනුග්‍රහය ලබාදීම සඳහා Street Burger සූදානමින් සිටින බවයි.
 



 

මෙම බර්ගර් දින සමරු වැඩසටහනට දරුවන්, දෙමාපියන් සහ Street Burger කාර්ය මණ්ඩලය ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. මුහුණු පින්තාරු කිරීම සහ විනෝද ක්‍රීඩා ඇතුළු විශේෂාංග රැසකින් සමන්විත වූ මෙම වැඩසටහන තුළදී  Street Burger විසින් පිළියෙල කරන ලද ප්‍රණීත බර්ගර් වර්ග රස විඳීමටද කාටත් අවස්ථාව උදා විය.

“දරුවෙකුගේ මුහුණ සතුටින් ආලෝකමත් වනු දැකීම තරම් තෘප්තියක් තවත් නැහැ. අපගේ ප්‍රතිඥාව හුදෙක් මූල්‍යාධාරවලට සීමා වන දෙයක් නොවෙයි. එය ශ්‍රී ලංකාවේ දරුවන්ගේ අනාගතය උදෙසා වන දීර්ඝකාලීන කැපවීමක්. මේ ආකාරයට රටේ ඉදිරි පරපුර නගාසිටුවීම හා සවිබල ගැන්වීම සඳහා SOS ළමා ගම්මාන වැඩසටහන සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා.” Street Burger සම නිර්මාතෘ අමීන් අල් තරීක් මහතා පැවසීය.

“දරුවන්ට බෙහෙවින් හිතකර පරිසරයක් තුළ ඔවුන්ට ඉහළම මට්ටමේ රැකවරණයක් ලබාදීම සඳහා SOS ළමා ගම්මාන වැඩසටහන ඉටුකරන මෙහෙවර ප්‍රශංසනීයයි. එමෙන්ම, අපට මෙම පරිත්‍යාගය කළ හැකි වූයේ අපගේ හිතාදර පාරිභෝගිකයන් නිසා බව මෙහිදී සිහිපත් කළ යුතු වනවා. අපට මෙවැනි දියුණුවක් අත්කර ගැනීමට හැකි වී තිබෙන්නේ ඔවුන් නිසයි.” Street Burger සම නිර්මාතෘ මසූන් සමූන් මහතා පැවසීය.

මෙම පරිත්‍යාගය හරහා ලබාදෙන අරමුදල් සෘජුවම SOS ළමා ගම්මානවල ජීවත් වන දරුවන්ගේ අධ්‍යාපනය, සුභසාධනය සහ පවුල් ශක්තිමත් කිරීමේ වැඩසටහන් සඳහා යොදවනු ලැබේ. මෙම වැඩසටහන් සියල්ල සැලසුම් කර ඇත්තේ දරුවන්ට මානසික, සමාජයීය හා අධ්‍යාපනික වශයෙන් නිසි අත්වැලක් හිමි වන සුරක්ෂිත වටාපිටාවක් තුළ වර්ධනය වී ඵලදායී වැඩිහිටියන් බවට පත්වීම සඳහා අවශ්‍ය පසුබිම සකස් වන පරිද්දෙනි.

“මෙය හුදෙක් සැමරුමකට එහා ගිය දෙයක්. මෙය සෑම දරුවෙකුගේම හෙට දිනය වෙනුවෙන් සිදුකරන අමිල මෙහෙවරක් ලෙස හැඳින්වීමට පුළුවන්. මේ නොමසුරු පරිත්‍යාගය වෙනුවෙන් මෙන්ම අපගේ මෙහෙවර පිළිබඳව විශ්වාසය තැබීම වෙනුවෙන් අප Street Burger සමාගමට ස්තූතිවන්ත වනවා. ඔවුන්ගේ දායකත්වය නිසා දරුවන් වැඩි පිරිසකට ආදරය හා රැකවරණය සලසමින් ඔවුන්ගේ අනාගත දියුණුව තහවුරු කිරීමට අපට හැකි වේවි.” ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහනේ ජාතික අධ්‍යක්ෂ දිවාකර් රත්නදුරෙයි මහතා පැවසීය.

මෙම හවුල්කාරීත්වය ආයතනික සමාජ වගකීම් ඔස්සේ ප්‍රජාවන් සවිබල ගන්වමින් සමාජයට දීර්ඝකාලීන යහපතක් සිදුකිරීම සඳහා දරනු ලබන සුවිශේෂී ප්‍රයත්නයකි. එමෙන්ම මෙය සමාගම් විසින් ප්‍රජාවන් සමග අර්ථවත් ලෙස සම්බන්ධ වීම තුළින් සාධනීය ප්‍රතිඵල අත්කරගත හැකි බව පෙන්වා දෙන මනා උදාහරණයක් ලෙසද හැඳින්විය හැක.

 

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one + 6 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව