ශාන්ත තෝමස් කනිෂ්ඨ විද්‍යාලයේ සෙලාන් ශිෂ්‍ය ඉතුරුම් මධ්‍යස්ථානය යළි විවෘත කෙරේ

Image 01

කොල්ලුපිටිය ශාන්ත තෝමස් කනිෂ්ඨ විද්‍යාලයේ සෙලාන් ශිෂ්‍ය ඉතුරුම් මධ්‍යස්ථානය යළි විවෘත කිරීමට සෙලාන් බැංකුව පසුගියදා පියවර ගත්තේය. ඒ මෙවර පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ දිනයට සමගාමීවය. එදින දෙමාපියන් රැසක් තම දරුවන්ට කුඩා අවධියේ සිටම මුදල් ඉතිරි කිරීමේ සහ මුදල් නිවැරදිව කළමනාකරණය කිරීමේ වැදගත්කම පෙන්වා දීමේ අරමුණින් සෙලාන් ටිකිරි ගිණුම් විවෘත කළහ.

ශාන්ත තෝමස් කනිෂ්ඨ විද්‍යාලයේ ප්‍රධානී නිහාල් ප්‍රනාන්දු පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට සෙලාන් බැංකුව වෙනුවෙන් එහි කලාපීය කළමනාකාරිනී (මෙට්‍රොපොලිටන්) දර්ශි කළුආරච්චි, ප්‍රධාන කළමනාකරු (අලෙවි) නලින් කරුණාරත්න, Liability Product අංශයේ ප්‍රධානී චින්තක ප්‍රනාන්දු සහ මිලේනියම් ශාඛාවේ කළමනාකාරිනී ඉරෝෂා ඩයස් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මෙවැනි පියවර ඔස්සේ  මෙරට දරු පරපුරට සමීප වෙමින්, දීප්තිමත් අනාගතයක් උදෙසා වැදගත් වන ශක්තිමත් මූල්‍ය පුරුදු කුඩා කල සිටම ඔවුන් තුළ ඇතිකරවීමට සෙලාන් බැංකුව සෑම විටම උත්සාහ කරයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව