SSC / WPBA සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් තරගාවලියේදී බුවනෙක සහ වරංගනා ඒකල ශූරතා දිනති

Capture (LBN)

 



 

 

බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමයේ (WPBA) අනුබද්ධිත SSC ක්‍රීඩා සමාජය සංවිධායකත්වයෙන් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් පවත්වනු ලැබූ SSC / WPBA සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ පිරිමි විවෘත ඒකල ශූරතාව බුවනෙක ගුණතිලක දිනාගත් අතර, කාන්තා විවෘත ඒකල ශූරතාව වරංගනා ජයවර්ධන දිනා ගත්තාය. බුවනෙක ගුණතිලක පිරිමි විවෘත ඒකල, යුගල සහ මිශ්‍ර යුගල ශූරතා ජය ගනිමින් ත්‍රිත්ව ශූරතාවටද හිමිකම් කී අතර, වරංගනා ජයවර්ධන කාන්තා විවෘත ඒකල ශූරතාව සමඟ කාන්තා විවෘත යුගල ශූරතාවත් දිනා ගනිමින් ද්විත්ව ශූරතාවට හිමිකම් කීවාය.

එස්.එස්.සී.ගෘහස්ත බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේදී සහ වෙළෙඳසේවා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැති මෙම ශූරතාවලියේදී බුවනෙක ගුණතිලක පිරිමි ඒකල අවසන් තරගයේදී මධුක දුලාංජනට එරෙහිව ලකුණු 21-11ක් සහ 21-15ක් ලෙස පරාජය කරමින් ඒකල ශූරතාව දිනූ අතර, සසිඳු කරුණාතිලක සමඟ එක්ව ලකුණු 21-11ක් සහ 21-15ක් ලෙස රොෂාන් පද්මකුමාර සහ කසුන් මධුසංඛ පරාජයට පත් කරමින් පිරිමි විවෘත යුගල ශුරතාව දිනා ගත්තේය. ඔහු නටාෂා ගුණසේකර සමඟ එක්ව විවෘත මිශ්‍ර යුගල ශූරතාව දිනා ගනු ලැබුවේ ලකුණු 26-24ක් සහ 21-16ක් ලෙස මධුක දුලාංජන සහ බුත්මි ගලගමගේ පරාජය කරමිනි.

මේ අතර කාන්තා ඒකල අවසන් මහා තරගයේදී සුහස්නි විදානගේ ලකුණු 23-21ක් සහ 21-15ක් ලෙස පරාජයට පත් කරමින් ශූරතාව දිනූ වරංගනා  ලකුණු 21-18ක්, 18-21ක් සහ 21-17ක් ලෙස අනුරංගි මාස්කෝරල සහ සුහස්නි විදානගේ පරාජය කරමින් විවෘත ඒකල යුගල ශුරතාව දිනා ගනු ලැබුවේ රශ්මි මුදලිගේ සමඟ එක්වය.

අවුරුදු 19න් පහළ බාලක ඒකල ශූරතාව දිනාගනු ලැබුවේ ලකුණු 21-17ක් සහ 21-17ක් ලෙස පුළිණ වෙල්ලාලගේ පරාජයට පත් කළ තිළිණ රාජකරුණා විසිනි. 19න් පහළ බාලක යුගල ශූරතාව දිනා ගනු ලැබුවේ ලකුණු 21-14ක් සහ 21-9ක් ලෙස තාරුක අබේරත්න සහ ඔමේධ ඉරුෂාන් පරාජයට පත් කළ තිළිණ රාජකරුණා සහ සංජුල හඳපාන්ගොඩ විසිනි.

කාන්තා විවෘත ඒකල ශූරතාව දිනූ වරංගනා ජයවර්ධන ලකුණු 21-16ක් සහ 21-15ක් ලෙස ප්‍රවීණා විජේසුන්දර පරාජය කරමින් අවුරුදු 19න් පහළ බාලිකා ඒකල ශූරතාව දිනා ගැනීම කැපී පෙනිණි. ඉරූෂි අමන්දි සහ ප්‍රවීණා විජේසුන්දර  ලකුණු 18-21ක්, 21-18ක් සහ 21-19ක් ලෙස පරාජය කරමින් අවුරුදු 19න් පහළ බාලිකා යුගල ශූරතාව දිනා ගැනීමට නටාෂා ගුණසේකර සහ රශ්මි මුදලිගේ සමත්වූහ.

විවෘත, ජ්‍යෙෂ්ඨ, කනිෂ්ට හා පළඟ වශයෙන් කාණ්ඩ 4ක් යටතේ පැවැති SSC / WPBA සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ කනිෂ්ට තරග කාණ්ඩයට අවුරුදු 11න් පහළ, 13න් පහළ, 15න් පහළ, 17න් පහළ සහ අවුරුදු 19න් පහළ බාලක ඒකල හා යුගල සහ බාලිකා ඒකල සහ යුගල තරග ඉසව් ඇතුළත් වූ අතර, ජ්‍යෙෂ්ඨ තරග කාණ්ඩයට අවුරුදු 30න් ඉහළ, 35න් ඉහළ, 40න් ඉහළ, 45න් ඉහළ, 50න් ඉහළ, 55න් ඉහළ, 60න් ඉහළ, 65න් ඉහළ සහ අවුරුදු 70න් ඉහළ පිරිමි ඒකල හා යුගල, කාන්තා ඒකල හා යුගල සමඟ මිශ්‍ර යුගල තරග ඉසව් ඇතුළත් විය.

SSC / WPBA සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය Mcfoil, Mobil, Li-Ning, 3M සහ GAC අනුග්‍රාහකත්වයෙන් යුතුව පැවැත්විණි.

 


 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව