
ශ්‍රී ලංකාවේ පාරිභෝගික භාණ්ඩ අලෙවියේ ප්‍රමුඛයින් වන සිංගර් (ශ්‍රී ලංකා) සමාගම, Sony ඉන්ටර්නැෂනල් හා එක්ව නවතම OLED රුපවාහිනී සහ HIFI ඕඩියෝ සිස්ටම් පෙළක් ශ්‍රී ලංකා වෙළඳපලට හඳුන්වා දෙයි. පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී මෙම හඳුන්වාදීම අති උත්සවාකාරයෙන් පැවති අතර ඒ සඳහා සිංගර් ශ්‍රී ලංකා සහ Sony ඉන්ටර්නැෂනල් හි කළමනාකාරිත්වය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.
ශ්‍රී ලාංකීය වෙළඳපල තුළ අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති Bravia OLED නිෂ්පාදන පෙළ සඳහා නවතම වැඩිදියුණු කල රූපවාහිනි පෙළක් A9G Premium OLED TV, A9G 4K OLED TV, A8G 4K OLED TV, X70G 4K HDR TV, W660G 2K TV ලෙසින් හඳුන්වා දුන් අතර, මෙයට සමගාමීව MHC-V82, MHC-V42D ,MHC-V02 සහ GTK-PG10 HIFI ඕඩියෝ ස්පීකර් පෙළක් සහ Noise Cancelling පහසුකම සහිත WH-1000XM3 හෙඩ්ෆෝන් හඳුන්වා දීමක්ද සිදු කෙරිණි.
මෙම නවතම නිෂ්පාදන පෙළ හදුන්වාදීමේ අවස්ථාවේදී අදහස් දැක්වූ සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි මහේෂ් විජේවර්ධන මහතා සඳහන් කළේ නිරන්තරයෙන් හොඳම නිෂ්පාදන, සේවා සමග පාරිභෝගිකයා වෙත නවීන තාක්ෂණය තිළිණ කරන සිංගර් විසින් Sony හා එක්ව සිදුකරන මෙම හඳුන්වාදීම මෙරට ජනතාවට තවත් නැවුම් අත්දැකීමක් වනු ඇති බවයි. මෙම නව හදුන්වා දීම් මගින් මෙරට ඇති නවීනතම තාක්ෂණයෙන් යුතු රූපවාහිනි සහ HIFI ඕඩියෝ සිස්ටම් පරිහරණය කිරීමට ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාට අවස්ථාව හිමිවන බවද හෙතෙම කියා සිටියේය.
මෙම අවස්ථාව ඇමතූ Sony ඉන්ටර්නැෂනල් (සිංගප්පූරු) සමාගමේ ශ්‍රී ලංකා කාර්යාලයේ ශාඛා ප්‍රධානි ජස්ටින් වොන්ග් සඳහන් කළේ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමුඛ හඳුන්වා දීම් රැසක් ශ්‍රී ලංකාවට තිළිණ කිරීමට Sony, සිංගර් හා එක්ව කටයුතු කර ඇති බවයි. පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය සම්පුර්ණ කෙරෙන උසස් තත්වයේ නිෂ්පාදන නිරතුරුවම Sony වෙතින් හදුන්වා දෙන බව ද එම ක්‍රියාදාමයේදී සිංගර් හා අත්වැල් බැඳ ගැනීමට හැකි වීම පිළිබඳ සතුටට පත් වන බවත්, සිංගර් සතු විශාල බෙදාහැරීම් ජාලය සහ ඔවුන් කෙරෙහි පාරිභෝගිකයා තබා ඇති විශ්වාසය සිය සමාගමට විශාල ශක්තියක් බවත් හෙතෙම කීහ.
Sony යන සන්නාමය ඇසූ පමණින්ම වඩා සුපැහැදිලි රූප සහිත රූපවාහිනී ඔනෑම අයෙකුට සිහිපත් වන අතර මෙහිදී හඳුන්වා දුන් නවතම රුපවාහිනී මාදිළි හරහා නිවසේ සිට උසස් තත්වයේ රූප රාමු නැරඹීමේ අවස්ථාව පාරිභෝගිකයින් හට උදා කර දෙයි. මෙහිදී හඳුන්වා දුන් A9 Premium නවතම Flagship 4K OLED රුපවාහිනි මාදිලිය වඩා සුපැහැදිලි, ත්‍රීව්‍ර වර්ණ සඳහා X1™ ප්‍රොසෙසරයක් සහිතව අඟල් 77″, 65″ සහ 55″ ප්‍රමාණ වලින් මිලදී ගත හැකි අතර, එහි භාවිත කර තිබෙන OLED තාක්ෂණය සහ ස්මාර්ට් TV මෙහෙයුම් පද්ධතිය හරහා නරඹන්නාට පුළුල් හා පැහැදිලි රුපවාහිනී අත්දැකීමක් හිමි වනු ඇත. තවද මෙහි ඇති සුවිශේෂීම විශේෂත්වය වනුයේ Triluminos වර්ණ තාක්ෂණයයි.
මෙහිදී හඳුන්වා දුන් A8G මාදිලියේ රූපවාහිනී තුළින් කළු වැනි ගැඹුරු වර්ණයන් මෙන්ම පරිපූර්ණ වර්ණාවලියකින් යුතු රූපවාහිනී අත්දැකීමක් නරඹන්නාට හිමි කර දෙන අතර පුළුල් පරාසයක හිඳ නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසයි. අඩ සියවසකටත් අධික කාලයක් ලොව පුරා ජනාදරයට පත් Sony හි රූප ප්‍රසාරණය කිරීමේ විශේෂඥ තාක්ෂණික කුසලතාව අනුව මිලියන 8ක් පමන වන OLED pixels මගින් රූප සජීවිකරණය කෙරෙන අතර 4K HDR තාක්ෂණික මගින් එය වඩා ත්‍රීව්‍ර කරවයි. එමෙන්ම Acoustic Surface තාක්ෂණය මගින් වඩා සුපැහැදිලි ශබ්ද තිළිණ කෙරෙන අතර පරිපූර්ණ රසවින්දනාත්මක අත්දැකීමක් එමගින් නිර්මාණය කෙරෙයි. නවතම A8G මාදිලිය X1 Extreme ප්‍රොසෙසරයක් සහිතව අගල් “65 සහ 55’’ ප්‍රමාණයෙන් වෙළඳ පලට හදුන්වා දී තිබෙන අතර Dolby Vision හා සමගාමීව ක්‍රියාත්මක වන අතර HDR මාදිලියේ ක්‍රියාකාරීත්වයෙන්ද යුක්ත වෙයි. මෙමගින් වඩාත්ම සිනමාත්මක, ආකර්ශණීය, රූපමය අත්දැකීමක් අත්විඳීමට අවස්ථාව පාරිභෝගිකයාට හිමිවෙයි. තවද මෙම මාදිලියෙහි ඇති සුවිශේෂීම විශේෂාංගය නම් ගූගල් වෙතින් එනYouTube™, Netflix, සහ Amazon වීඩියෝ ඇතුළු බොහෝ පරාසයක විසුරුණු යෙදවුම් (Apps) භාවිත කිරීමේ හැකියාවයි.
මීට අමතරව හඳුන්වා දෙන ලද X70G මාදිලිය අඟල් 43″, 33″, 65″ සහ 75″ ප්‍රමාණ වලින් වෙළඳපල තුළ දැකගත හැකි වන අතර එය උසස් තත්වයේ සුපැහැදිලි රූප සහිත රූපවාහිනී මාදිලියක් වෙයි. මෙම මාදිලියෙහි ඇති විශේෂත්වය වනුයේ 4K X-Reality™ PRO වැඩිදියුණු කල තාක්ෂණය භාවිතා කරමින් නිපදවා තිබීමයි. මේ හරහා ඉතා තියුණු සහ වර්ණවත් රූප දැක බලා ගැනීමේ හැකියාව නරඹන්නාට උදා වන අතර TRILUMINOS තිරය හරහා එම අත්දැකීම තවත් වර්ණවත් සහ පුළුල් වේ. තවද මෑත කාලීන බොහෝ පිරිසකගේ අතවශ්‍ය වුවමනාවක් වන රූපවාහිනිය හරහා YouTube නැරඹීමේ පහසුකමද මෙම මාදිළිය තුළදී ඉතා පහසු කරමින් අතර එහි දුරස්ථපාලකය සඳහා YouTube button එක් කර ඇත. තවද USB drive සහ ස්මාර්ට් දුරකථනය රූපවාහිනිය හා සම්බන්ධ කිරීමේ හැකියාව නිසා තමන් වඩාත් ප්‍රිය කරන වීඩියෝ පුළුල් තිරයක දැක බලා ගැනීමේ හැකියාව පාරිභෝගිකයින්ට ලැබෙන අතර X70G හි Smart Plug තාක්ෂණය හරහා ඉතා පහසුවෙන් රූපවාහිනිය හරහා වීඩියෝ, ඡායාරූප සහ ගීත හුවමාරු කර ගත හැක.
නවතම W660G රූපවාහිනි මාදිලිය වඩා සුපැහැදිලි, ත්‍රීව්‍ර වර්ණ සඳහා X Reality™ PRO සහිතව වෙළඳ පලට හදුන්වා දී තිබෙන අතර කිසිදු ආතතියකින් තොර නැරඹුම් අත්දැකීමක් සඳහා මෙම මාදිළිය තුළ තවත් විශේෂාංග රැසක් එක් කර ඇති අතර, ඉතා කඩිනමින් යෙදුම් ක්‍රියාත්මක කිරීමේ හැකියාව සහ ප්‍රතිචාර දැක්වීම, විවිධ නාලිකා වෙනස් කිරීම, සහ අනිකුත් පහසුකම් ක්‍රියාත්මක කරවීම විශේෂ වේ. මෙම මාදිළිය අඟල් 43″ සහ 50” ප්‍රමාණ වලින් වෙළඳපල තුළ දැකගත හැකි වේ
මෙම හඳුන්වාදීමේ උළෙලේදී HIFI ඕඩියෝ ස්පීකර් පද්ධති 4ක් MHC- V82D,MHC-V42D, MHC-VO2 ලෙස හඳුන්වා දුන් අතර සියලු පද්ධති ඕනෑම ගෘහස්ථ පරිසරයක් සඳහා සුදුසු වන ආකාරයට නිපදවා තිබේ.මෙම සියලු ඕඩියෝ පද්ධති ශබ්දය නිපදවිය හැකි සහ පැතිරවිය හැකි ක්‍රමවේද වලින් සමන්විත වන නිසා වැඩි බලයකින් පුළුල් පරාසයක් පුරා ශබ්දය පතුරුවාලීමට හැකියාව ලැබේ.
MHC- V82D ස්පීකර් මාදිළිය පැහැදිළි සහ ගැඹුරු ශබ්ද ජනනය වන ආකාරයේ Jet Bass booster සමඟ පැමිණේන අතර පරිශ්‍රය තුළ ඕනෑම අයකුට කිසිඳු බාධාවකින් තොරව එකම මට්ටමකින් ශබ්දය ලබා දීම සඳහා rear tweeters, angled speakers සහ spread sound generator මඟින් මෙම පද්ධති බලගන්වා ඇත. තවද මෙහි ඇති Live sound mode හි ඩිජිටල් සිග්නල් ප්‍රොසෙසින්ග් හරහා පුළුල් පරාසයකට ශබ්දය පැතිරීම පහසු කරයි. V42D සහ MHC-VO2 මාදිලියේ ස්පීකර් ද පැහැදිළි හඬක් ලබා ගැනීම සඳහා Jet Bass Booster සමඟ පැමිණෙන අතර, වඩාත් ත්‍රිමාණ ශබ්ද අත්දැකීමක් සඳහා ඩිජිටල් සිග්නල් ප්‍රොසෙසින්ග් තාක්ෂණය මඟින් බල ගන්වා ඇත. තවද මෙම මාදිලියෙහි ඇති විශේෂත්වය වනුයේ අවට සිටින පුද්ගලයින් සමඟ පූර්ණ අන්තර් ක්‍රියාකාරිත්වයක් සහතික කෙරෙන, විනෝද ක්‍රීඩා ඇතුළත් Music Center App හා fiestable app සමග අනුකූල වීමයි.
මෙම නවතම රූපවාහිනී සහ ඕඩියෝ නිෂ්පාදන දිවයින පුරා පිහිටි සිංගර් ප්ලස්, සිංගර් මෙගා සහ දිවයින පුරා විසුරුණු සිංගර් අලෙවි නියෝජිත ජාලයන් තුලින්ද, නුදුරේදීම ආරම්භ වීමට නියමිත One Galle Face Mall හිදි මිළදී ගත හැක. පාරිභෝගික පහසුව වෙනුවෙන් පොලි රහිත ගෙවීම් ක්‍රම, විශේෂ මිල අඩුකිරීම්, සිංගර් වට්ටම්, පහසු ගෙවීමේ ක්‍රම, ක්‍රෙඩිට් කාඩ් සඳහා පොළී රහිත ගෙවීම් ක්‍රම ආදී වරප්‍රසාද රැසක් මෙම භාණ්ඩ මිලදී ගැනීමේදී හිමි වීම විශේෂත්වයකි.