SMR Consolidated සමාගමට 30 වැනි NCE වාර්ෂික අපනයන සම්මාන උළෙලේදී ලෝකඩ සම්මානයක්

NCE Award Pic (LBN)

 



 

 

ශ්‍රී ලංකාවේ ආහාාරයට ගත හැකි තෙල් හා මේද නිෂ්පාදනය, පිරිපහදු කිරීම සහ අපනයනය සම්බන්ධ ප්‍රමුඛතම සමාගමක් වන SMR Consolidated (Sena Mills and Refineries Pvt Ltd) සමාගම, පසුගියදා පැවති 30 වන NCE වාර්ෂික අපනයන සම්මාන උළෙලේදී ලෝකඩ සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. 2022 දෙසැම්බර් 02 දින කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී මෙම සම්මාන උළෙල පැවැත්වුණු අතර, එහිදී සමාගම වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී අමල් ඉන්ද්‍රජිත් මහතා විසින් සම්මානය පිළිගන්නා ලදි.

“මෙවැනි ගෞරවණීය සම්මානයකින් පිදුම් ලැබීමට හැකි වීමට අපට මහත් සතුටක්. ආරම්භයේ පටන්ම අප උසස් ප්‍රමිතිය සම්බන්ධයෙන් විශාල උනන්දුවක් දැක්වුවා. අපගේ නිෂ්පාදන අපනයන වෙළඳපොළ තුළ විශාල ජනප්‍රියත්වයක් දිනාගත්තේ ඒ නිසයි. අද වනවිට ලොව රටවල් රැසක අපගේ නිෂ්පාදන ඒවායෙහි ප්‍රමිතිය වෙනුවෙන් ඇගයීමට ලක්වෙනවා. අප ඇත්ත වශයෙන්ම ළඟා කරගැනීමට උත්සාහ කළ ඉලක්කය එයයි. 1960 වසරේදී කුඩා පොල්තෙල් නිෂ්පාදනාගාරයක් ලෙස ආරම්භ වූ අපගේ සමාගම, අඛණ්ඩව දියුණු වෙමින් පැමිණ පසුව එළවලු තෙල් වර්ග නිෂ්පාදනයට යොමු වුණා. 1997 වසරේදී, අපි ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අඛණ්ඩ පිරිපහදු පහසුකම් සහිත එළවලු තෙල් පිරිපහදුවක් ස්ථාපිත කළා. එදා පටන් මේ දක්වාම ගුණාත්මකභාවය සම්බන්ධයෙන් අප කර්මාන්තයේ ඉදිරියෙන්ම සිටිනවා. මෙම සම්මානය අප වෙත පිරිනැමීම සම්බන්ධයෙන් මෙම සම්මාන උළෙල සංවිධානය කළ ජාතික අපනයන වාණිජ මණ්ඩලයටත්, අපගේ නිෂ්පාදන කෙරෙහි අඛණ්ඩව විශ්වාසය තැබීම පිළිබඳව අපගේ පාරිභෝගිකයන්ටත් අපගේ ස්තූතිය මෙසේ පිරිනමනවා.” SMR Consolidated සමාගමේ ක්‍රමෝපායික ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී දිමන්ත නානායක්කාර මහතා පැවසී ය.

ජාතික අපනයන වාණිජ මණ්ඩලය (National Chamber of Exporters – NCE) මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අපනයන සම්මාන උළෙලේ අරමුණ වන්නේ, ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ ඉහළම සාර්ථකත්වයක් පෙන්නුම් කරන අපනයනකරුවන් ඇගයීමට ලක්කිරීම ය. ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින්, ඉතා දැඩි තේරීම් ක්‍රියාවලියකින් අනතුරුව මෙහි ජයග්‍රාහකයන් තෝරාගනු ලබයි. මෙම තේරීම් නිර්ණායකවලදී පෙර වසර 3 තුළ මූල්‍ය ක්‍රියාකාරීත්වය, අපනයන ක්‍රියාකාරීත්වය, අගය එකතු කිරීම, විදේශ විනිමය ඉපැයීම්, ඵලදායී කළමනාකරණය, සන්නාමකරණය සහ පර්යේෂණ හා සංවර්ධන කටයුතු ආදිය සැලකිල්ලට ගැනේ.

ගුණාත්මකභාවය සම්බන්ධයෙන් SMR Consolidated සමාගම දක්වන කැපවීම හේතුවෙන් එම සමාගම BRC, FSSC 22000, ISO, SEDEX, SMETA, FAIRTRADE Organic සහ Kosher ඇතුළු සහතිකකරණයන් රාශියක් හිමි වී තිබේ. 2022 වසරේදී සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මහද්වීප 6 ක රටවල් 35 ක් වෙත තම නිෂ්පාදන අපනයන කිරීමට සමාගම සමත් විය.

ජනතාවගේ යහපත අරමුණු කරගත් සහ තිරසාර ලෙස ව්‍යාපාර කටයුතු සිදුකරන සමාගමක් වශයෙන්, උසස් ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දීමට අමතරව, ශ්‍රී ලාංකිකයන්ගේ යහපත වෙනුවෙන් තවත් නොයෙක් අයුරින් දායක වීමට SMR Consolidated සමාගම කටයුතු කර ඇත. දේශීය හිමිකාරීත්වයක් යටතේ පවතින සමාගමක් වන එහි සෘජු රැකියා අවස්ථා හිමි වී ඇති සංඛ්‍යාව 1,000 ඉක්මවන අතර, තවත් 5,000 කට අධික පිරිසකට වක්‍ර ජීවනෝපාය අවස්ථාවන් උදාකර දෙමින් සමාගම මෙරට ග්‍රාමීය පවුල් 6,000 කට අධික සංඛ්‍යාවකට අත්වැලක් වී තිබේ. එමෙන්ම ගෝලීය වෙළඳපොළට උසස් තත්ත්වයේ නිෂ්පාදන හඳුන්වා දෙමින් එය ශ්‍රී ලංකාවේ කීර්තිනාමය වර්ධනය කිරීමට කැපීපෙනෙන දායකත්වයක් ලබාදෙයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව