SLTMobitel, PEO TV සේවාව ඔස්සේ දරුවන්ගේ දුරස්ථ අධ්‍යාපනයට අත්වැලක්

PEOTV & PEOTVGO (1)

 




 

 

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, තම ප්‍රධානතම IPTV සේවාව වන SLTMobitel-PEOTV ඔස්සේ මෙරට දරුදැරියන්ගේ දුරස්ථ අධ්‍යාපනයට අත්වැලක් වීම සඳහා විශේෂ සේවාවන් රැසක් දියත් කර ඇත. මෙම සියලුම සේවාවන් SLTMobitel-PEOTV මඟින් ලබා ගත හැකි අතර ඕනෑම දරුවෙකුට SLTMobitel–Home broadband හෝ වෙනත් ඕනෑම සේවා ජාලයක් හරහා PEOTVGO App එක භාවිත කරමින්ද මෙම සේවාවන් ලබා ගත හැකිය.

SLTMobitel-PEOTV මගින් හඳුන්වා දෙනු ලබන පෙරළිකාරී සේවාවන් අතරට ‘විදැස’ රූපවාහිනී නාලිකා එකතුව සහ Education on Demand (EOD) සේවාව ඇතුළු සේවාවන් පෙළක් ඇතුළත් වී ඇත. ‘විදැස’ යනු 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා වන ශ්‍රේණි සඳහා වෙන්වූ නාලිකා 6 කින් සමන්විත සේවාවක් වන අතර, Education on Demand (EOD) ක්‍රමවේදය මගින් සිසුන්ට තම නිවෙස් වල සිටම, අවශ්‍ය ආකාරයට Pause සහ Rewind කරමින් අධ්‍යාපනික වැඩසටහන් නැරඹීමේ අවස්ථාව හිමි වේ. මෙම EOD සේවාවට රටේ ප්‍රමුඛතම අධ්‍යාපනික වැඩසටහන් නිෂ්පාදන ආයතන ලෙස සැලකෙන GURU, Candela, සහ DP Education වැනි ආයතන මගින් නිපදවන ලද අධ්‍යාපනික Video මාලාවන් ඇතුළත් වී ඇති අතර, තමන්ට කැමති පරිදි මෙම වැඩසටහන් නරඹමින් අධ්‍යාපනය ලැබීමට දරුවන්ට අවස්ථාව සලසා දී ඇත.

දැනට රටේ පවතින වසංගත තත්ත්වය හමුවේ වසරකට වැඩි කාලයක් තිස්සේ මෙරට පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට බාධා එල්ල වී තිබේ. මෙවැනි තත්ත්වයක් තුළ සෑම දරුවෙක්ටම බාධාවකින් තොරව අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය පහසුකම් සලසාදීම සඳහා SLTMobitel-PEOTV දැනටමත් විශාල කාර්යභාරයක් ඉටුකර ඇත.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් SLT සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසී ය. “සිසු සිසුවියන්ට තම අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට අවශ්‍ය සම්පත් ලබාදීම සඳහා අප නිරන්තරයෙන් උත්සාහ කරනවා. විශේෂයෙන්ම රටේ දැනට පවතින වසංගත තත්ත්වය හමුවේ, දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන්වූ රූපවාහිනී නාලිකා එකතුවක් ආරම්භ කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන ඇති තීරණය අප අගය කළ යුතුයි. මේ ජාතික මෙහෙවර ඉදිරියට ගෙන යාම උදෙසා අධ්‍යාපන අමාත්‍යංශය හා සමීපව කටයුතු කරන්නට ලැබීම බෙහෙවින්ම ප්‍රසාදයට කරුණක්. මේ සඳහා SLTMobitel-PEOTV සේවාව සතු සුවිශේෂී හැකියාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගනිමින්, උසස් තලයේ දුරස්ථ අධ්‍යාපන විසඳුම් පිරිනැමීම අපගේ බලාපොරොත්තුවයි. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ වැඩසටහන් අප වෙත ලබාදුන් සැණින් එම වැඩසටහන් විකාශය කිරීම ආරම්භ කිරීමට SLT-MOBITEL කණ්ඩායම සූදානමින් සිටිනවා.”

මෙම වැඩසටහන යටතේ අධ්‍යාපනික නාලිකා 20ක්, පැය 48ක් දක්වා Rewind කිරීමේ පහසුකම සමගින් SLTMobitel-PEOTV ඔස්සේ නැරඹීමේ අවස්ථාව ලබාදීමට මේ වනවිට සැලසුම් කර ඇත. අධ්‍යාපන අමාත්‍යංශයෙන් අදාළ වැඩසටහන් ලැබුණු වහාම දිවයින පුරා සිසු සිසුවියන් වෙනුවෙන් මෙම සේවාව ආරම්භ වීමට නියමිතව තිබේ. රටේ ඕනෑම තැනක සිටින ඕනෑම දරුවෙකුට Google Play Store හා AppStore හරහා PEOTVGO App එක Download කරගැනීම මඟින්ද, Smart දුරකථනයෙන්, Tablet හෝ Laptop පරිඝණකයෙන්ද මෙම සේවාව ලබාගැනීමේ හැකියාව ඇත.

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වශයෙන්, වසර 160 කට අධික කාලයක් තිසේ මෙරට දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට නායකත්වය දෙමින්, රටේ ජනතාවගේ ජීවිත වඩාත් යහපත් කිරීමට SLT සමූහය විශාල දායකත්වයක් ලබා දී ඇත. මිනිසුන් අතර සමීප සම්බන්ධතා ගොඩනැංවීමට මහෝපකාරී වන සන්නිවේදන පහසුකම් සහිත ශ්‍රී ලංකාවක් බිහිකිරීමට කැපවෙමින්, නවීනතම තාක්ෂණය ඔස්සේ දුරකථන, අන්තර්ජාල හා විනෝදාස්වාද සේවාවන් ඇතුළුව තවත් සේවාවන් රාශියක් සපයමින්, වඩාත් යහපත් හෙට දවසක් බිහිකිරීමට උදෙසා SLT-MOBITEL කැපවී සිටී. සමාජ ආර්ථික ප්‍රගතිය කෙරෙහි විශේෂ අවධානයකින් යුතුව මෙරට ඩිජිටල් තාක්ෂණ භාවිතය පුළුල් කිරීමට උත්සාහ කරන SLT-MOBITEL, සමස්ත සමාජයටම  යහපත සලසන වගකීම් සහගත සමාගමකි. SLT සමූහයේ ගමන් මග, මිනිසුන් එකිනෙකා හා බැඳෙමින්, සමාජයක් ලෙස සෞභාග්‍යය කරා ගමන් කරමින්, ව්‍යාපාර වල වර්ධනය තහවුරු කරමින් සහ පරම්පරා ගණනාවක දියුණුවට මංපෙත් විවර කරමින් ඉදිරියට යන ගමනක් ලෙස හැඳින්විය හැකි වේ.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen − three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව