SLT-MOBITEL හඳුන්වා දෙන Doc Call 247 සේවාව හරහා නොමිලේ COVID-19 වෛද්‍ය උපදෙස්

Image

 




 

 

2021 අගෝස්තු 24, කොළඹ: ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, COVID-19 වසංගත තත්ත්වයට එරෙහි ජාතික ක්‍රියාන්විතය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ජනතාවට නොමිලේ වෛද්‍ය උපදෙස් ලබාදීමේ සේවාවක් හඳුන්වා දී ඇත. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සමග අත්වැල් බැඳගනිමින් හඳුන්වා දී ඇති මෙම සේවාව නම්කර ඇත්තේ ‘Doc Call 247’ යනුවෙනි.

මීට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සුවසැරිය ගිලන්රථ සේවාව මෙන්ම, ඩයලොග්, එයාර්ටෙල් සහ හච් යන දුරකථන සේවාවන්ද Doc Call 247 සමග එක්වී සිටී. එමගින් ශ්‍රී ලාංකිකයන් සියලුම දෙනාට මෙම සේවාව භාවිතා කිරීමට හැකියාව ලැබී ඇත.

රට තුළ COVID-19 රෝගීන් වාර්තා වීම ශීඝ්‍ර ලෙස ඉහළ යාමත් සමග සෞඛ්‍ය සේවාවන්ට බරපතළ අභියෝගයන් රැසකට මුහුණ දීමට සිදු වී තිබේ. Doc Call 247 සේවාවේ ඉලක්කය වන්නේ මෙම තත්ත්වය පාලනය කිරීමට අත්වැලක් වීම ය.

Doc Call 247 සේවාව ඔස්සේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු හා සම්බන්ධ වී, COVID-19 රෝගය සම්බන්ධ වැඩිදුර වෛද්‍ය උපදෙස් ලබාගැනීමට රෝගීන්ට මෙන්ම, ඔවුන් රැකබලා ගන්නා පුද්ගලයන්ටත් අවස්ථාව සැලසේ. මේ යටතේ මූලික මට්ටමේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන්ට නිවෙසේ සිට නිරෝධායනය වීමට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට හැකියාව පවතී.

SLT-MOBITEL ජංගම දුරකථන සේවාව හෝ වෙනත් ජංගම දුරකථන සේවාවක් ඔස්සේ 247 අංකය ඇමතීමෙන් මෙම සේවාව ලබාගත හැකි අතර, SLT-MOBITEL ස්ථාවර දුරකථන වලින් නම් 1247 අංකය ඇමතිය යුතු ය. මෙම සේවාව ඔස්සේ ලබාදෙන වෛද්‍ය උපදෙස් සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.

මුළුමහත් දේශයම පෙර නොවූවිරූ අභියෝගයකට මුහුණ දී සිටින තත්ත්වයක් තුළ, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඇතුළු පාර්ශ්වයන් සමග අත්වැල් බැඳගනිමින් සහ, ඩිජිටල් තාක්ෂණයේ මහිමයෙන් උපරිම ප්‍රයෝජන ලබමින්, රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් කාලීන පියවර ගැනීම සඳහා SLT-MOBITEL ඇපකැප වී සිටී.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව