SLT-MOBITEL සහ තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය එක්වී ශ්‍රී ලංකා රෝදපුටු ටෙනිස් කණ්ඩායමට උපහාර පුදයි

Picture2

 




 

 

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සමග එක්වී, ඉතාලියේදී පැවති 2021 රෝදපුටු ලෝක කුසලාන තරගාවලියේදී දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා රෝදපුටු ටෙනිස් කණ්ඩායමට උපහාර පිදීමට කටයුතු කළේ ය. මේ සඳහා විශේෂ උත්සවයක් පසුගියදා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. මෙහිදී SLT-MOBITEL විසින් කණ්ඩායමේ සෑම ක්‍රීඩකයෙකුටම රු. 1,000,000 බැගින් පිරිනමන ලද අතර, කණ්ඩායමේ පුහුණුකරුට රු. 250,000 ක මුදලක් පිරිනමන ලදි.

තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙම උත්සවයේ ත්‍යාග ප්‍රදානයට එක්වූ අතර, SLT සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න මහතා සහ ක්‍රීඩා අමාත්‍යංශයේ සහ SLT-MOBITEL හි නියෝජිතයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.

2021 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ  ශ්‍රී ලංකා රෝදපුටු ටෙනිස් කණ්ඩායමට සුරේෂ් ධර්මසේන, ලසන්ත රත්නවීර සහ ඩී.එම්. ගාමිණි යන ක්‍රීඩකයන් ඇතුළත් වූ අතර, කණ්ඩායමේ පුහුණුකරු ලෙස ජගත් වැලිකල මහතා කටයුතු කළේය. තරගාවලිය තුළදී බ්‍රසීලය, බෙල්ජියම සහ පෝලන්තය පරාජය කරමින් 6 වන ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

SLT-MOBITEL දිගු කාලයක පටන් මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටුකර තිබේ. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය ආත්ම විශ්වාසය වර්ධනය කරගනිමින්, රටට ගෞරවයක් රැගෙන ඒමට හැකි පසුබිමක් නිර්මාණය කර දීම මෙහි මූලික අරමුණ වී ඇත. විවිධ ක්‍රීඩාවන් සඳහා අනුග්‍රාහකත්වය ලබාදීම සහ ක්‍රීඩාවේ දියුණුව උදෙසා විවිධ වැඩසටහන් සංවිධානය කිරීම ඇතුළු ක්‍රම රාශියක් ඔස්සේ SLT-MOBITEL මෙලෙස ක්‍රීඩා ක්ෂේත්‍රය සවිබල ගන්වන අතර, රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැකියාවන් වර්ධනය කරමින් ඔවුන්ට ජාත්‍යන්තර තලයට පිවිසීම සඳහා අවස්ථාව ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය සකස් කර ඇති සැලසුම් වලටද තම පූර්ණ සහයෝගය ලබාදෙයි.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව