SLT-MOBITEL සහ STEMUP රටේ තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය නැංවීම සඳහා අත්වැල් බැඳගනී

Image 01 (LBN)

 



 

 

 

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙරට විද්‍යා තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත (Science, Technology, Engineering, and Mathematics (STEM) අධ්‍යාපනය නංවාලීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන් පසුගියදා STEMUP අධ්‍යාපන පදනම සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබී ය.

STEMUP පදනම යනු මෙරට STEM විෂයන් ඔස්සේ උපාධි හැදෑරීමට සහ රැකියා සොයාගැනීමට උනන්දු වන පුද්ගලයන්ට අත්වැලක් වීම අරමුණු කරගත් ලාභ නොලබන සංවිධානයකි. SLT-MOBITEL සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක සහ STEMUP අධ්‍යාපන පදනමේ සභාපති ප්‍රභාත් මාන්නප්පෙරුම යන මහත්වරුන් විසින් මෙම ගිවිසුමට අත්සන් තබන ලදී.

මෙම ගිවිසුමෙහි මූලික අරමුණ වන්නේ, රට පුරා STEM අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සහ තාක්ෂණික නවෝත්පාදනයන් මූලික කරගත් වඩාත් දියුණු ජාතික ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා දායක වීම ය. එමෙන්ම රටේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය නංවාලමින්, ආර්ථිකයේ සුභසිද්ධියට වැදගත් වන තිරසාර හා දීර්ඝකාලීන වැඩපිළිවෙළක වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මෙහි තවත් ඉලක්කයකි.

මෙම ගිවිසුම යටතේ ‘CoderDojo’ නිපුණතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාවට නැංවීමට SLT-MOBITEL සහ STEMUP පදනම බලාපොරොත්තු වෙයි. STEM අධ්‍යාපනය මත පදනම් වන ‘CoderDojo@SLT’ Coding, විවේචනාත්මක චින්තන හැකියාවන් මෙන්ම නිර්මාණශීලීත්වය, සහයෝගීතාව හා සන්නිවේදනය ප්‍රවර්ධනය කරන ක්‍රියාවලියකි. මෙම නිපුණතා සංවර්ධන වැඩසටහන් යටතේ සිසු සිසුවියන්ට ඔවුන්ගේම පර්යේෂණ ගැටලුවලට විවිධ දෘෂ්ටිකෝණවලින් විසඳුම් සෙවීමට අවස්ථාව ලැබේ.

‘CoderDojo @ SLT’ වැඩසටහන මගින් තරුණ පරපුරේ මූලිකත්වයෙන් සමාජය තුළ STEM විෂයන් සම්බන්ධයෙන් පවතින උනන්දුව වැඩි කිරීමට හැකි වනු ඇති අතර, සුහුරු ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ උත්සාහය සාර්ථක කරගැනීම සඳහා, රටේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉල්ලුම සහ සැපයුම අතර පරතරය පියවීමට මෙය කැපීපෙනෙන මෙහෙවරක් ඉටුකරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වැලිසර, මොරටුව සහ පේරාදෙණිය යන ප්‍රදේශවල පිහිටි SLT පුහුණු මධ්‍යස්ථානවලදී ‘CoderDojo@SLT’ පාඨමාලා පැවැත්වෙනු ඇත. නොමිලේ පැවැත්වෙන මෙම පාඨමාලා සඳහා වයස අවුරුදු 11 ත් 16 ත් අතර දරුවන්ට සහභාගී විය හැකි අතර, 0112956633 අංකයෙන් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැකි වේ.

“තරුණ පරපුරට STEM අධ්‍යාපනය හා පුහුණුව ලබාදීමට අප සෑම විටම උත්සාහ කරනවා. රටේ ආර්ථිකය දැනුම පදනම් කරගත් සුහුරු ආර්ථිකයක් බවට පත්කිරීම සඳහා එය අත්‍යවශ්‍යයි. තාක්ෂණ නවෝත්පාදනය පිළිබඳව ඔවුන්ගේ දැනුම හා උනන්දුව වර්ධනය කරමින්, තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ඔස්සේ ඔවුන් සවිබල ගන්වමින්, ඩිජිටල් අවකාශය ජයගැනීමට අවශ්‍ය පිටුබලය ඔවුන් වෙත ලබාදීම අපගේ ඉලක්කය වී තිබෙනවා.  මෙම හවුල්කාරීත්වය රටේ  STEM අධ්‍යාපනය පුළුල් කරමින්, තාක්ෂණය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන තරුණ තරුණියන් තුළ රැකියා සඳහා අවශ්‍ය දැනුම සහ ආකල්ප වර්ධනය කිරීම සඳහා කැපීපෙනෙන මෙහෙවරක් ඉටුකරනු ඇති බවට සැකයක් නැහැ.” SLT-MOBITEL සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක මහතා පැවසී ය.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 + one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව